ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුතුන්+ රචනා කරපු ගීයක්. මස්කිල්.*
44 දෙවියනි, ඈත අතීතයේදී ඔබ කරපු දේවල් ගැන අපි අහලා තියෙනවා.
අපේ මුතුන්මිත්තන් ඔවුන්ගේ කාලයේදී ඔබ කරපු දේවල් ගැන අපිට කියලා තියෙනවා.+
ඔවුන්ගේ දේශයේ අපේ මුතුන්මිත්තන්ව පදිංචි කළා.+
5 ඔබේ බලයෙන් අපි අපේ සතුරන්ව පන්නලා දානවා.+
ඔබේ නම ගැන විශ්වාසය තියලා අපේ විරුද්ධකාරයන්ව පාගලා දානවා.+
8 දෙවියනි, දවස පුරාම අපි ඔබට ප්‍රශංසා කරනවා.
සදහටම අපි ඔබේ නමට ස්තුති ප්‍රශංසා කරනවා. (සීලාහ්)
9 ඒත් දැන් ඔබ අපිව අත්හැරලා දාලා. අපිව නින්දාවට පත් කරලා.
ඔබ අපේ හමුදාවන්ට උදව් කරන්නෙත් නැහැ.
13 ඔබ අපිව අපේ අසල්වාසීන් ඉස්සරහා නින්දාවට පත් කරනවා.
ඒ නිසා අපේ වටේ ඉන්න හැමෝම අපිට හිනා වෙවී ඔච්චම් කරනවා.
14 අපිව ජාතීන් අතරේ නින්දාවට පත් වෙන්න ඔබ ඉඩහැරියා.+
ඔළුව වනවන අපිට සමච්චල් කරන්නත් ඔබ ඔවුන්ට ඉඩහැරියා.
15 ඔවුන් කරන නින්දා නිසා දවස පුරාම මට ලොකු ලැජ්ජාවක් දැනෙනවා.
කාටවත් මූණ දෙන්න බැරුව මං මූණ හංගගන්නවා.
16 අපෙන් පළිගන්න සතුරන් නිසාත්
ඔවුන් කරන නින්දා, අපහාස නිසාත් මම ලැජ්ජාවෙන් මූණ වහගන්නවා.
18 අපි ඔබට ද්‍රෝහි වුණේවත්
ඔබේ මාවතෙන් ඉවතට ගියේවත් නැහැ.
19 ඒත් ඔබ අපිට පහර දීලා හිවලුන් ඉන්න තැන්වල අපිව අත්හැරලා ගියා.
ඝන අන්ධකාරයේ අපිව අතරමං කළා.
20 අපිට අපේ දෙවියන්ගේ නම අමතක වුණා නම්,
අපි වෙනත් දෙවි කෙනෙක් ඉස්සරහා අත් ඔසවලා යාච්ඤා කළා නම්,
21 දෙවියන් ඒ ගැන දන්නේ නැද්ද?
අපේ හිතේ තියෙන හැම රහසක් ගැනම දෙවියන් දන්නවා.+
අවදි වෙන්න. හැමදාටම අපිව අත්හැරලා දාන්න එපා.+
24 ඔබේ මුහුණ අපෙන් ඉවතට හරවගන්නේ ඇයි?
අපි විඳින දුක් කරදර, පීඩා ඔබ අමතක කරලා දාන්නේ ඇයි?
26 දෙවියනි, නැඟිටලා අපිට උදව් කරන්න.+
ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා අපිව බේරගන්න.+