ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 10:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඒ කාලයේදී ඊශ්‍රායෙල් දේශයේ ඉතුරු වන අයද+ යාකොබ්ගේ ගෘහයේ බේරී ජීවත් වන අයද නැවත කිසිදා තමන්ට පහර දුන් තැනැත්තාගෙන් උපකාර පතන්නේ නැත.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා+ වන යෙහෝවා දෙවිව මුළු හදින්ම විශ්වාස කර+ ඔහුගෙන් උපකාර පතන්නෝය.

  • යෙසායා 66:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “මම ඔවුන් ඉදිරියේ ලකුණක් දිස් වීමට සලස්වා+ බේරාගනු ලැබූ සමහර අයව ජාතීන් අතරට යවන්නෙමි.+ දක්ෂ දුනුවායන් සිටින තර්ෂිෂ්,+ පූල් හා ලුද්+ යන දේශ වෙතටත් තූබල් හා යාවාන්+ යන දේශ වෙතටත් දුර ඈත පිහිටි දූපත්+ වෙතටත් මම ඔවුන්ව යවමි. මා ගැන අසා නැති, මාගේ තේජස දැක නැති+ ඒ ජාතීන් අතරේ ඔවුහු මා ගැන ප්‍රකාශ කරමින් මාව ගෞරවයට පත් කරති.+

  • යෙරෙමියා 44:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 පලා ගිය කිහිපදෙනෙකු හැරෙන්න ඊජිප්තු දේශයේ පදිංචි වීමට පැමිණි කිසිම යුදෙව්වෙක්ට මා ගෙනෙන විපත්තිවලින් බේරී යන්නවත් තම ජීවිතය ගලවාගන්නවත් ලැබෙන්නේ නැත.+ ඔවුන් නැවත යූදා දේශයට යෑමට ආශාවෙන් බලා සිටියත් ඔවුන්ගෙන් කිසිවෙක්ට එහි යෑමට ලැබෙන්නේ නැත.’”+

  • එසකියෙල් 7:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ජීවිත ගලවාගෙන පලා යන සියල්ලන්+ කඳුවලට වී තමන් කළ වැරදි ගැන සිතමින් තැනිතලාවල ගැවසෙන පරෙවියන් මෙන් හඬනවා ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න