ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 22:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඊළඟට භෝජනය* ගත් අවස්ථාවේදී කළ ආකාරයටම ඔහු කුසලානයක්+ ගෙන ඔවුන් අතට දෙමින් මෙසේ කීවේය. “මේ කුසලානයෙන් නියෝජනය වන්නේ ඔබ උදෙසා වගුරුවනු ලබන මගේ රුධිරයයි.+ අලුත් ගිවිසුම+ ස්ථිර වන්නේ මගේ රුධිරය මාර්ගයෙනුයි.+

  • හෙබ්‍රෙව් 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ක්‍රිස්තුස්ගේ ලෙයින්+ ඊටත් වඩා කොපමණ මහත් දෙයක් ඉටු වේද! එලෙස ක්‍රිස්තුස් දෙවිගේ සදාකාලික බලයේ ක්‍රියාකාරිත්වයට එකඟව කැළැලක් රහිත තම ජීවිතය පුද කර+ අපගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින්+ පවිත්‍ර කර+ අපට ජීවමාන දෙවි වෙනුවෙන් පරිශුද්ධ සේවයක් කිරීමේ අවස්ථාව+ ලබා දුන්නේය.

  • හෙබ්‍රෙව් 12:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එමෙන්ම අලුත් ගිවිසුමක+ මැදිහත්කරු+ වන යේසුස් වෙතටය. එලෙසම ඔහු අප මත ඉසිනු ලැබූ රුධිරය වෙතටය.+ ඒ රුධිරය ආබෙල්ගේ රුධිරයට වඩා උතුම් ආකාරයකින් කතා කරයි.+

  • 1 පේතෘස් 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 පියාණන් වන දෙවි කල්තියාම අරමුණු කළ ලෙස+ ඔබව ඔහුගේ බලයෙන් ශුද්ධ කර* ඇති අතර+ ඔබව තෝරාගෙන තිබෙන්නේ කීකරු අය වීමටය. ඒ සඳහා යේසුස් ක්‍රිස්තුස්ගේ රුධිරයද+ ඔබ මත ඉස ඇත.+

      ඔබට දෙවිගේ මහත් කරුණාවත් සමාදානයත් වැඩි වැඩියෙන් ලැබේවා!+

  • 1 පේතෘස් 1:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔබව නිදහස් කරනු ලැබුවේ කිසි කැළැලක් හෝ අපවිත්‍රකමක් නැති බැටළු පැටවෙකුගේ+ ලේ හා සමාන වූ ක්‍රිස්තුස්ගේ+ අනර්ඝ ලේවලිනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න