ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 74
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • තමන්ගේ සෙනඟව සිහි කරන්න කියලා දෙවියන්ට කරන යාච්ඤාවක්

        • දෙවියන් අතීතයේදී ඔහුගේ සෙනඟව බේරගත්ත අවස්ථා (12-17)

        • “සතුරා ඔබට කරන නින්දා අමතක කරන්න එපා” (18)

ගීතාවලිය 74:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 25:1; 2ලේක 35:15

ගීතාවලිය 74:1

හරස් යොමු දැක්වීම්

  • +විලා 5:20
  • +ද්වි 29:19, 20; ගීතා 100:3

ගීතාවලිය 74:2

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ඊශ්‍රායෙල් සෙනඟව.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:29
  • +ද්වි 4:20; 32:9
  • +ගීතා 48:2; 132:13

ගීතාවලිය 74:3

හරස් යොමු දැක්වීම්

  • +දානි 9:17
  • +ගීතා 79:1

ගීතාවලිය 74:4

හරස් යොමු දැක්වීම්

  • +විලා 2:7

ගීතාවලිය 74:6

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:18, 35

ගීතාවලිය 74:7

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:9; යෙසා 64:11

ගීතාවලිය 74:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 13:2; 79:4
  • +එස 36:23

ගීතාවලිය 74:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 44:23; යෙසා 64:12; විලා 2:3

ගීතාවලිය 74:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:2; යෙසා 33:22

ගීතාවලිය 74:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:21; නෙහෙ 9:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2006, 11 පි.

ගීතාවලිය 74:14

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2006, 11 පි.

ගීතාවලිය 74:15

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 48:21
  • +යොෂු 3:13

ගීතාවලිය 74:16

පාදසටහන්

  • *

    හෝ, “ආලෝක වස්තුව.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:3, 5; ගීතා 136:7, 8

ගීතාවලිය 74:17

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:26
  • +උත් 8:22

ගීතාවලිය 74:18

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 52:5

ගීතාවලිය 74:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 12:5
  • +එස්රා 3:11

ගීතාවලිය 74:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:50, 51; යෙසා 52:5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 74:පෙර සටහන1ලේක 25:1; 2ලේක 35:15
ගීතා. 74:1විලා 5:20
ගීතා. 74:1ද්වි 29:19, 20; ගීතා 100:3
ගීතා. 74:2ද්වි 9:29
ගීතා. 74:2ද්වි 4:20; 32:9
ගීතා. 74:2ගීතා 48:2; 132:13
ගීතා. 74:3දානි 9:17
ගීතා. 74:3ගීතා 79:1
ගීතා. 74:4විලා 2:7
ගීතා. 74:61රාජා 6:18, 35
ගීතා. 74:72රාජා 25:9; යෙසා 64:11
ගීතා. 74:10ගීතා 13:2; 79:4
ගීතා. 74:10එස 36:23
ගීතා. 74:11ගීතා 44:23; යෙසා 64:12; විලා 2:3
ගීතා. 74:12නික් 15:2; යෙසා 33:22
ගීතා. 74:13නික් 14:21; නෙහෙ 9:10, 11
ගීතා. 74:15යෙසා 48:21
ගීතා. 74:15යොෂු 3:13
ගීතා. 74:16උත් 1:3, 5; ගීතා 136:7, 8
ගීතා. 74:17ක්‍රියා 17:26
ගීතා. 74:17උත් 8:22
ගීතා. 74:18යෙසා 52:5
ගීතා. 74:21ගීතා 12:5
ගීතා. 74:21එස්රා 3:11
ගීතා. 74:22ගීතා 89:50, 51; යෙසා 52:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 74:1-23

ගීතාවලිය

මස්කිල්.* ආසාෆ් රචනා කරපු ගීතයක්.+

74 දෙවියනි, ඔබ සදහටම අපිව අත්හැරලා දැම්මේ ඇයි?+

ඔබේ තණබිමේ ඉන්න බැටළු රැළත් එක්ක ඔබ කේන්තියෙන් ඉන්නේ ඇයි?+

 2 කාලෙකට කලින් ඔබ අයිති කරගත්ත සෙනඟව සිහි කරන්න.+

ඔබේ උරුමය විදිහට ඔබ බේරගත්ත ගෝත්‍රයත්*+

ඔබ වාසය කරන සියොන් කන්දත් සිහි කරන්න.+

 3 සම්පූර්ණයෙන්ම විනාශ වෙලා පාළුවට ගිය තැන්වලට ගිහින් බලන්න.+

ශුද්ධස්ථානයේ තිබුණ හැම දේම සතුරා නැති නාස්ති කරලා.+

 4 ඔබට නමස්කාර කරන තැන ඉඳන් ඔබේ සතුරන් ජය ඝෝෂා නැඟුවා.+

ඔවුන් හැමෝටම පේන්න ඔවුන්ගේ ලාංඡන එතන සවි කරලා.

 5 පොරොවෙන් ගන කැලෑ එළි කරන අය වගේ ඔවුන් හැම දේම නාස්ති කළා.

 6 පොරෝවලින් සහ යකඩ පොලුවලින්

ශුද්ධස්ථානයේ තියෙන කැටයම් කුඩු කරලා දැම්මා.+

 7 ඔබේ ශුද්ධස්ථානයට ගිනි තිබ්බා.+

ඔබේ නම දරන ශුද්ධ කූඩාරම බිමට ඇදලා දාලා ඒකට අගෞරව කළා.

 8 ඔවුනුත් ඔවුන්ගෙන් පැවතෙන අයත් මෙහෙම හිතුවා.

“දෙවියන්ට නමස්කාර කරන හැම තැනකටම ගිනි තියන්න ඕනේ.

ඒවා දේශයෙන් අයින් කරන්න ඕනේ.”

 9 දේශයේ කොහෙවත් අපේ ලාංඡන දකින්න නැහැ.

දේශයේ දැන් අනාගතවක්තෘවරයෙක්වත් නැහැ.

තව කොච්චර කාලයක් මේ තත්වය තියෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ.

10 අනේ දෙවියනි, තව කොච්චර කාලයක් සතුරා ඔබට නින්දා කරයිද?+

විරුද්ධකරුවන් සදහටම ඔබේ නමට අගෞරව කරයිද?+

11 ඔබේ දකුණත දිගහැරලා ඔබ පියවර ගන්නේ නැත්තේ ඇයි?+

ඔබේ ඇඳුම ඇතුළට දාගෙන ඉන්න ඔබේ දකුණත එළියට අරන් ඔවුන්ව විනාශ කරන්න.

12 දෙවියනි, ඈත අතීතයේ ඉඳන්ම මගේ රජු ඔබයි.

පුදුම දේවල් කරලා පොළොවේ වැසියන්ට ගැලවීම ලබා දෙන්නේ ඔබයි.+

13 දෙවියනි, ඔබේ ශක්තියෙන් ඔබ මුහුද කැලඹුවා.+

මුහුදේ සැරිසරන දැවැන්තයන්ගේ හිස් පොඩි කරලා දැම්මා.

14 ඔබ ලෙවීයාතන්ගේ* හිස් පාගලා දැම්මා.

ඌව කාන්තාරවල ඉන්න අයට කන්න දුන්නා.

15 ඔබ පර්වත දෙබෑ කරලා දිය උල්පත් සහ දිය දහරා ගලා යන්න සැලැස්සුවා.+

ගලා යන ගංගා හිඳිලා යන්න සැලැස්සුවා.+

16 දවාල සහ රාත්‍රිය හැදුවෙත්

ආලෝකය* සහ හිරු හැදුවෙත් ඔබයි.+

17 පොළොවේ සීමා නියම කළෙත්+

ගිම්හාන කාලය සහ ශීත කාලය ඇති කළෙත් ඔබයි.+

18 යෙහෝවා දෙවියනි, සතුරා ඔබට කරන නින්දා අමතක කරන්න එපා.

අඥාන සෙනඟක් ඔබේ නමට අගෞරව කරන විදිහ අමතක කරන්න එපා.+

19 කොබෙයියෙක් වගේ ඉන්න ඔබේ සෙනඟව වනසතුන්ගේ ගොදුරක් වෙන්න දෙන්න එපා.

පීඩා විඳින අපිව සදහටම අමතක කරලා දාන්න එපා.

20 ඔබ අපිත් එක්ක ඇති කරගත්ත ගිවිසුම සිහි කරන්න.

මොකද පොළොවේ අඳුරු තැන් ප්‍රචණ්ඩත්වයෙන් පිරිලා.

21 පීඩාවට පත් වුණ කෙනාට කලකිරිලා හැරිලා යන්න දෙන්න එපා.+

අසරණයාත් දුප්පතාත් ඔබේ නමට ප්‍රශංසා කරනු ලැබේවා!+

22 දෙවියනි, සාක්ෂි ඉදිරිපත් කරලා ඔබට කරන චෝදනා බොරුයි කියලා ඔප්පු කරන්න.

අඥානයා දවස පුරාම ඔබට කරන නින්දා සිහි කරන්න.+

23 ඔබට විරුද්ධව වැඩ කරන අයගේ ඝෝෂාව ස්වර්ගය දක්වාම දිගින් දිගටම නැඟ යනවා.

ඔබේ සතුරන් ඔබට විරුද්ධව කියන දේවල් අමතක කරන්න එපා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න