ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සලමොන්ගේ ගීතිකාව 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සලමොන්ගේ ගීතිකාව පොතේ සාරාංශයක්

    • සලමොන් රජගේ කූඩාරමේ ඉන්න ෂූලම්මීය තරුණිය (1:1–3:5)

    • යෙරුසලමේ ඉන්න ෂූලම්මීය තරුණිය (3:6–8:4)

        • සියොන්වල දූවරු (6-11)

          • සලමොන්ගේ පිරිවර විස්තර කරනවා

සලමොන්ගේ ගීතිකාව 3:1

හරස් යොමු දැක්වීම්

  • +සල 1:7
  • +සල 5:6

සලමොන්ගේ ගීතිකාව 3:3

හරස් යොමු දැක්වීම්

  • +සල 5:7

සලමොන්ගේ ගීතිකාව 3:4

පාදසටහන්

  • *

    හෝ, “ඇතුල් කාමරයට.”

හරස් යොමු දැක්වීම්

  • +සල 8:2

සලමොන්ගේ ගීතිකාව 3:5

හරස් යොමු දැක්වීම්

  • +සල 2:7; 8:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2015, 31 පි.

    11/15/2006, 18-19 පි.

සලමොන්ගේ ගීතිකාව 3:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:23, 24, 34

සලමොන්ගේ ගීතිකාව 3:7

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:22

සලමොන්ගේ ගීතිකාව 3:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 5:8, 9

සලමොන්ගේ ගීතිකාව 3:11

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:24; හිතෝ 4:3

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සල. 3:1සල 1:7
සල. 3:1සල 5:6
සල. 3:3සල 5:7
සල. 3:4සල 8:2
සල. 3:5සල 2:7; 8:4
සල. 3:6නික් 30:23, 24, 34
සල. 3:71රාජා 9:22
සල. 3:91රාජා 5:8, 9
සල. 3:112සාමු 12:24; හිතෝ 4:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සලමොන්ගේ ගීතිකාව 3:1-11

සලමොන්ගේ ගීතිකාව

3 “රාත්‍රියේ යහනේදී

මං ආදරේ කරන තරුණයාව මට මතක් වුණා.+

ඔහුව දකින්න ආසාවෙන් හිටියත් මට ඔහුව දැකගන්න ලැබුණේ නැහැ.+

 2 ඉතින් දැන් මම නැඟිටලා නගරය වටේ ගිහින් බලන්න ඕනේ.

පාරවල් දිගෙත් මංසන්ධිවලටත් ගිහින් බලන්න ඕනේ.

මං ආදරේ කරන කෙනාව හොයන්න ඕනේ.

මං ඔහුව හෙව්වත් මට ඔහුව හොයාගන්න බැරි වුණා.

 3 නගරය වටේ ඇවිදින මුරකරුවන් මාව දැක්කා.+

එතකොට මම ඇහුවා ‘මගේ පෙම්වතාව දැක්කාද’ කියලා.

 4 ඔවුන්ව පහු කරගෙන යනවාත් එක්කම

මං ආදරය කරන කෙනාව මට හම්බ වුණා.

මම ඔහුව තදින් අල්ලගත්තා.

මගේ මවගේ නිවසට, මාව කුසේ දරපු තැනැත්තියගේ නිවසට*+

ඔහුව එක්කගෙන යන කල් මම ඔහුව අතහැරියේ නැහැ.

 5 යෙරුසලමේ දූවරුනි, මගේ හිතේ ආදර හැඟීම් අවදි කරන්න උත්සාහ කරන්න එපා.

නැති ආදරයක් ඇති කරන්න හදන්න එපා.+

ඔබ එහෙම කරන්නේ නැහැ කියලා මුවදෙනුන් ගැන දිවුරලා මට පොරොන්දු වෙන්න.”

 6 “පාළුකරයේ ඉඳන් දුම් වලාවන් වගේ එන මේ දේ මොකක්ද?

සුවඳ ලාටු සහ කට්ටකුමංජල්වල සුවඳත්

වෙළඳුන් විකුණන විලවුන් වර්ගවල සුවඳත් විහිදෙන මේ දේ මොකක්ද?”+

 7 “ඒ සලමොන් රජගේ දෝලාවයි.

ශක්තිමත් පුරුෂයන් 60දෙනෙක් ඒ වටේ ඉන්නවා.

ඊශ්‍රායෙල්වල යුධ දක්ෂයන් ඒක පිරිවරාගෙන ඉන්නවා.+

 8 ඒ හැමෝම ළඟ කඩු තියෙනවා.

ඔවුන් සටන් කරන්න හොඳින් පුහුණු වුණ අයයි.

රාත්‍රියේ වෙන අනතුරුවලට මුහුණ දෙන්න

ඒ හැමෝම තමන්ගේ කඩු ඉණේ බැඳගෙනයි ඉන්නේ.”

 9 “ඒක සලමොන්ගේ රාජකීය දෝලාවයි.

ලෙබනොන්වල ලීවලින් ඔහු හදාගත්ත ඔහුගේ දෝලාවයි.+

10 ඒකේ කණු ඔහු හැදුවේ රිදීවලින්.

ආධාරක හැදුවේ රන්වලින්.

ආසනයට අල්ලලා තියෙන්නේ දම් පාට ලොම්.

යෙරුසලමේ ළඳුන් ඒකේ ඇතුළත

හරිම ආදරෙන් සැරසුවා.”

11 “සියොන්වල දූවරුනි, ඇවිත් බලන්න.

ඇවිත් සලමොන් රජව බලන්න.

ඔහුගේ හිත සතුටින් පිරිලා ගිය ඔහුගේ විවාහ දිනේදී

ඔහුගේ මව+ හදලා දීපු මංගල කිරුළ පැලඳගෙන ඉන්න රජව බලන්න.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න