ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 17:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එමෙන්ම යෙහෝවා දෙවි තම සියලු අනාගතවක්තෘවරුන් මාර්ගයෙන්ද+ දර්ශන මගින් පණිවිඩ දුන් සියල්ලන් මාර්ගයෙන්ද+ ඊශ්‍රායෙල්හි+ සහ යූදාහි+ වැසියන්ට නැවත නැවත මෙසේ අනතුරු ඇඟෙව්වේය.+ “ඔබ කරන මේ දුෂ්ටකම් නතර කර,+ මාගේ ආඥා+ සහ නියෝග+ පිළිපදින්න. ඔබේ මුතුන්මිත්තන්ට දුන්+ සියලු නීති+ රක්ෂා කරන්න. මාගේ සේවකයන් සහ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් මා ඔබට දුන් සෑම අවවාදයක්ම පිළිගන්න.”+

  • යෙසායා 55:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 දුෂ්ටයා තම දුෂ්ටකම් මුළුමනින්ම අත්හරීවා!+ කුරිරු තැනැත්තා තම හානිකර සිතුවිලි වෙනස් කරගනීවා!+ එසේ කර, යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එත්වා. එවිට අපේ දෙවි ඔහුට දයාව පෙන්වා+ මුළු හදින්ම ඔහුට සමාව දෙනු ඇත.+

  • යෙරෙමියා 18:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “යූදා හා යෙරුසලමේ වැසියන්ට මේ දේවල් පවසන මෙන් මම ඔබෙන් ඉල්ලමි. ‘යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔබ පිටට විපත්තියක් ගෙන ඒමට මම තීරණය කළෙමි.+ එබැවින් ඔබ ගමන් කරන දුෂ්ට මාවත්වලින් ඉවත් වී යහපත් ලෙස හැසිරෙන්න කියා මම ඔබෙන් ඉල්ලමි. ජනයෙනි, හරි මාර්ගයේ ගමන් කරන්න.”’”+

  • යෙරෙමියා 35:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මම හිමිදිරි උදෑසන සිට මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව දිගින් දිගටම ඔබ වෙතට එවා+ ඔබට මේ දේවල් මතක් කර දුන්නෙමි. ‘ජනයෙනි, ඔබේ නරක මාර්ගවලින් ඉවත් වන්න.+ දුෂ්ට ක්‍රියා අත්හැර යහපත් ලෙස හැසිරෙන්න.+ වෙනත් දෙවිවරුන්ගේ පිහිට පතමින් ඔවුන්ට නමස්කාර නොකරන්න.+ එවිට ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් මා දුන් මේ දේශයේ දිගටම ජීවත් වීමට ඔබට හැකි වනු ඇත.’+ නමුත් මා පැවසූ ඒ දේවලට ඔබ ඇහුම්කන් දුන්නේවත් ඒවා ගණනකට ගත්තේවත් නැත.+

  • එසකියෙල් 18:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි.+ ‘ඊශ්‍රායෙල් ජනයෙනි, මා සියලුදෙනාව විනිශ්චය කරන්නේ ඔවුන් එකිනෙකා ක්‍රියා කරන ආකාරයට අනුවය.+ එබැවින් ඔබ අතින් සිදු වූ සියලු වැරදි ගැන පසුතැවිලි වී ඒවායින් ඉවත් වන්න.+ එවිට ඔබේ විනාශයට හේතු විය හැකි කිසි වරදක් ඔබ අතින් සිදු වන්නේ නැත.+

  • එසකියෙල් 33:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ කියයි. “ජීවමාන දෙවි වන මම සහතිකවම මෙසේ පවසන්නෙමි. දුෂ්ටයෙකු වැරදි මාර්ගයෙන් හැරී+ දිගටම ජීවත් වෙනවාට මිස+ ඔහු මිය යනවාට මම කිසිසේත් කැමති නැත.+ අනේ ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ කරන නපුරු දේවල් අත්හැර දමන්න.+ ඔබ නිකරුණේ මිය යා යුත්තේ මන්ද?”’+

  • යෝනා 3:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ගෝණි රෙදි ඇඳ දිගටම දෙවිට කන්නලව් කරන්න. සතුන් පිටද ගෝණි රෙදි දමන්න. ඔබේ දුෂ්ට ක්‍රියා අත්හැර තවදුරටත් අනුන්ට හිරිහැර නොකරන්න.+

  • සෙකරියා 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “‘ඔබ ඔබේ පියවරුන් මෙන් ක්‍රියා නොකරන්න.+ “ඔබ කරන නරක දේවල් අත්හැර ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එන්න”+ කියා අනාගතවක්තෘවරු ඔබේ පියවරුන්ට පැවසුවෝය.’”+

      “‘නමුත් අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් මා කියූ දේට ඔවුහු ඇහුම්කන් දුන්නේ නැත. යෙහෝවා දෙවි වන මා කී දේ ගණනකටවත් ගත්තේ නැත.+

  • මලාකි 3:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් ඔබේ මුතුන්මිත්තන්ගේ කාලයේ සිට මේ දක්වාම ඔබ මාගේ නියෝග පිළිපැද්දේ නැත.+ දැන්වත් ඔබේ වැරදි නිවැරදි කරගෙන මා ළඟට එන්න. එවිට මමත් ඔබට ළං වන්නෙමි”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.

      එවිට ඔබ මෙසේ අසන්නහුය. “අපිට හදාගන්න තියෙන වැරදි මොනවාද?”

  • 2 පේතෘස් 3:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වන බවය.+ නමුත් ඔහු එසේ ප්‍රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමය. එහෙයින් ඔහු ඔබ ගැන ඉවසන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න