උත්පත්ති 45:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඉන්පසු ඔවුහු යෝසෙප් කී සියල්ල තම පියාට කීවෝය. යාකොබ් තමාව රැගෙන යෑමට යෝසෙප් එවා තිබූ කරත්ත දුටු විට ඔහුගේ සිත සතුටින් ඉපිල ගියේය.+ 1 සාමුවෙල් 30:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔවුහු වියළි අත්තික්කා කුට්ටියකින් කැබැල්ලක්ද වියළි මිදි කුට්ටි දෙකක්ද ඔහුට කන්න දුන්නෝය.+ ඔහු කෑ පසු ප්‍රාණවත් විය.+ මන්ද දවස් තුනක්ම ඔහුට කෑමවත් වතුරවත් ලැබී තිබුණේ නැත. ගීතාවලිය 34:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 පීඩිතව සිටින මම දෙවිට හඬගැසුවෙමි. එවිට යෙහෝවා දෙවි මට සවන් දුන්නේය.+මාගේ සියලු කරදරවලින් ඔහු මාව ගලවාගත්තේය.+ ගීතාවලිය 120:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 120 මාගේ විපතේදී මම යෙහෝවා දෙවිට කන්නලව් කළෙමි.+ඔහු මට පිළිතුරු දුන්නේය.+ යෙසායා 40:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 දෙවි විඩාවට පත් වූ අයට සවිය දෙයි.+ හෙම්බත් වූ අයව බොහෝ සෙයින් ශක්තිමත්+ කරයි.
27 ඉන්පසු ඔවුහු යෝසෙප් කී සියල්ල තම පියාට කීවෝය. යාකොබ් තමාව රැගෙන යෑමට යෝසෙප් එවා තිබූ කරත්ත දුටු විට ඔහුගේ සිත සතුටින් ඉපිල ගියේය.+
12 ඔවුහු වියළි අත්තික්කා කුට්ටියකින් කැබැල්ලක්ද වියළි මිදි කුට්ටි දෙකක්ද ඔහුට කන්න දුන්නෝය.+ ඔහු කෑ පසු ප්‍රාණවත් විය.+ මන්ද දවස් තුනක්ම ඔහුට කෑමවත් වතුරවත් ලැබී තිබුණේ නැත.
6 පීඩිතව සිටින මම දෙවිට හඬගැසුවෙමි. එවිට යෙහෝවා දෙවි මට සවන් දුන්නේය.+මාගේ සියලු කරදරවලින් ඔහු මාව ගලවාගත්තේය.+