යෙසායා 25:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා+ සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය.+ ඔහු පොළොව පුරාම සිටින තම සෙනඟගේ නින්දාව පහ කරන්නේය.+ යෙහෝවා දෙවි එසේ කරන බවට පොරොන්දු වී ඇත. මාක් 12:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මිය ගිය අය නැවත නැඟිටුවනු ලබන බව මෝසෙස්ගේ ලියවිල්ලෙහි සඳහන් කටු පඳුර අසල සිද්ධියෙන් පැහැදිලි වෙනවා. ඒ ගැන ඔබ කියවා නැද්ද? එම වාර්තාවේ ‘මම ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිය’ කියා දෙවි මෝසෙස්ට කිව්වා.+ යොහන් 11:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මාර්තාද, “නැවත නැඟිටීම සිදු වීමට නියමිත කාලයේදී+ ඔහු නැඟිටින බව මම දන්නවා” කියා ඔහුට කීවාය. යොහන් 11:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එවිට යේසුස් ඇයට මෙසේ කීවේය. “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි.+ මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මිය ගියත් ඔහුට නැවත ජීවනය ලැබෙයි.+ 1 කොරින්ති 15:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මරණය පැමිණියේ+ එක් මිනිසෙකු මාර්ගයෙනි. එලෙසම එක් මිනිසෙකු මාර්ගයෙන් මිය ගිය අයගේ නැවත නැඟිටීමද+ සිදු වේ. 1 තෙසලෝනික 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යේසුස් මිය ගොස් නැවත නැඟිටුණු බව අප විශ්වාස කරනවා නම්+ මරණය නමැති නින්දෙහි සැතපී සිටින යේසුස් සමඟ එකට බැඳී සිටින අයවත් ඔහු සමඟ සිටීමට දෙවි නැවත ජීවත් කරවන බව අප විශ්වාස කළ යුතුයි.+
8 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා+ සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය.+ ඔහු පොළොව පුරාම සිටින තම සෙනඟගේ නින්දාව පහ කරන්නේය.+ යෙහෝවා දෙවි එසේ කරන බවට පොරොන්දු වී ඇත.
26 මිය ගිය අය නැවත නැඟිටුවනු ලබන බව මෝසෙස්ගේ ලියවිල්ලෙහි සඳහන් කටු පඳුර අසල සිද්ධියෙන් පැහැදිලි වෙනවා. ඒ ගැන ඔබ කියවා නැද්ද? එම වාර්තාවේ ‘මම ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිය’ කියා දෙවි මෝසෙස්ට කිව්වා.+
25 එවිට යේසුස් ඇයට මෙසේ කීවේය. “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි.+ මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මිය ගියත් ඔහුට නැවත ජීවනය ලැබෙයි.+
21 මරණය පැමිණියේ+ එක් මිනිසෙකු මාර්ගයෙනි. එලෙසම එක් මිනිසෙකු මාර්ගයෙන් මිය ගිය අයගේ නැවත නැඟිටීමද+ සිදු වේ.
14 යේසුස් මිය ගොස් නැවත නැඟිටුණු බව අප විශ්වාස කරනවා නම්+ මරණය නමැති නින්දෙහි සැතපී සිටින යේසුස් සමඟ එකට බැඳී සිටින අයවත් ඔහු සමඟ සිටීමට දෙවි නැවත ජීවත් කරවන බව අප විශ්වාස කළ යුතුයි.+