ද්විතීය කතාව 29:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 සියලුම ජාතීන් මේ දේ දැක, ‘යෙහෝවා දෙවි මේ දේශයට මේ වගේ දෙයක් කළේ ඇයි?+ ඔහුගේ උදහස මෙතරම් දරුණු ලෙස ඇවිළ ගියේ ඇයි’ කියා අසයි. ද්විතීය කතාව 30:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එවිට යෙහෝවා දෙවි ඔබට දයාව පෙන්වයි.+ යෙහෝවා දෙවි ඔබ විසිරී සිටින සෑම ජාතියක් අතරින්ම ඔබව එකතු කර,+ වහල්කමින් නිදහස් කරයි.+ යෙරෙමියා 23:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “ඉතුරු වී සිටින මාගේ බැටළුවන්ව එනම්, විවිධ දේශවලට මා විසුරුවාහැරිය අයව මම එකතු කරගන්නෙමි.+ ඔවුන්ව ඒ දේශවලින් පිටතට ගෙනැවිත් නැවත ඔවුන්ගේම තණබිමට රැගෙන එන්නෙමි.+ ඔවුහු ගණනින් වැඩි වී සමෘද්ධිමත් ජාතියක් බවට පත් වන්නෝය.+ යෙරෙමියා 29:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මමද ඔබ කරන නමස්කාරය පිළිගන්නෙමි’+ කියා යෙහෝවා දෙවි පැවසුවේය. ‘වහල්භාවයේ සිටින ඔබ සියලුදෙනාවම මම එකට එකතු කරගන්නෙමි. මම ඔබව විසුරුවාහැරිය සියලු ජාතීන් අතරින්ද සියලු දේශවලින්ද ඔබව එකතු කරගන්නෙමි.+ ඔබ වහල්භාවයට යෑමට පෙර ජීවත් වූ දේශයටම මම නැවත ඔබව රැගෙන එන්නෙමි’+ කියා යෙහෝවා දෙවි තවදුරටත් පැවසුවේය. එසකියෙල් 37:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “විවිධ ජාතීන් අතර විසිර ගොස් සිටින ඊශ්‍රායෙල් සෙනඟව මම රැස් කර තමන්ගේම දේශයට ගෙනෙන්නෙමි.+
24 සියලුම ජාතීන් මේ දේ දැක, ‘යෙහෝවා දෙවි මේ දේශයට මේ වගේ දෙයක් කළේ ඇයි?+ ඔහුගේ උදහස මෙතරම් දරුණු ලෙස ඇවිළ ගියේ ඇයි’ කියා අසයි.
3 එවිට යෙහෝවා දෙවි ඔබට දයාව පෙන්වයි.+ යෙහෝවා දෙවි ඔබ විසිරී සිටින සෑම ජාතියක් අතරින්ම ඔබව එකතු කර,+ වහල්කමින් නිදහස් කරයි.+
3 “ඉතුරු වී සිටින මාගේ බැටළුවන්ව එනම්, විවිධ දේශවලට මා විසුරුවාහැරිය අයව මම එකතු කරගන්නෙමි.+ ඔවුන්ව ඒ දේශවලින් පිටතට ගෙනැවිත් නැවත ඔවුන්ගේම තණබිමට රැගෙන එන්නෙමි.+ ඔවුහු ගණනින් වැඩි වී සමෘද්ධිමත් ජාතියක් බවට පත් වන්නෝය.+
14 මමද ඔබ කරන නමස්කාරය පිළිගන්නෙමි’+ කියා යෙහෝවා දෙවි පැවසුවේය. ‘වහල්භාවයේ සිටින ඔබ සියලුදෙනාවම මම එකට එකතු කරගන්නෙමි. මම ඔබව විසුරුවාහැරිය සියලු ජාතීන් අතරින්ද සියලු දේශවලින්ද ඔබව එකතු කරගන්නෙමි.+ ඔබ වහල්භාවයට යෑමට පෙර ජීවත් වූ දේශයටම මම නැවත ඔබව රැගෙන එන්නෙමි’+ කියා යෙහෝවා දෙවි තවදුරටත් පැවසුවේය.
21 “ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “විවිධ ජාතීන් අතර විසිර ගොස් සිටින ඊශ්‍රායෙල් සෙනඟව මම රැස් කර තමන්ගේම දේශයට ගෙනෙන්නෙමි.+