ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w21 පෙබරවාරි 25 පි.
  • මේ හැම දෙයක්ම වුණේ එක හිනාවක් නිසයි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ හැම දෙයක්ම වුණේ එක හිනාවක් නිසයි!
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • බාල වියේ පටන් අපේ මැවුම්කරුව සිහි කරමින්
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මව්වරුන්ගේ දහසකුත් වැඩ
    2002 පිබිදෙව්!
  • පොදු සේවයේ සාර්ථක ප්‍රතිඵල
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ජීවිතයේ අරුත සඳහා මගේ සාර්ථක සෙවීම
    1995 පිබිදෙව්!
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w21 පෙබරවාරි 25 පි.

මේ හැම දෙයක්ම වුණේ එක හිනාවක් නිසයි!

ජංගම පුවරුව ළඟ ඉන්න හෙලන් හරිම මිත්‍රශීලී විදිහට අනිත් අය එක්ක හිනා වෙනවා. තරුණියන් දෙන්නෙක් එතනින් යනවා.

පිලිපීනයේ බාජියෝ නගරයේ ව්‍යාපාරික ප්‍රදේශයක තරුණියන් දෙන්නෙක් ගමන් කරමින් හිටියා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පාරේ අයිනේ ජංගම පුවරුවක් තියන් ඉන්නවා එයාලා දැක්කත් එයාලා නතර වෙන්නේ නැතිව දිගටම ගියා. හැබැයි ජංගම පුවරුව තියන් හිටපු සහෝදරි හෙලන් එයාලත් එක්ක හරිම මිත්‍රශීලී විදිහට හිනා වුණා. ඒ හිනාව නම් එයාලට අමතක වුණේ නැහැ.

ඊටපස්සේ එයාලා බස් එකේ ගෙදර යද්දී නමස්කාර මධ්‍යස්ථානයක jw.org කියන බෝඩ් එකක් දැක්කා. සාක්ෂිකරුවන් තියන් හිටපු ජංගම පුවරුවලත් ගහලා තිබුණේ ඒ අකුරුමයි කියලා එයාලට මතක් වුණා. ඊටපස්සේ එයාලා බස් එකෙන් බැහැලා නමස්කාර මධ්‍යස්ථානය තිබුණු තැනට ගියා. ඒ නමස්කාර මධ්‍යස්ථානයේ රැස්වීම් පවත්වන දවස් සහ වෙලාවන් ගැන ගේට්ටුවේ ගහලා තිබ්බ දැන්වීම් පුවරුවකින් එයාලා දැනගත්තා.

ඒ තරුණියන් දෙන්නා නමස්කාර මධ්‍යස්ථානයේදී හෙලන් එක්ක හිනා වෙනවා.

වැඩි දවසක් යන්න කලින් ඒ රැස්වීමකට යන්න එයාලා තීරණය කළා. එයාලා නමස්කාර මධ්‍යස්ථානයට ඇතුල් වෙද්දිම එයාලා දැක්කේ කාවද දන්නවාද? හෙලන්ව. එදා එයාලත් එක්ක හිනා වුණේ හෙලන් කියලා එයාලා ඉක්මනින්ම අඳුනගත්තා. ඒ ගැන හෙලන් මෙහෙම කියනවා. “ඒ අය මං ගාවට එද්දී මට පොඩි බයක් දැනුණා. මං හිතුවා මගේ අතින් මොකක් හරි වරදක් වුණාද දන්නෑ කියලා.” හැබැයි ඒ තරුණියන් වෙච්ච දේ එයාට පැහැදිලි කළා.

රැස්වීම්වලින් ඉගෙනගත්ත දේවල් ගැනත් සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරන්න ලැබුණ එක ගැනත් එයාලා ගොඩක් සතුටු වුණා. රැස්වීමට ගිය මුල් වතාවට වුණත් එයාලට කිසි බයක් දැනුණේ නැහැ. රැස්වීමෙන් පස්සේ අනිත් අය ශාලාව පිරිසිදු කරනවා දැකලා එයාලටත් ඒකට උදව් කරන්න පුළුවන්ද කියලා එයාලා ඇහුවා. ඒ තරුණියන් දෙන්නාගෙන් එක් කෙනෙක් වෙන රටකට ගියා. හැබැයි අනිත් කෙනා රැස්වීම් එන්නත් බයිබල් පාඩමක් කරන්නත් පටන්ගත්තා. ඒ හැම දෙයක්ම වුණේ එක හිනාවක් නිසයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න