ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 5/15 21 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පොරොන්දුව කඩ කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • මෝසෙස් සහ ආරොන්—නිර්භයව දේවවචනය ප්‍රකාශකරන්නෝ
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මෝසෙස් සහ ආරොන් හුඟක් ධෛර්යවන්තව කටයුතු කළා
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මෝසෙස් පර්වතයට ගසයි
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 5/15 21 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යෙහෝවා දෙවි රූප නමස්කාරය තහනම් කර තිබෙනවා. ඒත් ආරොන් රන් වස්සා සෑදූ විට දෙවි ඔහුට දඩුවම් නොකළේ ඇයි?

නික්මයාම 32වන පරිච්ඡේදයේ සඳහන් වන ආකාරයට ආරොන් රන් වස්සා සෑදූ අවස්ථාවේදී ඔහු රූප නමස්කාරය සම්බන්ධයෙන් දෙවි ලබා දී තිබූ නීතියට අකීකරු වුණා. (නික්. 20:3-5) එහි ප්‍රතිඵලයක් ලෙස ‘යෙහෝවා දෙවි ආරොන් සමඟ උදහස් වී ඔහුව විනාශ කර දමන්න තීරණය කළා. නමුත් ඒ අවස්ථාවේදී [මෝසෙස්] ආරොන් වෙනුවෙන් දෙවිට කන්නලව් කළා.’ (ද්වි. 9:19, 20) ධර්මිෂ්ඨ මෝසෙස්ගේ කන්නලව්ව නිසා ආරොන් “ඉමහත් ප්‍රයෝජන” ලැබුවා විය හැකිද? (යාකො. 5:16) ඔව්. යෙහෝවා දෙවි මෝසෙස්ගේ යාච්ඤාවට සවන් දුන් නිසා ආරොන්ට දඩුවම් නොකර සිටින්න ඇති. ඊට බලපෑ තවත් හේතු දෙකක්ද තිබෙනවා.

එක් හේතුවක් වන්නේ ආරොන් දිගු කාලයක් පුරා දෙවිට විශ්වාසවන්තව සේවය කළ කෙනෙක් වීමයි. පාරාවෝ වෙතට ගොස් ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තුවෙන් නිදහස් කරගෙන එන ලෙසට යෙහෝවා දෙවි දී තිබූ අණ ඉටු කිරීමේදී මෝසෙස් සමඟ ගොස් ඔහු වෙනුවෙන් කතා කිරීමට දෙවි පත් කළේ ආරොන්වයි. (නික්. 4:10-16) ඔවුන් දෙදෙනාම පාරාවෝ ඉදිරියේ කිහිප වතාවක්ම පෙනී සිටියා. නමුත් ඒ සෑම අවස්ථාවකදීම පාරාවෝ ඔවුන්ට සැලකුවේ ඉතා අකාරුණික ලෙසයි. ඒත් ඔවුන් දිගටම දෙවිට කීකරුව සිටියා. ඒ අනුව ඊජිප්තුවේ සිටින කාලයේ පටන් ආරොන් දෙවිට පක්ෂපාතව සේවය කළ බව පැවසිය හැකියි.—නික්. 4:21.

දෙවි ආරොන්ට දඩුවම් නොකිරීමට තවත් හේතුවක් අපි සලකා බලමු. ආරොන් රන් වස්සාව සෑදූ අවස්ථාවේ මෝසෙස් සිටියේ සීනයි කන්දේ. ඔහු දවස් 40ක් ඒ කන්දේ සිටියා. “මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වූ බැවින් මුළු සෙනඟම” එකතු වී තමන්ට රූපයක් සාදා දෙන මෙන් ආරොන්ට ඇවටිලි කළා. ආරොන් ඔවුන්ගේ කීම අසා රත්තරන්වලින් වස්සෙකුගේ රූපයක් සෑදුවා. (නික්. 32:1-6) කෙසේනමුත් ආරොන් කළ ඒ සියලු දේ ඔහුගේම කැමැත්තෙන් සිදු නොකළ බව ඉන්පසුව ඔහු කළ දේවලින් පැහැදිලි වෙනවා. ආරොන් ඒ සියලු දේ කළේ මිනිසුන්ගේ බලපෑමට යටත් වූ නිසයි. නමුත් රූප නමස්කාරය නැත්තටම නැති කිරීමට මෝසෙස් කටයුතු කළ අවස්ථාවේ ආරොන් ඇතුළුව ලෙවීගේ පුත්‍රයන් සියලුදෙනාම යෙහෝවා දෙවිගේ පැත්ත ගැනීමට දෙගිඩියාවෙන් සිටියේ නැහැ. කෙසේවෙතත් රූප නමස්කාරයට වග කිව යුතු වූ 3,000ක් ඒ අවස්ථාවේදී මරණයට පත් වුණා.—නික්. 32:25-29.

ඉන්පසු මෝසෙස් සෙනඟට මෙවැනි දෙයක් පැවසුවා. “ඔබ සියලුදෙනා කළේ බරපතළ පාපයක්.” (නික්. 32:30) ඉන් පැහැදිලි වන්නේ ආරොන් පමණක් ඒ වරදට වග කිව යුතු නැති බවයි. ඒ කෙසේවෙතත් යෙහෝවා දෙවිගේ මහත් කරුණාව නිසා සෙනඟ සමඟ ඔහුද ප්‍රයෝජන ලැබුවා.

ඒ සිදුවීමෙන් පසුව යෙහෝවා දෙවි ආරොන්ව උත්තම පූජකයා ලෙස පත් කරමින් මෝසෙස්ට මෙසේ පැවසුවා. “පූජකයෙකු ලෙස මට පරිශුද්ධ සේවය පිරිනමන පිණිස ආරොන්ට ශුද්ධ වස්ත්‍ර අන්දවා ඔහුව අභිෂේක කරන්න.” (නික්. 40:12, 13) දෙවි ආරොන්ගේ දුර්වලකමට සමාව දුන් බව ඉන් පැහැදිලි වෙනවා. දෙවි ඔහුව දුටුවේ රූප නමස්කාරයේ යෙදුණු කැරලිකාරයෙක් ලෙස නොව සැබෑ නමස්කාරය වෙනුවෙන් කටයුතු කළ පක්ෂපාත සේවකයෙකු ලෙසයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න