ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හොෂෙයා 12:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මම අනාගතවක්තෘවරුන්ට කතා කර+ ඔවුන්ට බොහෝ දර්ශන පෙන්වූවෙමි. අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් උපමා කියා දුන්නෙමි.’+

  • ආමොස් 3:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තම සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට තම අරමුණු හෙළි නොකර කිසිවක් නොකරන්නේය.+

  • මතෙව් 2:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 නාසරෙත් නම් නගරයට+ පැමිණ එහි වාසය කළේය. එසේ වූයේ, ‘ඔහුව නාසරෙත්හි වැසියෙක්යයි හඳුන්වනු ලබන්නේය’+ කියා අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේ ඉටු වීම සඳහාය.

  • ක්‍රියා 3:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 නමුත් ක්‍රිස්තුස් වධ විඳිය යුතුයි කියා දෙවි සියලු අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කල්තියාම දැන්වූ දේවල් එලෙසම ඉටු වී තිබෙනවා.+

  • රෝම 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී ඇති ආකාරයට දෙවි ඒ ශුභාරංචිය ගැන අතීතයේ සිටි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන්+ පොරොන්දුවක් දුන්නේය.

  • හෙබ්‍රෙව් 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 බොහෝ කලකට පෙර දෙවි අනාගතවක්තෘවරුන් මාර්ගයෙන්+ විවිධ අවස්ථාවලදී+ හා විවිධ ආකාරවලින් අපගේ මුතුන්මිත්තන්ට කතා කළේය.

  • යාකොබ් 5:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සහෝදරයෙනි, යෙහෝවා දෙවිගේ නාමයෙන් කතා කළ+ අනාගතවක්තෘවරුන්+ නපුරු දේවල් දරාගත් ආකාරයද+ ඔවුන් ඉවසූ ආකාරයද+ ආදර්ශයට ගන්න.+

  • 1 පේතෘස් 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබට ලැබෙන්න නියමිත මහත් කරුණාව ගැන+ අනාවැකි පැවසූ අනාගතවක්තෘවරු+ දැඩි උත්සාහයක් දරමින් ඔබට ලැබෙන ගැලවීම ගැන ඉතා උනන්දුවෙන් සෝදිසි කර බැලුවෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න