ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 8/15 30 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යෙහෝවා සැම්සන්ට ශක්තිය දුන්නා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ශක්තිමත්ම මිනිසා
    මගේ බයිබල් කතන්දර පොත
  • ඔබේ හිසකෙස් ගැන ඔබ ළත වෙනවාද?
    2002 පිබිදෙව්!
  • බයිබලයේ සඳහන් ආශ්චර්යයන් විශ්වාස කළ හැකිද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 8/15 30 පි.

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න.

සැම්සන්ට ශක්තිය ලැබුණේ ඔහුගේ කොණ්ඩය නිසාද?

නැහැ. එම ශක්තිය ලැබුණේ දෙවිගෙන්. සැම්සන් නසරීතවරයෙක් නිසා ඔහු හා දෙවි අතර විශේෂ බැඳීමක් තිබුණා. ඔහුගේ කොණ්ඩය ඔහුට තිබූ ශක්තියේ සංකේතයක් පමණයි. දෙලීලා ඔහුගේ කොණ්ඩය කැපූ විට එම විශේෂ බැඳීම නැති වුණා.—4/15, 9වන පිටුව.

අපේ සිත රැකගැනීමට අපි කළ යුතු වැදගත් දේවල් තුන මොනවාද?

(1) නිසි පෝෂණය. හෘදය රැකගැනීමට පෝෂ්‍යදායී ආහාර ගැනීම අවශ්‍යයි. ඒ හා සමානව, අපි නිතිපතා දෙවි දෙන පෝෂණය ලබාගත යුතුයි. (2) ව්‍යායාම් කිරීම. වෙහෙස මහන්සිය නොබලා උද්‍යෝගයෙන් දේවසේවයේ යෙදෙනවා නම් එයින් අපේ සිත ශක්තිමත් වෙනවා. (3) සුදුසු පරිසරය. අපි ගැන සැලකිලිමත් වන සහෝදර සහෝදරියන් ඇසුරු කිරීමෙන් මානසික පීඩනය අඩු කරගන්න පුළුවන්.—4/15, 16වන පිටුව.

සැමියා හෝ බිරිඳ ද්‍රෝහි වූ පසු ඔවුන් අතර කලින් තිබූ විශ්වාසය නැවත ඇති කරගන්න පුළුවන් කොහොමද?

ඔවුන් (1) අවංක විය යුතුයි. (2) එකමුතුව වැඩ කළ යුතුයි. (3) නරක පුරුදු අත්හැරිය යුතුයි. (4) දිගටම අමනාපයෙන් නොසිට සමාව දී සමාව දුන් බව දැනෙන්න සැලැස්විය යුතුයි.—5/1, 12-15 පිටු.

අවමංගල්‍ය කතාවකදී ගීතාවලිය 116:15 සඳහන් දෙය මිය ගිය කෙනාට අදාළ කිරීම සුදුසු නැත්තේ ඇයි?

එහි පවසන්නේ “තමාට විශ්වාසවන්තව සිටින අයගේ මරණය යෙහෝවා දෙවි සුළුවට සලකන්නේ නැත” කියායි. දෙවිට සේවය කරන සෑම කෙනෙකුගේම ජීවිත ඔහු අනර්ඝ ලෙස සැලකුවත් එහි කතා කරන්නේ එක් එක් කෙනාගේ මරණය ගැන නොවෙයි. එහි පෙන්වන්නේ දෙවිගේ විශ්වාසවන්ත සෙනඟව සමූහයක් ලෙස පොළොවෙන් අතු ගා දමන්න දෙවි ඉඩ නොදෙන බවයි.—5/15, 22වන පිටුව.

කෝල්පෝටර්වරුන් කියන්නේ කාටද?

අද සිටින පුරෝගාමීන්ව 1931ට පෙර හැඳින්නුවේ කෝල්පෝටර්වරුන් ලෙසයි.—5/15, 31වන පිටුව.

බයිබලය අනික් පොත්වලට වඩා වෙනස් බව පැවසීමට ඇති හේතු මොනවාද?

එහි ඇති අනාවැකි බොහොමයක් ඉටු වී ඇති අතර ඉතිහාසය ගැනත් නිවැරදිව සඳහන් වී තිබෙනවා. නිවැරදි වෛද්‍ය උපදෙස්ද ඇතුළත්. එහි ඇති අදහස් අතර කිසිම ගැටීමක් නැහැ. ඒවා අදටත් ප්‍රායෝගිකයි.—6/1, 4-8 පිටු.

දානියෙල් 2:44හි සඳහන් “ඒ සියලු රාජ්‍යවල්” මොනවාද?

දානියෙල් විස්තර කළ අතිවිශාල රූපයේ විවිධ කොටස්වලින් නියෝජනය වන අධිරාජ්‍යයන්.—6/15, 17වන පිටුව.

බයිබල් අනාවැකිවලට අනුව බ්‍රිතාන්‍ය හා ඇමරිකානු අධිරාජ්‍යය හත්වෙනි ලෝක අධිරාජ්‍යය බවට පත් වුණේ කවදාද?

පළවෙනි ලෝක මහා යුද්ධය කාලයේදී ඇමරිකා එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය විශේෂ දේශපාලනික බැඳීමක් ඇති කරගත් අවස්ථාවේ සිටයි.—6/15, 19වන පිටුව.

සමාව දුන් පසු දෙවි ඒවා නැවත මතක් කරනවාද?

යෙහෝවා දෙවි තම සේවකයන්ට මෙසේ පොරොන්දු වී තිබෙනවා. ‘ඔබ කළ පව් නැවත කිසිදාක සිහි නොකරන්නෙමි.’ (යෙරෙ. 31:34) යේසුස්ගේ ජීවිත පූජාවේ පදනම මත වැරදිවලට සමාව දෙන ඔහු එසේ කළ පසු ඒ වැරදි යළි සිහි කරමින් අපට දඬුවම් කරන්නේ නැහැ.—7/1, 18වන පිටුව.

බයිබලයේ සඳහන් ආශ්චර්යයන් විශ්වාස කරන්න පුළුවන් ඇයි?

ආශ්චර්යයන් සිදු කළේ හොර රහසේ නෙවෙයි. ප්‍රසිද්ධියේ ඒවා සිදු කළේ ප්‍රදර්ශනය කිරීමට නොව දෙවිව ගෞරවයට පත් කිරීම සඳහායි. එම ආශ්චර්යයන්වල විවිධත්වයක් තිබුණා. යේසුස් කළ ආශ්චර්යයන් ඔහුගේ සතුරෝ පවා පිළිගත්තා. බයිබලයේ සඳහන් ආශ්චර්යයන් විශ්වාස කිරීමට ඒ හේතු අපිට උපකාර වෙනවා.—8/1, 7-8 පිටු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න