ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 62:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා දෙවියනි, ප්‍රේමයේ* උල්පත ඔබය.+

      එකිනෙකාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නෙත් ඔබය.+

  • දේශනාකාරයා 11:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 තරුණය, ඔබේ යෞවන කාලය සතුටින් ගත කරන්න.+ යොවුන් වියේදී ප්‍රීති වන්න. ඔබේ සිතේ ආශාවන් ඉටු කරගන්න. ඔබේ ඇස්වලට ප්‍රිය කරන දේ ලබාගන්න.+ එහෙත් ඔබ කරන සෑම දෙයක් ගැනම සැබෑ දෙවිට ගණන් දිය යුතු බව අමතක නොකරන්න.+

  • මතෙව් 12:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 මිනිසුන් කියන පලක් නැති, හානිකර සෑම දෙයක් ගැනම ඔවුන්ට විනිශ්චය දවසේදී ගණන් දෙන්න සිදු වන බව+ මතක තබාගන්න.

  • ලූක් 12:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 දැන් හොඳින් සඟවා තිබෙන කිසි දෙයක් අනාවරණය නොකර තිබෙන්නේ නැහැ. දැන් රහසක්ව තිබෙන කිසි දෙයක් හෙළි නොකර සිටින්නේ නැහැ.+

  • ක්‍රියා 17:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 එයට හේතුව ධර්මිෂ්ඨ ලෙස මුළු මිනිස් වර්ගයාම විනිශ්චය කිරීමට ඔහු එක්තරා දවසක් නියම කර තිබීමයි.+ ඒ විනිශ්චය සිදු කරන්නේ ඔහු විසින්ම පත් කර ඇති මිනිසෙකු විසිනුයි. ඒ වගේම ඒ දේ අනිවාර්යයෙන් සිදු වන බවට සාක්ෂියක් ලෙස දෙවි ඒ මිනිසාව මරණයෙන් පවා නැවත නැඟිටුවා තිබෙනවා.”+

  • 1 කොරින්ති 4:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙයින් නියමිත කාලයට කලින් එනම්, ස්වාමීන් එන තුරු+ කිසි දෙයක් ගැන විනිශ්චය නොකරන්න.+ එදින ඔහු අන්ධකාරයේ සැඟවී ඇති රහස් හෙළි කරනවා+ පමණක් නොව මිනිසුන්ගේ සිත් තුළ තිබෙන චේතනා පවා එළිදරව් කරනු ඇත.+ එවිට සෑම කෙනෙක්ම තමාට ලැබිය යුතු ප්‍රශංසාව දෙවිගෙන් ලබයි.+

  • 2 කොරින්ති 5:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මන්ද අප සියලුදෙනාටම ක්‍රිස්තුස්ගේ විනිශ්චයාසනය ඉදිරියේ පෙනී සිටීමට සිදු වනු ඇත.+ එවිට තම ශරීරය නමැති වාසස්ථානයේ සිටින විට කළ යහපත් දේවලට හෝ නපුරු දේවලට අනුව එකිනෙකාට ප්‍රතිඵල ලැබෙනු ඇත.+

  • 1 තිමෝති 5:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 සමහරුන් කරන පාප පැහැදිලිව දැකගත හැකියි.+ එමනිසා ඔවුන්ට වහාම දඬුවම් ලැබේ. තවත් සමහරුන්ගේ පාප හෙළි වන්නේ යම් කලක් ගත වූ පසුවය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න