නික්මයාම 7:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එහෙත් ඊට කලින් ඔහු තම සිත මුරණ්ඩු කරගන්නේය. ඔහුට එසේ කිරීමට මම ඉඩහරින්නෙමි.+ ඉන්පසු මම ඊජිප්තු දේශයේදී බොහෝ ලකුණු පෙන්වන්නෙමි. දේශය පුරා බොහෝ ආශ්චර්යයන්ද සිදු කරන්නෙමි.+ ද්විතීය කතාව 2:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 නමුත් හෙෂ්බොන්හි රජු වූ සීහොන් තම සිත දැඩි කරගෙන අපිට ඔහුගේ දේශය හරහා යන්න ඉඩ දුන්නේ නැහැ. අපේ දෙවි වන යෙහෝවා ඔහුට එසේ මුරණ්ඩු වීමට ඉඩහැරියා.+ ඒ නිසා අපට හැකි වුණා ඔහුගෙන් ඒ දේශය ලබාගන්න.+ යොෂුවා 11:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එම නගරවල වැසියෝ මුරණ්ඩු වී+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කිරීමට තෝරාගත්හ. යෙහෝවා දෙවිද ඔවුන්ට එලෙස ක්‍රියා කිරීමට ඉඩහැර ඔවුන්ව විනාශ කිරීමට නියම කළේය. දෙවි කිසි අනුකම්පාවක් නොපෙන්වා+ ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ වී යෑමට ඉඩහැරියේය. යෙහෝවා දෙවි මෝසෙස්ට පවසා තිබූ ලෙසම සියල්ල සිදු විය.+ ගීතාවලිය 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දුෂ්ටයා උඩඟු ලෙස පීඩිත තැනැත්තාට පහර දීමට ඔහු පසුපස ලුහුබැඳ යන්නේය.+පීඩාවලින් හෙම්බත් වී සිටින ඔහු දුෂ්ටයාගේ උපායන්වලට හසු වන්නේය.+ හිතෝපදේශ 16:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 විනාශයට මුල උඩඟුකමය.+ වැටීමට හේතුව අහංකාර සිතකි.+
3 එහෙත් ඊට කලින් ඔහු තම සිත මුරණ්ඩු කරගන්නේය. ඔහුට එසේ කිරීමට මම ඉඩහරින්නෙමි.+ ඉන්පසු මම ඊජිප්තු දේශයේදී බොහෝ ලකුණු පෙන්වන්නෙමි. දේශය පුරා බොහෝ ආශ්චර්යයන්ද සිදු කරන්නෙමි.+
30 නමුත් හෙෂ්බොන්හි රජු වූ සීහොන් තම සිත දැඩි කරගෙන අපිට ඔහුගේ දේශය හරහා යන්න ඉඩ දුන්නේ නැහැ. අපේ දෙවි වන යෙහෝවා ඔහුට එසේ මුරණ්ඩු වීමට ඉඩහැරියා.+ ඒ නිසා අපට හැකි වුණා ඔහුගෙන් ඒ දේශය ලබාගන්න.+
20 එම නගරවල වැසියෝ මුරණ්ඩු වී+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කිරීමට තෝරාගත්හ. යෙහෝවා දෙවිද ඔවුන්ට එලෙස ක්‍රියා කිරීමට ඉඩහැර ඔවුන්ව විනාශ කිරීමට නියම කළේය. දෙවි කිසි අනුකම්පාවක් නොපෙන්වා+ ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ වී යෑමට ඉඩහැරියේය. යෙහෝවා දෙවි මෝසෙස්ට පවසා තිබූ ලෙසම සියල්ල සිදු විය.+
2 දුෂ්ටයා උඩඟු ලෙස පීඩිත තැනැත්තාට පහර දීමට ඔහු පසුපස ලුහුබැඳ යන්නේය.+පීඩාවලින් හෙම්බත් වී සිටින ඔහු දුෂ්ටයාගේ උපායන්වලට හසු වන්නේය.+