ලෙවී කතාව 20:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘යමෙකු තම පියාට හා මවට ශාප කළොත්+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ඔහුගේ මරණයට වග කිව යුත්තේ ඔහුමය.+ මන්ද ඔහු තම පියාට හා මවට ශාප කළේය. ද්විතීය කතාව 27:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “‘තම පියාට හෝ මවට නින්දා කරන්නාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.) හිතෝපදේශ 17:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 අඥාන පුතෙකු තම පියාට ගෙනෙන්නේ මහත් වේදනාවකි.+ ඔහු තම මවට ශෝකයකි.+ හිතෝපදේශ 20:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පියාට හෝ මවට හෝ ශාප කරන+ කෙනාගේ පහන අඳුර වැටීගෙන එද්දී නිවී යයි.+ හිතෝපදේශ 23:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබව ජාතක කළ ඔබේ පියාට ඇහුම්කන් දෙන්න.+ ඔබේ මව මහලුව සිටින නිසාම ඇයව සුළු කොට නොතකන්න.+ හිතෝපදේශ 30:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 තම පියාට ශාප කරන, මවට කිසි ගෞරවයක් නොදක්වන පරම්පරාවක් ඇත.+ හිතෝපදේශ 30:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 පියාව සුළු කොට තකමින් මවගේ උපදෙස්ද හෙළාදකින තැනැත්තෙක් සිටියි.+ නිම්නයේ ලගින කපුටෝ ඇවිත් ඔහුගේ ඇස් උගුලා දමනු ඇත. රාජාලි පැටවුන් ඔහුව කා දමනු ඇත. මීකා 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මන්ද පුත්‍රයා තම පියාව හෙළාදකින්නේය. දුව ඇගේ මවට විරුද්ධවද+ ලේලිය ඇගේ නැන්දම්මාට විරුද්ධවද+ කටයුතු කරන්නීය. මිනිසෙකුගේ සතුරෝ නම් ඔහුගේම පවුලේ සාමාජිකයන්ය.+ 2 තිමෝති 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන,+ ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය+ වනු ඇත.
9 “‘යමෙකු තම පියාට හා මවට ශාප කළොත්+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ඔහුගේ මරණයට වග කිව යුත්තේ ඔහුමය.+ මන්ද ඔහු තම පියාට හා මවට ශාප කළේය.
17 පියාව සුළු කොට තකමින් මවගේ උපදෙස්ද හෙළාදකින තැනැත්තෙක් සිටියි.+ නිම්නයේ ලගින කපුටෝ ඇවිත් ඔහුගේ ඇස් උගුලා දමනු ඇත. රාජාලි පැටවුන් ඔහුව කා දමනු ඇත.
6 මන්ද පුත්‍රයා තම පියාව හෙළාදකින්නේය. දුව ඇගේ මවට විරුද්ධවද+ ලේලිය ඇගේ නැන්දම්මාට විරුද්ධවද+ කටයුතු කරන්නීය. මිනිසෙකුගේ සතුරෝ නම් ඔහුගේම පවුලේ සාමාජිකයන්ය.+
2 මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන,+ ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය+ වනු ඇත.