ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 1:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මාගේ අවවාදය සිතට ගන්න.+ එවිට මම ඔබට ප්‍රඥාව* නොඅඩුව ලබා දෙන්නෙමි.+ මාගේ වචන ඔබට දන්වන්නෙමි.+

  • යෙසායා 55:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 දුෂ්ටයා තම දුෂ්ටකම් මුළුමනින්ම අත්හරීවා!+ කුරිරු තැනැත්තා තම හානිකර සිතුවිලි වෙනස් කරගනීවා!+ එසේ කර, යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එත්වා. එවිට අපේ දෙවි ඔහුට දයාව පෙන්වා+ මුළු හදින්ම ඔහුට සමාව දෙනු ඇත.+

  • යෙරෙමියා 3:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “කැරලිකාර පුත්‍රයෙනි! මා වෙතට හැරී එන්න.+ මම ඔබේ කැරලිකාර ගතිපැවතුම් වෙනස් කර ඔබව යහමඟට ගන්නෙමි.”+

      “යෙහෝවා දෙවියනි, ඔබයි අපේ දෙවි! අපි ඔබ වෙතට නැවත හැරී ආවෙමු.+

  • යෙරෙමියා 25:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඒ අනාගතවක්තෘවරු ඔබට මෙසේ පැවසුවෝය. ‘ජනයෙනි, ඔබේ නරක මාර්ගවලින් ඉවත් වන්න. ඔබ කරන දුෂ්ට ක්‍රියා අත්හැර යහපත් ලෙස හැසිරෙන්න.+ ඔබ එසේ කළොත් යෙහෝවා දෙවි ඈත අතීතයේදී ඔබේ මුතුන්මිත්තන්ට දුන් දේශයේ එනම්, උරුමයක් ලෙස ඔබට ලැබුණු මේ දේශයේ තව දිගු කාලයක් ජීවත් වීමට ඔබට හැකි වනු ඇත.+

  • එසකියෙල් 14:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “ඊශ්‍රායෙල් ජනතාවට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙසේය. “හැරී එන්න. ඔබ සාදාගත් පිළිකුල්සහගත රූප අත්හැර දමා මා ළඟට එන්න.+ ඔබ කරන සෑම නින්දිත දෙයකින්ම ඉවත් වන්න.+

  • හොෂෙයා 14:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබේ දෙවි වන යෙහෝවා ළඟට නැවත හැරී එන්න.+ ඔබට මෙවන් විපතක් සිදු වුණේ ඔබේම වැරදි නිසයි.+

  • ක්‍රියා 3:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “දැන් පසුතැවිලි වෙන්න.+ ඔබ ගත කරන ජීවිතය වෙනස් කරගෙන*+ පව්වලට සමාව ලබාගන්න.*+ එසේ කරනවා නම් ඔබට යෙහෝවා දෙවිගෙන් මහත් සහනයක්+ ලැබෙන අතර,

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න