ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 12:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 මෙසේ යෙරොබොවම් රජ ජනයාව පාපයට පෙලඹුවේය.+ ජනයා වස්සාට නමස්කාර කිරීමට දාන් දක්වා ගියෝය.

  • 1 රාජාවලිය 16:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඔහු නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවල+ නියැලුණා පමණක් නොව+ සීදොන් ජාතිකයන්ගේ+ රජු වූ එත්බාල්ගේ දියණිය වූ යෙසබෙල්වද+ විවාහ කරගත්තේය.+ ඔහු බාල් දෙවියා+ ඉදිරියේ වැඳ වැටී ඔහුටද නමස්කාර කළේය.

  • 2 රාජාවලිය 3:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එහෙත් ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹවූ+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාප+ ඔහුත් කළේය. ඒ දුෂ්ට දේවල් අත්හැරීමට ඔහු කිසිම පියවරක් නොගත්තේය.

  • 2 රාජාවලිය 10:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 නමුත් යේහු, ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා දුන් නීතියට මුළු හදවතින්ම කීකරු වීමට වගබලා ගත්තේ නැත.+ ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹූ යෙරොබොවම් රජු කළ පාපවලින් ඔහු වැළකී සිටියේද නැත.+

  • 2 රාජාවලිය 13:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 නමුත් ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ ක්‍රියා දිගටම කළේය.+ ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹවූ+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපයෙන් වැළකී සිටිනවා+ වෙනුවට ඔහු දිගටම එම පාපයේ නියැලුණේය.

  • 2 රාජාවලිය 17:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 දෙවි ඊශ්‍රායෙල්වරුන්ව, දාවිත්ගේ පෙළපතෙන් වෙන් කළ විට ඔවුහු නෙබාත්ගේ පුත් යෙරොබොවම්ව තමන්ගේ රජු හැටියට පත් කරගත්තෝය. යෙරොබොවම් රජ,+ ඊශ්‍රායෙල්වරුන්ව බරපතළ පාපයක් කිරීමට පෙලඹවූ+ නිසා ඔවුහු යෙහෝවා දෙවිව අත්හැරියෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න