ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 3:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔහු ඊශ්‍රායෙල් ජාතියේ විනිශ්චයකරුවෙකු ලෙස ක්‍රියා කළේය. යෙහෝවා දෙවිගේ බලය+ ඔහු තුළ ක්‍රියාත්මක විය. ඔහු යුද්ධයට ගිය විට යෙහෝවා දෙවි සිරියාවේ රජු වූ කූෂාන්-රිෂාතයිම්ව ඔහුට යටත් කර දුන්නේය.+

  • විනිශ්චයකරුවෝ 6:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 යෙහෝවා දෙවිගේ බලය+ ගිඩියොන් තුළ ක්‍රියාත්මක විය. ඔහු හොරණෑවක් පිම්බ විට+ අබි-එෂෙර්ගෙන් පැවතෙන්නෝ+ පැමිණ ඔහුට එකතු වූහ.

  • විනිශ්චයකරුවෝ 11:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 එවිට යෙහෝවා දෙවිගේ බලය යෙප්තා තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ ඔහු ගිලියද් සහ මනස්සේ දේශ මැදින් ගොස් ගිලියද් දේශයේ මිෂ්පේ නම් නුවර+ හරහා ගමන් කර අම්මොන්වරුන් අසලටම පැමිණියේය.

  • විනිශ්චයකරුවෝ 14:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ බලය සැම්සන් තුළ ක්‍රියාත්මක විය.+ එළු පැටවෙකුව ඉරා දමන්නාක් මෙන් ඉතා පහසුවෙන් ඔහු තම දෑතින් ඒ රෞද්‍ර සිංහයාව ඉරා දැමුවේය. ඔහු කළ ඒ දේ ගැන තම දෙමාපියන්ට කිසිවක් කීවේ නැත.

  • 1 සාමුවෙල් 10:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සාවුල් සහ ඔහුගේ සේවකයා කන්ද වෙත ඇවිදගෙන යද්දී ඔවුන්ට අනාගතවක්තෘවරුන් කණ්ඩායමක් හමු විය. ඒ මොහොතේදීම දෙවිගේ බලය සාවුල් තුළ ක්‍රියාත්මක විය.+ ඔහු ඒ අනාගතවක්තෘවරුන් අතරේ සිට ඔවුන් මෙන් මහත් උද්‍යෝගයකින් කතා කිරීමට පටන්ගත්තේය.+

  • 1 සාමුවෙල් 16:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එබැවින් සාමුවෙල් තෙල් භාජනය ගෙන,+ ඔහුගේ සහෝදරයන් ඉදිරියේ ඔහුව අභිෂේක කළේය. ඒ මොහොතේ සිට යෙහෝවා දෙවිගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ පසුව සාමුවෙල් රාමා+ බලා පිටත් විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න