පාසැල් පුනරීක්ෂණය
මෙහි ඇති ප්‍රශ්න 2010 පෙබරවාරි 22න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී සලකා බලයි. වර්ෂ 2010 ජනවාරි 4 සිට පෙබරවාරි 22 දක්වා සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 20කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවයි.
1. අප පරෙස්සම් විය යුත්තේ කුමන නැඹුරුවාවෙන්ද? (යොෂු. 22:9-12, 21-33) [w04 12/1 12 පි. 3 ඡේ.]
2. යොෂුවා 24:14, 15හි සඳහන් පරිදි තමන් කළ දේ පැවසීමට යොෂුවා පෙලඹුණේ කුමක් නිසාද? මෙය අපට බලපෑ යුත්තේ කෙසේද? [w08 5/15 17-18 පි. 4-6 ඡේ.]
3. බාල් දෙවිවරුන්ට නමස්කාර කරන්නන් හා ඒ අයගේ නමස්කාර ක්‍රම ඊශ්‍රායෙල්වරුන්ට උගුලක් වුණේ කොහොමද? (විනි. 2:3) [w08 2/15 27 පි. 2-3 ඡේ.]
4. ඒහුද් නිර්භීත ලෙස කඩුව පාවිච්චි කිරීමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (විනි. 3:16, 21) [w97 3/15 31 පි. 4 ඡේ.]
5. ගිඩියොන්ව සහ ඔහුගේ මිනිසුන් 300දෙනාව යෙහෝවා දෙවි ගැලවූ ආකාරය අධ්‍යයනය කිරීමෙන් අපට ලැබෙන්නේ මොන වගේ දිරිගැන්වීමක්ද? (විනි. 7:19-22) [w05 7/15 16 පි. 8 ඡේ.]
6. ‘ඊශ්‍රායෙල්වරුන් අද්දකිමින් සිටි මහත් වේදනාව බලා සිටීමට’ යෙහෝවා දෙවිට නොහැකි වුණේ ඇයි? (විනි. 10:16) [cl 254-255 පි. 10-11 ඡේ.]
7. යෙප්තා දෙවිට භාරයක් වූ අවස්ථාවේදී ඔහුගේ මනසේ තිබුණේ මිනිස් යාගයක් දීම ගැනද? (විනි. 11:30, 31) [w05 1/15 26 පි. 1 ඡේ.]
8. සම්සොන්ගේ ශක්තිය ඇත්තෙන්ම තිබුණේ ඔහුගේ හිසකෙස්වලද? (විනි. 16:18-20) [w05 3/15 28 පි. 5-6 ඡේ.]
9. විනිශ්චයකරුවෝ 16:3හි විස්තර කර ඇති සම්සොන්ගේ පුදුම ක්‍රියාව තේරුම්ගැනීම අපට උපකාරයක් වන්නේ කෙසේද? [w04 10/15 15-16 පි. 7-8 ඡේ.]
10. විනිශ්චයකරුවෝ 16:16හි සඳහන් සිද්ධියෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? [w05 1/15 27 පි. 5 ඡේ.]