1 කොරින්ති 15:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 එහෙයින් දිරා යන ශරීරයකින් සිටි තැනැත්තා කිසිදා නොදිරන කෙනෙකු බවට පත් විය යුතුයි.+ එලෙසම මිය යනසුලු තැනැත්තා+ අමරණීය කෙනෙකු බවට පත් විය යුතුයි. හෙබ්‍රෙව් 12:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන් තමන්ට හරියි කියා පෙනුණු දේ පදනම් කරගෙන අපට හික්මවීම් ලබා දුන්නේ කෙටි කාලයකටය.+ නමුත් අපගේ ප්‍රයෝජනය සඳහා අපට හික්මවීම් ලබා දෙන ඔහු, එසේ කරන්නේ ඔහු මෙන් ශුද්ධ වීමට අපටද ප්‍රස්තාව ලබා දීම සඳහාය.+ 1 පේතෘස් 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එම බලාපොරොත්තුවට අනුව අපට කිසිදා දිරා නොයන, කැළැල් රහිත, කිසිදා පරවී නොයන ජීවිතයකට උරුමකම් කීමට පුළුවන.+ ඒ උරුමය ඔබ වෙනුවෙන්ද ස්වර්ගයෙහි වෙන් කර තිබේ.+ 1 යොහන් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ප්‍රේමණීය සහෝදරයෙනි, අප දෙවිගේ දරුවන්+ වුවත් ඉදිරියේදී අපට මොන වගේ ස්වරූපයක් ලැබෙයිද කියා තවමත් එළිදරව් වී නැත.+ නමුත් අපට දෙවිව දැකගන්න අවස්ථාව ලැබෙන විට+ අපත් ඔහුගේ ස්වරූපයට සමාන වන බව+ නම් දනිමු. ඔහුව ඇත්තටම දැකගන්න අපට හැකි වනු ඇත.+ එළිදරව් 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 පළමුවෙනි නැවත නැඟිටීමට අයත්ව සිටින තැනැත්තා සන්තෝෂවත්ය,+ ශුද්ධය.+ දෙවෙනි මරණයට+ ඔවුන් ගොදුරු වන්නේ නැත.+ ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ+ වන්නෝය. එමෙන්ම ඔවුහු අවුරුදු දහස පුරා ක්‍රිස්තුස් සමඟ රජකම් කරන්නෝය.+
53 එහෙයින් දිරා යන ශරීරයකින් සිටි තැනැත්තා කිසිදා නොදිරන කෙනෙකු බවට පත් විය යුතුයි.+ එලෙසම මිය යනසුලු තැනැත්තා+ අමරණීය කෙනෙකු බවට පත් විය යුතුයි.
10 ඔවුන් තමන්ට හරියි කියා පෙනුණු දේ පදනම් කරගෙන අපට හික්මවීම් ලබා දුන්නේ කෙටි කාලයකටය.+ නමුත් අපගේ ප්‍රයෝජනය සඳහා අපට හික්මවීම් ලබා දෙන ඔහු, එසේ කරන්නේ ඔහු මෙන් ශුද්ධ වීමට අපටද ප්‍රස්තාව ලබා දීම සඳහාය.+
4 එම බලාපොරොත්තුවට අනුව අපට කිසිදා දිරා නොයන, කැළැල් රහිත, කිසිදා පරවී නොයන ජීවිතයකට උරුමකම් කීමට පුළුවන.+ ඒ උරුමය ඔබ වෙනුවෙන්ද ස්වර්ගයෙහි වෙන් කර තිබේ.+
2 ප්‍රේමණීය සහෝදරයෙනි, අප දෙවිගේ දරුවන්+ වුවත් ඉදිරියේදී අපට මොන වගේ ස්වරූපයක් ලැබෙයිද කියා තවමත් එළිදරව් වී නැත.+ නමුත් අපට දෙවිව දැකගන්න අවස්ථාව ලැබෙන විට+ අපත් ඔහුගේ ස්වරූපයට සමාන වන බව+ නම් දනිමු. ඔහුව ඇත්තටම දැකගන්න අපට හැකි වනු ඇත.+
6 පළමුවෙනි නැවත නැඟිටීමට අයත්ව සිටින තැනැත්තා සන්තෝෂවත්ය,+ ශුද්ධය.+ දෙවෙනි මරණයට+ ඔවුන් ගොදුරු වන්නේ නැත.+ ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ+ වන්නෝය. එමෙන්ම ඔවුහු අවුරුදු දහස පුරා ක්‍රිස්තුස් සමඟ රජකම් කරන්නෝය.+