ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 18:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 නුවර දොරටු දෙක අතරේ දාවිත් රජ හිඳගෙන සිටියේය.+ ඒ අතරතුර මුරකාරයා+ පවුරට නැඟ දොරටුවේ පියස්සට ගොස් බැලුවේය. එවිට මිනිසෙකු තනිවම දුවගෙන එනවා ඔහු දුටුවේය.

  • 2 රාජාවලිය 9:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 යෙෂ්‍රෙයෙල් නගරයේ+ මුරපළ ඇතුළේ+ සිටි මුරකරුවා+ යේහුගේ විශාල සේනාව පැමිණෙනවා දැක, “විශාල සේනාවක් මේ පැත්තට එනවා” කියා කෑගැසුවේය. එවිට යෙහෝරම් රජ මෙසේ කීවේය. “අසරුවෙක්ව ඔවුන් වෙතට යවා, ‘ඔබ මෙහි එන්නේ මොන අරමුණින්ද’ කියා ඔවුන්ගෙන් අසන්න.”+

  • යෙසායා 21:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 සිංහයෙකු ගර්ජනා කරන්නාක් මෙන් හඬ නඟා+ මෙසේ පැවසුවේය. “යෙහෝවා දෙවියනි, මම මුරටැඹට වී රෑ දාවල් බලා සිටින්නෙමි.+

  • යෙරෙමියා 51:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 බැබිලෝනියේ පවුරු දෙසට මං සලකුණක් තබන්න.+ තව තවත් මුරකරුවන් යොදවා මුරකාවල් වැඩි කරන්න.+ මඟ රැක පහර දීමට සැරසී සිටින්න.+ බැබිලෝනියට විරුද්ධව ක්‍රියා කිරීම යෙහෝවා දෙවිගේ අරමුණ නිසා ඔහු එහි වැසියන්ට විරුද්ධව ප්‍රකාශ කළ දේ අනිවාර්යයෙන්ම ඉටු කරන්නේය.”+

  • හොෂෙයා 9:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එෆ්‍රායිම්හි මුරකරුවා+ මාගේ දෙවිට සමීපව සිටියේය.+ නමුත් දැන් එහි අනාවැකි පවසන තැනැත්තාගේ ක්‍රියාවන්+ කුරුලු දඩයක්කරුවෙකු විසින් අටවන උගුලක් මෙනි.+ එෆ්‍රායිම්ගේ දෙවිගේ ගෘහය තුළ එකිනෙකා වෛරයෙන් කටයුතු කරති.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න