ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 20:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “‘මට ද්‍රෝහි වෙමින් මායාකාරයන්ගෙන්+ හා ශාස්ත්‍ර කියන්නන්ගෙන්+ උපකාර පතන සියලුදෙනාවම මම ප්‍රතික්ෂේප කරන්නෙමි. මම ඔවුන් සමඟ මහත් සේ උදහස් වී ඔවුන්ව මරා දමන්නෙමි.+

  • ද්විතීය කතාව 18:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තම පුතාව හෝ දුවව හෝ ගින්නෙන් දවා පූජා නොකළ යුතුයි.+ පේන+ කියන්නවත් මන්තර ගුරුකම්+ කරන්නවත් නැකත්+ බලන්නවත් මායා බලයෙන්+ දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි.

  • 1 සාමුවෙල් 28:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඒ වන විට සාමුවෙල් ජීවතුන් අතර සිටියේ නැත. ඊශ්‍රායෙල් දේශයේ සියලු වැසියෝ ඔහු ගැන වැලපුණෝය. ඔහුගේම නුවර වන රාමාහි+ ඔහුව තැන්පත් කර තිබිණ. ඒ කාලයේදී සාවුල් රජ මායාකාරයන්වද ශාස්ත්‍ර කියන්නන්වද දේශයෙන් පන්නා දමා තිබිණ.+

  • 1 ලේකම් 10:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 සාවුල් රජු එලෙස මිය ගියේ ඔහු යෙහෝවා දෙවිට ද්‍රෝහි වී+ ක්‍රියා කළ නිසාය. එමෙන්ම ඔහු යෙහෝවා දෙවි අණ කළ දේට අකීකරු වී මායාකාරියකගෙන්+ උපකාර පැතීය.

  • යෙසායා 8:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “පක්ෂීන් මෙන් හඬ නඟන, හීන් හඬින්+ මතුරන මායාකාරයන්ගෙන්+ හෝ ශාස්ත්‍ර කියන්නන්ගෙන් විමසන්න” කියා ජනයා ඔබට කියති. එහෙත් ජනයා කාරණා විමසිය යුත්තේ තමන් නමස්කාර කරන දෙවිගෙන් නොවෙයිද?+ ජීවතුන් උදෙසා මිය ගිය අයගෙන් විමසිය යුතුද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න