ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් සෙරුබාබෙල්ද යේෂුවාද+ ඊශ්‍රායෙල්හි පෙළපත්වල අනිකුත් ප්‍රධානීහුද+ ඔවුන්ට මෙසේ කීවෝය. “අපිත් එක්ක එකතු වී අපේ දෙවිට ගෘහයක් ගොඩනඟන්න ඔබට කිසිම අයිතියක් නැහැ.+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට ගෘහයක් ගොඩනඟන්න කියා පර්සියාවේ රජු වන සයිරස්+ අපිට නියෝග කළා. ඒ කාර්යය ඉටු කිරීමට අපි වෙන කිසිම කෙනෙකුව හවුල් කරගන්නේ නැහැ.”

  • එස්රා 5:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එහි ප්‍රතිඵලයක් ලෙස ෂෙයල්ටියල්ගේ+ පුත් සෙරුබාබෙල්ද+ යෙහොෂාදාක්ගේ පුත් යේෂුවාද+ එකතු වී යෙරුසලමේ පිහිටි දෙවිගේ ගෘහය නැවත ගොඩනඟන්න පටන්ගත්තෝය. ඒ සඳහා ඔවුන්ට දෙවිගේ අනාගතවක්තෘවරුන්ගේ+ උපකාරද ලැබිණ.

  • යෙසායා 32:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 ඒ කාලයේදී, ධර්මිෂ්ඨකමින්+ පාලනය කිරීමට රජෙකුවද+ යුක්තිය ඉටු කිරීමට පාලකයන්වද+ පත් කරනු ලබයි.

  • යෙසායා 51:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔබ කතා කළ යුතු දේ මම ඔබට උගන්වා+ මගේ හස්තයේ සෙවණෙහි ඔබට රැකවරණය දෙන්නෙමි.+ ඔබ අහස එහි නියම ස්ථානයේ පිහිටුවා+ පොළොවේ අත්තිවාරම දමන පිණිසත්+ සියොන්හි වැසියන්ට, ‘ඔබ මාගේ සෙනඟ’+ කියා පවසන පිණිසත් මම එසේ කරන්නෙමි.

  • ලූක් 12:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 “කුඩා රැළ+ භය නොවන්න.+ මන්ද ඔබට රාජ්‍යය ලබා දෙන්න ඔබේ පියාණන් තම අනුමැතිය දී තිබෙනවා.+

  • රෝම 8:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 මිනිස් වර්ගයාට නිෂ්ඵල ජීවිතයක් උරුම වුණේ+ ඔවුන්ගේම කැමැත්ත නිසා නොව එය දෙවිගේ කැමැත්ත වූ නිසාය. නමුත් ඒ සමඟම ඔවුන්ට බලාපොරොත්තුවක්ද දෙන ලදි.+

  • එළිදරව් 14:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 බලන්න, බැටළු පැටවා+ සියොන් කන්ද මත+ සිටගෙන සිටින ආකාරය මම දුටුවෙමි. ඔහු සමඟ එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනෙක් සිටියෝය.+ ඔවුන්ගේ නළල් මත ඔහුගේ නාමයද ඔහුගේ පියාණන්ගේ නාමයද ලියා තිබිණ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න