ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 14:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 රාත්‍රියේදී ඔහු තම දාස සේනාව කණ්ඩායම් කිහිපයකට බෙදා+ ඔවුන් සමඟ දමස්කයට උතුරෙන් පිහිටි හෝබා දක්වාම කොල්ලකරුන්ව ලුහුබැඳ ගොස් පරාජය කළේය.

  • 1 රාජාවලිය 19:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “ඔබ ආපසු දමස්කයේ පාළුකරය+ වෙතට යන්න. එහිදී හසායෙල්ව+ සිරියාවේ රජු ලෙස අභිෂේක කරන්න.+

  • 1 රාජාවලිය 20:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 පසුව බෙන්-හාදද් ඔහුට මෙසේ පොරොන්දු විය. “මගේ පියා ඔබේ පියාගෙන් අල්ලාගත් නගරවල්+ මම නැවත ඔබට දෙන්නම්. මගේ පියා සමාරියේ මංමාවත් අයිති කරගත් ලෙස දැන් ඔබ දමස්කයේ මංමාවත් අයිති කරගන්න.”

      ඊට ආහබ් රජ මෙසේ කීවේය. “හොඳයි, මේ කොන්දේසි මත අපි දෙදෙනා ගිවිසුමක්+ ඇති කරගනිමු. ඉන්පසු මම ඔබව නිදහස් කරන්නම්.”

      රජ, ඔහුත් සමඟ ගිවිසුමක් ඇති කරගත් පසු ඔහුව නිදහස් කර යැව්වේය.

  • යෙසායා 7:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 සිරියාවේ ප්‍රධාන නගරය දමස්කයයි. දමස්කය පාලනය කරන්නේ රෙෂින් රජුයි. තව අවුරුදු හැටපහකින් එෆ්‍රායිම්වරු ජාතියක් හැටියට පොළොවෙන් තුරන් වනු ඇත.+

  • ක්‍රියා 9:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 දමස්කයේ ඇති සිනගෝගවලට ඉදිරිපත් කළ හැකි ලිපි කිහිපයක් ලියා දෙන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. සාවුල්ගේ අදහස වුණේ, ‘ස්වාමීන්ගේ මාර්ගයට’*+ අයත් පුරුෂයන්ව හා ස්ත්‍රීන්ව ඔහුට හසු වුණොත් එම ලිපිවල අවසරයෙන් ඔවුන්ව අල්ලා බැඳ යෙරුසලමට ගෙන ඒමය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න