ගණන් කතාව 33:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුන් පිටත්ව යන අතරතුර යෙහෝවා දෙවිගෙන් ඊජිප්තුවරුන් ලැබූ දඬුවම නිසා ඔවුහු මිය ගිය තම කුලුඳුලන්ව තැන්පත් කරමින් සිටියෝය.+ එසේ යෙහෝවා දෙවි ඊජිප්තුවරුන්ගේ දෙවිවරුන්ට පහර දුන්නේය.+ යෙසායා 19:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඊජිප්තුවට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ යෙහෝවා දෙවි වේගයෙන් ගමන් කරන වලාකුළක නැඟ+ ඊජිප්තුවට එන්නේය. ඊජිප්තුවේ කිසි කමකට නැති දෙවිවරු ඔහු ඉදිරියේ වෙවුලන්නෝය.+ ඊජිප්තුවරුද බියෙන් වෙවුලති.+ යෙරෙමියා 43:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහු ඊජිප්තුවේ බෙත්-ෂෙමෙෂ් නගරයෙහි* කුලුනු කඩා බිඳ දමනු ඇත. දෙවිවරුන්ගේ දේවාලද ඔහු ගින්නෙන් විනාශ කර දමනු ඇත.”’” ශෙපනියා 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි ඔවුන්ට විරුද්ධව ගෙනෙන දඬුවම ඉතා භයානකය.+ පොළොවේ වැසියන් නමස්කාර කරන සියලු දෙවිවරුන්ව ඔහු සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නේය.+ ඉන්පසු සියලුදෙනා තම තමන්ගේ ස්ථානයේ සිට දෙවිට නමස්කාර කරන්නෝය.+ දූපත්වල සියලු වැසියෝද ඔහුට නමස්කාර කරන්නෝය.’+
4 ඔවුන් පිටත්ව යන අතරතුර යෙහෝවා දෙවිගෙන් ඊජිප්තුවරුන් ලැබූ දඬුවම නිසා ඔවුහු මිය ගිය තම කුලුඳුලන්ව තැන්පත් කරමින් සිටියෝය.+ එසේ යෙහෝවා දෙවි ඊජිප්තුවරුන්ගේ දෙවිවරුන්ට පහර දුන්නේය.+
19 ඊජිප්තුවට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ යෙහෝවා දෙවි වේගයෙන් ගමන් කරන වලාකුළක නැඟ+ ඊජිප්තුවට එන්නේය. ඊජිප්තුවේ කිසි කමකට නැති දෙවිවරු ඔහු ඉදිරියේ වෙවුලන්නෝය.+ ඊජිප්තුවරුද බියෙන් වෙවුලති.+
13 ඔහු ඊජිප්තුවේ බෙත්-ෂෙමෙෂ් නගරයෙහි* කුලුනු කඩා බිඳ දමනු ඇත. දෙවිවරුන්ගේ දේවාලද ඔහු ගින්නෙන් විනාශ කර දමනු ඇත.”’”
11 යෙහෝවා දෙවි ඔවුන්ට විරුද්ධව ගෙනෙන දඬුවම ඉතා භයානකය.+ පොළොවේ වැසියන් නමස්කාර කරන සියලු දෙවිවරුන්ව ඔහු සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නේය.+ ඉන්පසු සියලුදෙනා තම තමන්ගේ ස්ථානයේ සිට දෙවිට නමස්කාර කරන්නෝය.+ දූපත්වල සියලු වැසියෝද ඔහුට නමස්කාර කරන්නෝය.’+