ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 5:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නීතිය ප්‍රතික්ෂේප කළෝය.+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ගේ වචනයට ඔවුහු අගෞරව කර ඇත.+ ඒ නිසා, ගිනිදැල්ලට පිදුරු දැවී යන්නාක් මෙන්ද+ වියළී ගිය තණකොළ පොළොවටම අළු වී යන්නාක් මෙන්ද ඔවුහු විනාශ වෙති. ඔවුන්ගේ මුල දිරාපත් වී ගඳගසයි.+ ඔවුන්ගේ මල් වියළී දූවිලි මෙන් සුළඟට ගසාගෙන යයි.

  • යෙරෙමියා 4:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ජාතීන් වනසා දමන තැනැත්තා,+ වනයෙන් නික්ම එන රෞද්‍ර සිංහයෙකු මෙන් පැමිණෙන්නේය.+ ඔබේ දේශය විනාශ කර දමන පිණිස ඔහු නික්ම එන්නේය. ඒ විනාශය දැක සියලුදෙනා මවිතයට පත් වන්නෝය. කිසිවෙකු ඉතුරු නොවන සේ ඔබේ නුවරවල් සියල්ල ඔහු නටබුන් කරන්නේය.”+

  • යෙරෙමියා 7:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එබැවින් මාගේ උදහස මේ ස්ථානය පිට වගුරුවන්නෙමි.+ එහි මිනිසුන්, සතුන්, ගස් කොළං+ සහ එහි පලදාව පිට මාගේ උදහස වගුරුවන්නෙමි. එය නිවා දැමීමට කිසිවෙකුට හැකි වන්නේ නැත.+ මේ දේ පවසන මා විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවිය.

  • එසකියෙල් 20:47
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 47 ඔබ දකුණු දෙසින් පිහිටි ඒ වනාන්තරයට මෙසේ පැවසිය යුතුය. ‘යෙහෝවා දෙවි පවසන දේට සවන් දෙන්න. විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මම ඔබට විරුද්ධව ගින්නක් අවුළුවන්නෙමි.+ එමගින් ඔබ තුළ සරුවට වැඩෙන සෑම ගසක් වගේම සෑම වියළි ගසක්ද මම දවා දමන්නෙමි.+ බුරබුරා නැඟෙන ඒ ගින්න නිවී යන්නේ නැත.+ දකුණේ සිට උතුර දක්වා සිටින සියලුදෙනාගේ මුහුණු* එයින් පිලිස්සී යනවා ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න