ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 ජූනි 32 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • ඔබ දැන සිටියාද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් දේවමාලිගාව පවිත්‍ර කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • දේවමාලිගාව නැවතත් පවිත්‍ර කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස් දේවමාළිගාව පිරිසිදු කරයි
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 ජූනි 32 පි.
දේවමාලිගාවේ විකුණමින්ද මිල දී ගනිමින්ද සිටි අයව යේසුස් පිටතට එළවා දමමින්

ඔබ දැන සිටියාද?

දේවමාලිගාවේ වෙළදාම් කරපු අයව යේසුස් “කොල්ලකාරයන්” විදිහට හඳුන්වපු එක සාධාරණද?

මතෙව් පොතේ මෙහෙම සඳහන් වෙනවා. “යේසුස් දේවමාලිගාවට ඇතුල් වී, එහි විකුණමින්ද මිල දී ගනිමින්ද සිටි සියල්ලන්ව එතැනින් පිටතට එළවා දමා මුදල් මාරු කරන්නන්ගේ මේසද පරෙවියන් විකුණමින් සිටි අයගේ බංකුද පෙරළා දමා, ‘“මාගේ ගෘහය යාච්ඤා ගෘහයක් ලෙස හඳුන්වනු ලබන්නේය” කියා ලියා තිබුණත් ඔබ එය කොල්ලකාරයන්ගේ ගුහාවක් කරනවා’ කියා ඔවුන්ට කීවේය.”—මතෙ. 21:12, 13.

දේවමාලිගාවේ හිටපු වෙළෙන්දෝ අසාධාරණ මිල ගණන් අය කරලා පාරිභෝගිකයන්ව සූරා කෑවා කියලා යුදෙව් ඉතිහාස වාර්තා බලද්දී පැහැදිලියි. “මිෂ්නා” කියන යුදෙව් ලියවිල්ලේ සඳහන් වෙන විදිහට පූජා ඔප්පු කරන්න ගත්ත පරෙවි ජෝඩුවකගේ මිල මුල් සියවසේදී රන් ඩිනාරියක් දක්වා වැඩි වුණා. ඒක සාමාන්‍යයෙන් කම්කරුවෙක් දවස් 25ක් වැඩ කරලා උපයන මුදලට සමානයි. නීතියට අනුව දුප්පත් අයට පරෙවියන්, කොබෙයියන් පූජා කරන්න අවසර තිබුණා. ඒත් වෙළෙන්දෝ ඒ සතුන්ව විකුණුවේ ගිනි ගණන්වලට. (ලෙවී. 1:14; 5:7; 12:6-8) රබ්බිවරයෙක් වුණ සිමියොන් බෙන් ගමාලියෙල් ඒකට තදින්ම විරුද්ධ වුණා. පූජා ඔප්පු කරන්න ගේන්න ඕන සතුන් ගණන එයා අඩු කළා. එතකොට එකපාරටම වෙළෙන්දෝ පරෙවි ජෝඩුවකගේ මිල සිය ගුණයකින් විතර පහළ බැස්සුවා.

මිනිසුන්ව සූරන් කෑව, මුදලට කෑදර ඒ වෙළෙන්දන්ව “කොල්ලකාරයන්” විදිහට යේසුස් හඳුන්වපු එක සාධාරණයි කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න