ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 7:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 “‘රාජ්‍යයද බලයද පොළොවේ තිබූ සියලු රාජ්‍යයන්ට හිමිව තිබූ ගෞරවයද අතිශ්‍රේෂ්ඨ තැනැත්තාණන්ට සේවය කරන ශුද්ධ තැනැත්තන්ට දෙනු ලබන්නේය.+ ඔවුන්ගේ රාජ්‍යය සදහටම පවතින රාජ්‍යයකි.+ සියලු පාලකයෝ පවා ඔවුන්ට කීකරු වී සේවය කරන්නෝය.’+

  • ලූක් 12:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 “කුඩා රැළ+ භය නොවන්න.+ මන්ද ඔබට රාජ්‍යය ලබා දෙන්න ඔබේ පියාණන් තම අනුමැතිය දී තිබෙනවා.+

  • 2 තිමෝති 2:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 අප දිගටම විඳදරාගෙන සිටියොත් අපි ඔහු සමඟ රජකම් කරන්නෙමු.+ අප ඔහුව ප්‍රතික්ෂේප කළොත්+ ඔහු අපවද ප්‍රතික්ෂේප කරයි.

  • හෙබ්‍රෙව් 12:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඒ අනුව කිසි ලෙසකින්වත් සෙලවිය නොහැකි රාජ්‍යයක් අපට හිමි වන නිසා+ අපි දිගටම දෙවිගේ මහත් කරුණාව ලබාගනිමු. එමගින් දෙවිට ගැඹුරු ගෞරවයක් හා ගරුබියක් දක්වමින් ඔහුට පිළිගත හැකි ආකාරයකින් පරිශුද්ධ සේවයක් පිරිනැමීමට අපට හැකි වේ.+

  • යාකොබ් 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, සවන් දෙන්න. දෙවි තෝරාගත්තේ මේ ලෝකය විසින් දිලිඳු ලෙස සලකනු ලබන අයව නොවේද?+ දෙවි එවැනි අයව තෝරාගත්තේ ඔවුන් තුළ ඇති විශ්වාසය මගින් ඔවුන්ව ධනවත් කිරීම සඳහාය.+ එසේම දෙවිට ප්‍රේම කරන අයට පොරොන්දු වූ රාජ්‍යයේ උරුමයක් ලබා දීම සඳහාය.+

  • එළිදරව් 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 රාජ්‍යයක් ලෙසද+ තම දෙවි සහ පියාණන් වෙනුවෙන් පූජකයන් ලෙසද+ කටයුතු කිරීමට අපට මඟ සැලසූ තැනැත්තාට . . . සියලු ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් සදහටම ලැබේවා!+ ආමෙන්.*

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න