ලෙවී කතාව 26:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 නමුත් සතුරන්ගේ දේශයේ ඔවුන් ජීවත් වන කාලයේදී මා ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කරන තරමට+ මම ඔවුන්ට ද්වේෂ කරන්නේවත්+ ඔවුන්ව අත්හරින්නේවත්+ නැත. මම ඔවුන්ව සහමුලින්ම විනාශ නොකරන්නෙමි. මන්ද මා ඔවුන්ගේ දෙවි වන යෙහෝවාය. නෙහෙමියා 9:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 නමුත් ඔබේ අතිමහත් දයාව නිසා ඔවුන්ව සහමුලින්ම විනාශ වී යන්න ඔබ ඉඩ දුන්නේ නැහැ.+ ඔබ ඔවුන්ව අමතක කර දැමුවෙත් නැහැ.+ ඔබ මොන තරම් කරුණාවන්ත,+ දයාන්විත+ දෙවි කෙනෙක්ද! ගීතාවලිය 78:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 නමුත් ඔහු ඔවුන්ට දයාව පෙන්වූවේය.+ ඔවුන්ගේ වරදට සමාව දී+ ඔවුන්ව විනාශ නොකළේය.+බොහෝ අවස්ථාවලදී ඔහු ඔවුන්ට විරුද්ධව තම උදහස ප්‍රකාශ නොකළේය.+ඔහු තමා තුළ ඇති වූ මහත් උදහස මැඩපවත්වාගත්තේය. විලාප ගී 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවියනි, අපේ පණ රැකුණේ+ ඔබේ අතිමහත් ප්‍රේමය* ඔබ අපට පෙන්වූ නිසාය.+ ඔබ අපට පෙන්වන දයාව කෙදිනකවත් නිම නොවන්නේය.+ එසකියෙල් 20:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘“එහෙත් මට ඔවුන් ගැන දුකක් ඇති වූ නිසා මම ඔවුන්ව විනාශ නොකළෙමි.+ පාළුකරයේදී ඔවුන් සියලුදෙනාවම නැති කර දැමීමට මම පියවර ගත්තේ නැත. ආමොස් 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “පව්කාර ජනයෙනි, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඔබ දෙස බලා සිටියි.+ ඔහු ඔබේ රාජ්‍යය සම්පූර්ණයෙන්ම පොළොවෙන් තුරන් කරන බව+ නිසැකය. ‘එහෙත් මම යාකොබ්ගේ පෙළපත මුළුමනින්ම නැති කර නොදමන්නෙමි.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.
44 නමුත් සතුරන්ගේ දේශයේ ඔවුන් ජීවත් වන කාලයේදී මා ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කරන තරමට+ මම ඔවුන්ට ද්වේෂ කරන්නේවත්+ ඔවුන්ව අත්හරින්නේවත්+ නැත. මම ඔවුන්ව සහමුලින්ම විනාශ නොකරන්නෙමි. මන්ද මා ඔවුන්ගේ දෙවි වන යෙහෝවාය.
31 නමුත් ඔබේ අතිමහත් දයාව නිසා ඔවුන්ව සහමුලින්ම විනාශ වී යන්න ඔබ ඉඩ දුන්නේ නැහැ.+ ඔබ ඔවුන්ව අමතක කර දැමුවෙත් නැහැ.+ ඔබ මොන තරම් කරුණාවන්ත,+ දයාන්විත+ දෙවි කෙනෙක්ද!
38 නමුත් ඔහු ඔවුන්ට දයාව පෙන්වූවේය.+ ඔවුන්ගේ වරදට සමාව දී+ ඔවුන්ව විනාශ නොකළේය.+බොහෝ අවස්ථාවලදී ඔහු ඔවුන්ට විරුද්ධව තම උදහස ප්‍රකාශ නොකළේය.+ඔහු තමා තුළ ඇති වූ මහත් උදහස මැඩපවත්වාගත්තේය.
22 යෙහෝවා දෙවියනි, අපේ පණ රැකුණේ+ ඔබේ අතිමහත් ප්‍රේමය* ඔබ අපට පෙන්වූ නිසාය.+ ඔබ අපට පෙන්වන දයාව කෙදිනකවත් නිම නොවන්නේය.+
17 “‘“එහෙත් මට ඔවුන් ගැන දුකක් ඇති වූ නිසා මම ඔවුන්ව විනාශ නොකළෙමි.+ පාළුකරයේදී ඔවුන් සියලුදෙනාවම නැති කර දැමීමට මම පියවර ගත්තේ නැත.
8 “පව්කාර ජනයෙනි, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඔබ දෙස බලා සිටියි.+ ඔහු ඔබේ රාජ්‍යය සම්පූර්ණයෙන්ම පොළොවෙන් තුරන් කරන බව+ නිසැකය. ‘එහෙත් මම යාකොබ්ගේ පෙළපත මුළුමනින්ම නැති කර නොදමන්නෙමි.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.