ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 31:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මා ඊශ්‍රායෙල්+ සහ යූදා සෙනඟ+ සමඟ අලුත් ගිවිසුමක්+ ඇති කරගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙන්නේය.

  • මතෙව් 26:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 මන්ද මෙයින් නියෝජනය වන්නේ+ පව් සමාව සඳහා+ බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.+

  • 1 කොරින්ති 11:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එසේම ඔහු භෝජනය* ගත් පසු කුසලානයකුත් ගෙන,+ “මේ කුසලානයේ තිබෙන දෙයින් නියෝජනය වන්නේ මගේ රුධිරයයි. ‘අලුත් ගිවිසුම’+ වලංගු වන්නේ මගේ රුධිරය මාර්ගයෙනුයි.+ ඔබ මාව සිහි කිරීම සඳහා මේ දේ නොකඩවා කරන්න.+ මේ දේ කරන සෑම අවස්ථාවකදීම ඔබට මාව සිහි වෙයි” කියා කීවේය.

  • හෙබ්‍රෙව් 8:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නමුත් ජනයා වෙනුවෙන් වඩාත් උතුම් සේවයක් යේසුස්ට භාර දී ඇත. ඒ නිසා ඔහු වඩාත් උතුම් ගිවිසුමක+ මැදිහත්කරු ලෙස කටයුතු කරන අතර+ එය නීත්‍යනුකූලව පිහිටුවා තිබෙන්නේ කලින් දුන් පොරොන්දුවලට වඩා උතුම් පොරොන්දු මතය.+

  • හෙබ්‍රෙව් 9:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහු අලුත් ගිවිසුමක මැදිහත්කරුවෙකු වන්නේ ඒ නිසාය.+ ඔහු එසේ ක්‍රියා කරන්නේ කැඳවනු ලැබූ අයට සදාකාලික උරුමයක් ලැබෙන බවට වූ පොරොන්දුව ලබා දීම සඳහාය.+ ඒ සෑම දෙයකටම මඟ විවෘත කළේ ඔහුගේ මරණයයි. ඒ මරණය තුළින් ගෙවනු ලැබූ වන්දිය මාර්ගයෙන්+ ඔවුහු කලින් තිබූ ගිවිසුම යටතේ කළ වැරදිවලින්+ නිදහසක් ලබති.

  • හෙබ්‍රෙව් 12:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එමෙන්ම අලුත් ගිවිසුමක+ මැදිහත්කරු+ වන යේසුස් වෙතටය. එලෙසම ඔහු අප මත ඉසිනු ලැබූ රුධිරය වෙතටය.+ ඒ රුධිරය ආබෙල්ගේ රුධිරයට වඩා උතුම් ආකාරයකින් කතා කරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න