ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 94
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දුෂ්ටයන්ට දඬුවම් කරන්න කියලා දෙවියන්ට කරන යාච්ඤාවක්

        • “තව කොච්චර කාලයක් දුෂ්ටයන් සතුටු වෙයිද?” (3)

        • යාහ්ගෙන් ලැබෙන හික්මවීම්වලින් සතුටක් ලැබෙයි (12)

        • දෙවියන් ඔහුගේ සෙනඟව අත්හරින්නේ නැහැ (14)

        • “දුෂ්ට අරමුණකින් නීති පනවයි” (20)

ගීතාවලිය 94:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:35; නාහු 1:2; රෝම 12:19

ගීතාවලිය 94:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:25; ක්‍රියා 17:31
  • +ගීතා 31:23

ගීතාවලිය 94:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 73:3; 74:10

ගීතාවලිය 94:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 14:4

ගීතාවලිය 94:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1995, 30 පි.

ගීතාවලිය 94:7

පාදසටහන්

  • *

    “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 59:2, 7; එස 8:12
  • +ගීතා 10:4, 11; 73:3, 11; යෙසා 29:15

ගීතාවලිය 94:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:22

ගීතාවලිය 94:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:15

ගීතාවලිය 94:10

පාදසටහන්

  • *

    මූ.අ., “ඔබටත් අවවාද කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:5; යෙසා 10:12
  • +ගීතා 25:8; යෙසා 28:26; යොහ 6:45

ගීතාවලිය 94:11

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 3:20

ගීතාවලිය 94:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:71; හිතෝ 3:11; 1කොරි 11:32; හෙබ්‍රෙ 12:5, 6
  • +ගීතා 19:8

ගීතාවලිය 94:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:23; 2පේතෘ 2:9

ගීතාවලිය 94:14

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 12:22; ගීතා 37:28; හෙබ්‍රෙ 13:5
  • +ද්වි 32:9

ගීතාවලිය 94:17

පාදසටහන්

  • *

    මූ.අ., “මං නිහඬ වෙලා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 124:2, 3; 2කොරි 1:10

ගීතාවලිය 94:18

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:9; ගීතා 37:24; 121:3; විලා 3:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 8 පාඩම

ගීතාවලිය 94:19

පාදසටහන්

  • *

    හෝ, “නොසන්සුන් කරවන සිතුවිලිවලින් මගේ හිත පිරිලා තියෙද්දී.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 86:17; ෆිලි 4:6, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2024, 25 පි.

    බයිබලයෙන් උත්තර, 189 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 8 පාඩම

    මුරටැඹ,

    7/15/2006, 13 පි.

    3/15/2003, 9 පි.

    9/1/2001, 16-17 පි.

ගීතාවලිය 94:20

පාදසටහන්

  • *

    මූ.අ., “සිංහාසනය.” හෝ, “විනිශ්චයකරුවන්.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 10:1; දානි 6:7; ක්‍රියා 5:27, 28

ගීතාවලිය 94:21

පාදසටහන්

  • *

    හෝ, “නිර්දෝෂ කෙනා දුෂ්ටයෙක් කියලා තීන්දු කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 59:3
  • +1රාජා 21:13

ගීතාවලිය 94:22

පාදසටහන්

  • *

    හෝ, “ආරක්ෂාව ලබා දෙන උස් ස්ථානයක්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:2

ගීතාවලිය 94:23

පාදසටහන්

  • *

    මූ.අ., “නිහඬ කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:22; 2තෙස 1:6
  • +1සාමු 26:9, 10

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 94:1ද්වි 32:35; නාහු 1:2; රෝම 12:19
ගීතා. 94:2උත් 18:25; ක්‍රියා 17:31
ගීතා. 94:2ගීතා 31:23
ගීතා. 94:3ගීතා 73:3; 74:10
ගීතා. 94:5ගීතා 14:4
ගීතා. 94:7ගීතා 59:2, 7; එස 8:12
ගීතා. 94:7ගීතා 10:4, 11; 73:3, 11; යෙසා 29:15
ගීතා. 94:8හිතෝ 1:22
ගීතා. 94:9ගීතා 34:15
ගීතා. 94:10ගීතා 9:5; යෙසා 10:12
ගීතා. 94:10ගීතා 25:8; යෙසා 28:26; යොහ 6:45
ගීතා. 94:111කොරි 3:20
ගීතා. 94:12ගීතා 119:71; හිතෝ 3:11; 1කොරි 11:32; හෙබ්‍රෙ 12:5, 6
ගීතා. 94:12ගීතා 19:8
ගීතා. 94:13ගීතා 55:23; 2පේතෘ 2:9
ගීතා. 94:141සාමු 12:22; ගීතා 37:28; හෙබ්‍රෙ 13:5
ගීතා. 94:14ද්වි 32:9
ගීතා. 94:17ගීතා 124:2, 3; 2කොරි 1:10
ගීතා. 94:181සාමු 2:9; ගීතා 37:24; 121:3; විලා 3:22
ගීතා. 94:19ගීතා 86:17; ෆිලි 4:6, 7
ගීතා. 94:20යෙසා 10:1; දානි 6:7; ක්‍රියා 5:27, 28
ගීතා. 94:21ගීතා 59:3
ගීතා. 94:211රාජා 21:13
ගීතා. 94:22ගීතා 18:2
ගීතා. 94:23හිතෝ 5:22; 2තෙස 1:6
ගීතා. 94:231සාමු 26:9, 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 94:1-23

ගීතාවලිය

94 දුෂ්ටයන්ට දඬුවම් කරන යෙහෝවා දෙවියනි,+

යුක්තිය ඉටු කරන දෙවියනි, ඔබේ බලයත් තේජසත් පේන්න සලස්වන්න.

 2 පොළොව විනිශ්චය කරන තැනැත්තාණෙනි, නැඟී ඉඳලා+

උඩඟු අයට ලැබෙන්න ඕනෙ දඬුවම දෙන්න.+

 3 අනේ යෙහෝවා, තව කොච්චර කාලයක් දුෂ්ටයන් සතුටු වෙයිද?

ඔවුන් හැමදාමත් මේ විදිහට සතුටින් ඉඳියිද?+

 4 ඔවුන් අහංකාර විදිහට තොරතෝංචියක් නැතුව දොඩවනවා.

දුෂ්ට වැඩ කරන හැමෝම තමන් ගැනම මහ ඉහළින් කතා කරනවා.

 5 අනේ යෙහෝවා, ඔවුන් ඔබේ සෙනඟව තළලා පොඩි කරලා දානවා.+

ඔබේ උරුමය වන ඔවුන්ට හිරිහැර කරනවා.

 6 වැන්දඹුවන්වත් විදේශිකයන්වත් ඔවුන් මරලා දානවා.

පියා නැති දරුවන්වත් විනාශ කරලා දානවා.

 7 “යාහ්ට* අපි කරන දේවල් පේන්නේ නැහැ.+

යාකොබ්ගේ දෙවියන්ට මේ දේවල් ගැන කිසි ගාණක් නැහැ”+ කියලා ඔවුන් කියනවා.

 8 දැනුම් තේරුම් නැති තැනැත්තෙනි, මේ දේ තේරුම්ගන්න.

අඥානයෙනි, කවදාද ඔබ මේ දේ අවබෝධ කරගන්නේ?+

 9 කන හදපු කෙනාට ඇහෙන්නේ නැහැ කියලා හිතුවාද?

ඇහැ හදපු කෙනාට පේන්නේ නැහැ කියලා හිතුවාද?+

10 ජාතීන්ව නිවැරදි කරන තැනැත්තාට

ඔබවත් හික්මවන්න* බැහැ කියලා හිතනවාද?+

මිනිසුන්ට දැනුම ලබා දෙන්නේ ඔහුයි.+

11 මිනිසුන්ගේ සිතුවිලි ගැන යෙහෝවා හොඳින්ම දන්නවා.

ඒවා නිකම්ම නිකම් හුස්මක් වගේ කියලත් ඔහු දන්නවා.+

12 යාහ් දෙවියනි, ඔබෙන් හික්මවීම් ලබන තැනැත්තා සන්තෝෂවත්.+

ඔබේ නීතිය ගැන ඔබෙන් ඉගෙනගන්න කෙනා ඉන්නේ සතුටින්.+

13 විපත්ති දවස්වලදීත් සන්සුන්ව ඉන්න ඔබ ඔහුට උගන්වනවා.

දුෂ්ටයන්ව ඇදලා දාන්න වළක් හාරන කල් ඔබ එහෙම කරනවා.+

14 යෙහෝවා ඔහුගේ සෙනඟව කවදාවත් අත්හරින්නේ නැහැ.+

ඔහුගේ උරුමය වන ඔවුන්ව ඉවත දාන්නේ නැහැ.+

15 ධර්මිෂ්ඨව විනිශ්චය කරන කාලයක් ආයෙත් එනවා.

අවංක සිත් තියෙන හැමෝම ඒ විනිශ්චයන්වලට එකඟව ජීවත් වෙනවා.

16 මං වෙනුවෙන් දුෂ්ටයන් එක්ක සටන් කරන්නේ කවුද?

නපුරු දේවල් කරන අයට විරුද්ධව නැඟී ඉන්න මට උදව් කරන්නේ කවුද?

17 යෙහෝවා මට උදව් කළේ නැත්නම්

මේ වෙනකොටත් මගේ ජීවිතේ නැති වෙලා.*+

18 “මගේ පය ලිස්සන්නයි යන්නේ” කියලා මං ඔබට කිව්වාම

යෙහෝවා දෙවියනි, ඔබේ නොසැලෙන ආදරය නිසා ඔබ මට වැටෙන්න දුන්නේ නැහැ.+

19 සිත්තැවුලෙන් මං යටපත් වෙලා ඉද්දී*

ඔබ මාව සනසලා මගේ හිත සන්සුන් කළා.+

20 දුෂ්ට අරමුණකින් නීති පනවන දූෂිත පාලකයන්* එක්ක

ඔබ කොහොමටවත් මිත්‍රත්වයක් ඇති කරගන්නේ නැහැ.+

21 ඔවුන් ධර්මිෂ්ඨ අයට හරිම කුරිරු විදිහට පහර දෙනවා.+

නිර්දෝෂ අයට මරණ දඬුවම නියම කරනවා.*+

22 ඒත් මගේ දෙවි යෙහෝවා

මට රැකවරණය ලබා දෙන බලකොටුවක්.*

ආරක්ෂාව දෙන පර්වතයක්.+

23 ඔවුන් කරන දුෂ්ටකම් ඔහු ඔවුන් පිටටම එන්න සලස්වනවා.+

ඔවුන් අනිත් අයට කරන්න හදපු නපුරුකම්

ඔවුන් පිටටම ගෙනත් ඔවුන්ව විනාශ කරනවා.*

අපේ දෙවි යෙහෝවා අනිවාර්යයෙන්ම ඔවුන්ව විනාශ කරනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න