යෙසායා 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ දවසේදී, යෙහෝවා දෙවි හටගන්න සලස්වන අංකුරය+ හොඳින් වැඩී දේශය අලංකාරවත් කර ගෞරවයට පත් කරන්නේය.+ දේශයෙන් ලැබෙන පලදාව ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඉතුරු වූ අයට ඉතා අලංකාර දසුනක් වනු ඇත.+ ඔවුහු ඒ ගැන බොහෝ සෙයින් ආඩම්බර වන්නෝය.+ යෙසායා 27:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මතු දවස්වලදී යාකොබ් ගසක් මෙන් මුල් ඇද ශක්තිමත් වෙයි. ඊශ්‍රායෙල්,+ හොඳින් වැඩුණු, මලින් බර වූ ගසක් මෙන් වන්නේය. ඔවුහු පොළොව පුරාම පල දරන්නෝය.”+ යෙසායා 55:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබ නිදහස ලබා ඉමහත් සතුටකින් පිටත්ව එන්නහුය.+ ඔබ කිසි අනතුරක් නොමැතිව සමාදානයෙන් පැමිණෙන්නහුය.+ කඳුද හෙල්ද ඔබව දැක ප්‍රීතියෙන් පිනා යයි.+ වනාන්තරයේ ගස් සතුටින් අත්පොළසන් දෙයි.+
2 ඒ දවසේදී, යෙහෝවා දෙවි හටගන්න සලස්වන අංකුරය+ හොඳින් වැඩී දේශය අලංකාරවත් කර ගෞරවයට පත් කරන්නේය.+ දේශයෙන් ලැබෙන පලදාව ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඉතුරු වූ අයට ඉතා අලංකාර දසුනක් වනු ඇත.+ ඔවුහු ඒ ගැන බොහෝ සෙයින් ආඩම්බර වන්නෝය.+
6 මතු දවස්වලදී යාකොබ් ගසක් මෙන් මුල් ඇද ශක්තිමත් වෙයි. ඊශ්‍රායෙල්,+ හොඳින් වැඩුණු, මලින් බර වූ ගසක් මෙන් වන්නේය. ඔවුහු පොළොව පුරාම පල දරන්නෝය.”+
12 “ඔබ නිදහස ලබා ඉමහත් සතුටකින් පිටත්ව එන්නහුය.+ ඔබ කිසි අනතුරක් නොමැතිව සමාදානයෙන් පැමිණෙන්නහුය.+ කඳුද හෙල්ද ඔබව දැක ප්‍රීතියෙන් පිනා යයි.+ වනාන්තරයේ ගස් සතුටින් අත්පොළසන් දෙයි.+