ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 8/15 28-30 පි.
  • එලිෂා වගේ වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එලිෂා වගේ වෙන්න
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • එලිෂා සේවය අරඹයි
  • සේවය අතහැරියේ නැහැ
  • “ඔබ කැමති දෙයක් මගෙන් ඉල්ලන්න”
  • එලිෂා දුටු දේ
  • යෙහෝවා දෙවි මත රඳා සිටියා
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආත්ම-පරිත්‍යාගිත්වයේ සහ පක්ෂපාතිත්වයේ ආදර්ශයක්
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන්ගේ හමුදාව
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ඔබ ඇදහිලිවන්ත මහලු අයව ඉතා අගේ කොට සලකනවාද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 8/15 28-30 පි.
[28වන පිටුවේ පින්තූරය]

එලිෂා වගේ වෙන්න

සිරියාවේ රජු එලිෂාව අත්අඩංගුවට ගන්න සොයද්දී ඔහු දොතාන් නගරයේ සිටින බව රජුට ආරංචි වෙනවා. රජු, අශ්වයන් සහ අශ්ව රථ සමඟින් හමුදාවක් දොතාන් දක්වා පිටත් කර යවනවා. අලුයම වෙද්දී හමුදාව නගරය වටලනවා.—2 රාජා. 6:13, 14.

එලිෂාගේ සේවකයා උදෙන්ම නැඟිටලා බලද්දී එලිෂාව අල්ලගන්න පැමිණි හමුදාව දකිනවා. “අනේ මගේ ස්වාමීනි, අපි දැන් මොනවද කරන්නේ” කියලා ඔහු ඇහුවා. ඒ වෙලාවේ එලිෂා ඔහුට මෙහෙම කිව්වා. “භය වෙන්න එපා. ඒ අයට වඩා විශාල පිරිසක් අප සමඟ ඉන්නවා.” ඊටපස්සේ එලිෂා යෙහෝවා දෙවිට මෙහෙම යාච්ඤා කළා. “අනේ යෙහෝවා දෙවියනි, ඔහුගේ ඇස් පහදා ඔහුට පැහැදිලිව දකින්න සලස්වන්න. ඒ අවස්ථාවේදීම යෙහෝවා දෙවි, සේවකයාගේ ඇස් පැහැදුවේය. එලිෂා සිටි ස්ථානය අවට තිබූ කඳුකර පළාත පුරාම ගිනි වැනි වූ අශ්වයන් සහ අශ්ව රථ තිබෙනවා ඔහුගේ සේවකයා දුටුවේය.” (2 රාජා. 6:15-17) මේ සිද්ධියෙන් සහ එලිෂාට මුහුණ දෙන්න සිදු වුණු අනික් සිදුවීම්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

ඒ අවස්ථාවේදී එලිෂාට භයක් දැනුණේ නැහැ. යෙහෝවා දෙවි කෙරෙහි ඔහුට පූර්ණ විශ්වාසයක් තිබුණු නිසාත් ඒ වෙද්දීත් දෙවි ඔවුන්ව ආරක්ෂා කිරීමට යමක් කර තිබෙනවා කියා දැකපු නිසාත් ඔහු සන්සුන්ව සිටියා. යෙහෝවා දෙවි වර්තමානයේදී ඒ වගේ ආශ්චර්යයන් කරයි කියා අපි බලාපොරොත්තු නොවුණත් ඔහු තමන්ට නමස්කාර කරන අයව සෙනඟක් ලෙස ආරක්ෂා කරන බව අපි හොඳටම දන්නවා. ඒක හරියට අපේ වටේට ගිනි වැනි වූ අශ්වයන් සහ අශ්ව රථ යොදා අපිව ආරක්ෂා කරලා තියෙනවා හා සමානයි. අපිට ඒ වගේ හැඟීමක් ඇති වෙන්නේ අපිට දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තියෙනවා නම් පමණයි. අපි එහෙම කළොත් “කිසිදු බියක් නොමැතිව” ඉන්නත් දෙවිගේ ආශීර්වාද අද්දකින්නත් පුළුවන්. (ගීතා. 4:8) එලිෂාගේ ජීවිතයේ අනික් සිදුවීම්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

එලිෂා සේවය අරඹයි

දවසක් එලිෂා කෙතේ වැඩ කරමින් ඉද්දී එලියා ඔහු ළඟට ඇවිත් තමන්ගේ පිටවස්ත්‍රය එලිෂාට ඇන්දුවා. ඒකෙන් අදහස් කළේ එලියාගේ සේවකයා හැටියට එලිෂාව තෝරගෙන තිබෙන බවයි. එලිෂා ඉක්මනින්ම තමන්ගේ මිත්‍රයන්ට කෑම වේලකට ආරාධනා කර ඔවුන්ගෙනුත් තම මවගෙන් සහ පියාගෙනුත් සමුගෙන තම පැවරුම භාරගන්න ගෙදරින් පිට වුණා. (1 රාජා. 19:16, 19-21) ඕනෙම පැවරුමක් ඉටු කරන්න එලිෂා සූදානමින් සිටි නිසා තමන් කැමති ඕනෙම ආකාරයකට ඔහුව යොදාගන්න යෙහෝවා දෙවිට පුළුවන් වුණා. කාලෙකට පස්සේ එලිෂාත් දෙවිගේ අනාගතවක්තෘ කෙනෙක් විදිහට ක්‍රියා කළා.

එලිෂා අවුරුදු හයක් විතර එලියාට සේවය කළා කියලා සිතන්න පුළුවන්. ඒ කාලයේදී “එලියාට අත් සෝදන්න වතුර වත් කළේ ඔහුයි.” (2 රාජා. 3:11) සාමාන්‍යයෙන් කෑම කෑවට පස්සේ සේවකයෙක් ස්වාමියාගේ අත සෝදන්න වතුර වත් කිරීම ඒ කාලයේ සිරිතක්. ඒකෙන් පැහැදිලි වෙන්නේ එලිෂාගේ පැවරුමට ඒ වගේ ඉතාමත් සුළු කාර්යයනුත් ඇතුළත් වුණා කියලයි. නමුත් ඔහු තමන්ට කරන්න ලැබුණු සෑම පැවරුමක්ම සැලකුවේ වරප්‍රසාදයක් ලෙසයි.

අද දිනත් බොහෝ ක්‍රිස්තියානීන් පූර්ණකාලීන සේවයේ විවිධ අංගවල නියැලෙන්නේ කැමැත්තෙන්මයි. ඔවුන් එසේ කරන්නේ දෙවි කෙරෙහි තියෙන විශ්වාසය සහ තමන් සතු සෑම දෙයක්ම දෙවිගේ සේවය වෙනුවෙන් යොදවන්න ඔවුන්ට තියෙන ආශාව නිසයි. උදාහරණයකට, බෙතෙල් සේවය, ඉදි කිරීම් අංශයේ වැඩ කිරීම වැනි පැවරුම් ඉටු කරන්න ඔවුන්ට තමන්ගේ නිවෙස්වලින් පිට වෙන්න සිදු වෙනවා. එවැනි තැන්වලදී සමහර අයට ලැබෙන පැවරුම් වැදගත්කමින් අඩුයි කියා සමහරුන්ට හිතෙන්න පුළුවන්. නමුත් යෙහෝවා දෙවි ඒවා සලකන්නේ ඉතා වැදගත් දෙයක් විදිහට නිසා අපි කවුරුත් ඒවා වැදගත්කමින් අඩුයි කියලා සිතන්න නරකයි.—හෙබ්‍රෙ. 6:10.

සේවය අතහැරියේ නැහැ

කාලයක් ගත වුණාට පසුව යෙහෝවා දෙවි ‘එලියාව තද සුළඟක් මාර්ගයෙන් අහසට ඔසවාගත්තා.’ නමුත් ඊට කලින් දෙවි එලියාව ගිල්ගාල්වල ඉඳලා බෙතෙල්වලට යැව්වා. ඒ ගමනට තමන් සමඟ එන්න එපා කියලා එලියා එලිෂාට කිව්වත් එලිෂා කිව්වේ “මම ඔබව අත්හැර යන්නේ නැහැ” කියලයි. ඒ ගමන අතරතුරේදී දෙවතාවක්ම එලිෂාට නතර වෙන්න කියා එලියා කිව්වත් ඉන් කිසි පලක් වුණේ නැහැ. (2 රාජා. 2:1-6) රූත්, නායොමිව දාලා යන්න අකමැති වුණා වගේ එලිෂාත් එලියාව දාලා යන්න කැමති වුණේ නැහැ. (රූත් 1:8, 16, 17) එලියාට සේවය කරන්න කියලා යෙහෝවා දෙවි තමන්ට දුන්න පැවරුම එලිෂා හුඟක් අගය කරපු නිසා එහෙම කරන්න ඇති.

එලිෂාගෙන් අපටත් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. දෙවිගේ සංවිධානයෙන් අපිට පැවරුමක් ලැබුණාම ඒ පැවරුම යෙහෝවා දෙවිට සේවය කරන්න ලැබුණු අවස්ථාවක් කියලා අපි හිතනවා නම් අපි ඒක ඉහළින් අගය කරනවා. මොකද දෙවිට සේවය කරන්න ලැබෙන එක තරම් ගෞරවයක් අපිට තවත් නැහැ.—ගීතා. 65:4; 84:10.

“ඔබ කැමති දෙයක් මගෙන් ඉල්ලන්න”

දෙදෙනා ගමන් කරන අතරතුර එලියා, එලිෂාට මෙහෙම කිව්වා. “මාව ඔබෙන් වෙන් කරන්න කලින් ඔබ කැමති දෙයක් මගෙන් ඉල්ලන්න.” සලමොන් රජ යෙහෝවා දෙවිගෙන් ධන සම්පත් ඉල්ලුවේ නැහැ වගේ එලිෂාත් එලියාගෙන් ඉල්ලුවේ ධන සම්පත් නෙවෙයි. ඔහු කිව්වේ “ඔබට ලැබුණු බලයෙන් දෙකොටසක් මට දෙන්න” කියලයි. (1 රාජා. 3:5, 9; 2 රාජා. 2:9) සාමාන්‍යයෙන් ඊශ්‍රායෙල් පවුලක කුලුඳුල් පුතාට ඒ පවුලේ උරුමයෙන් කොටස් දෙකක් ලැබෙනවා. (ද්වි. 21:15-17) එයින් පැහැදිලි වෙන්නේ එලියාගෙන් ලැබෙන උරුමයක් විදිහට ඔහුගෙන් පසුව අනාගතවක්තෘවරයෙක් විදිහට සේවය කරන්න එලිෂාට අවශ්‍ය වුණු බවයි. ඒ විතරක් නෙවෙයි එලිෂාට අවශ්‍ය වෙන්න ඇත්තේ එලියා වගේ “මුළු හදවතින්ම” සහ නිර්භීතකමින් යෙහෝවා දෙවිට සේවය කිරීමටයි.—1 රාජා. 19:13, 14.

තමන්ගේ සේවකයා තමන්ගෙන් ඉල්ලුව දේ ගැන එලියා කිව්වේ “ඔබ ඉල්ලන්නේ මට දෙන්න අමාරු දෙයක්. ඔබෙන් වෙන් වී යන විට ඔබට මාව පෙනුණොත් ඔබට එය ලැබේවි. නමුත් මාව ඔබට පෙනුණේ නැත්නම් ඔබට එය ලැබෙන්නේ නැහැ” කියලයි. (2 රාජා. 2:10) එලියා දුන් පිළිතුරට වැදගත් කාරණා දෙකක් ඇතුළත් වුණා. එක, එලිෂාගේ ඉල්ලීම ඉටු කරන්න පුළුවන් වෙන්නේ දෙවිට පමණයි. දෙක, ඔහුගේ ඉල්ලීම ඉටු වෙන්නේ මොන දේට මුහුණ දෙන්න සිදු වුණත් ඔහු එලියා එක්ක ඉන්නවා නම් පමණයි.

එලිෂා දුටු දේ

එලිෂාගේ ඉල්ලීම දෙවි ඉටු කළාද? ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. ‘ඔවුන් දෙදෙනා කතා කරමින් යන විට එකපාරටම යුධ රථයක්ද අශ්වයෝද ඔවුන් අතරට පැමිණ ඔවුන් දෙදෙනාව වෙන් කළා. රථයද අශ්වයන්ද ගින්නෙන් ඇවිළෙන්නාක් මෙන් තිබුණා. ඒ සමඟම හැමූ තද සුළඟකින් එලියාව අහසට ඔසවාගත්තා. මේ සියල්ල එලිෂා දැක්කා.’a ඒකෙන් පැහැදිලි වෙන්නේ දෙවි එලිෂාගේ ඉල්ලීම ඉටු කළ බවයි. එලියාට ලැබුණු බලයෙන් දෙකොටසක් එලිෂාට ලැබුණා. ඒ වගේම ඊළඟ අනාගතවක්තෘවරයා වෙන්නත් ඔහුට අවස්ථාව ලැබුණා.—2 රාජා. 2:11-14.

එලියාව අහසට ඔසවාගනිද්දී බිම වැටුණු ඔහුගේ නිලවස්ත්‍රය එලිෂා ඇඳගත්තා. ඒකෙන් අදහස් වුණේ එලිෂා දෙවිගේ අනාගතවක්තෘ විදිහට ක්‍රියා කරන්න පටන්ගත්තා කියලයි. එලිෂා ඊටපස්සේ ආශ්චර්යවත් විදිහට යොර්දාන් ගඟේ වතුර දෙබෑ කළා. ඔහු දෙවිගේ අනාගතවක්තෘ කෙනෙක් කියන්න ඒකත් කදිම සාක්ෂියක්.

එලියාව ඉහළට ඔසවාගන්නා අවස්ථාවේදී එලිෂා දැක්ක ගිනිමය අශ්වයන් සහ රථයේ දර්ශනය ඔහුට කවදාවත් අමතක නොවෙන්න ඇති. තමන්ගේ ඉල්ලීම යෙහෝවා දෙවි පිළිගත්ත බව තේරුම්ගන්න එලිෂාට ඒ දර්ශනය උදව් වුණා. ඒක එලිෂාගේ ජීවිත කාලය පුරාවටම ලොකු බලපෑමක් කරන්න ඇති. අපේ යාච්ඤාවලටත් පිළිතුරු වශයෙන් දෙවි ආශ්චර්යවත් ලෙස ගිනිමය අශ්වයන් සහ රථ දකින්න සලස්වන්නේ නැති බව ඇත්තයි. නමුත් යෙහෝවා දෙවි ඔහුගේ කැමැත්ත ඉටු කරන්න ඔහුගේ බලය යොදාගන්න බව තේරුම්ගන්න අපිට පැහැදිලි සාක්ෂි තිබෙනවා. ඒ විතරක් නෙවෙයි යෙහෝවා දෙවි ඔහුගේ සංවිධානයේ පොළොවේ තිබෙන කොටසට ආශීර්වාද කරන ආකාරයත් අපි දකිනවා. ඒක හරියට ඔහුගේ ස්වර්ගික රථය ඉදිරියටම ගමන් කරනවා අපි දකිනවා වගේ දෙයක්.—එස. 10:9-13.

එලිෂා දෙවිගේ බලයේ උපකාරය ඇතුව ආශ්චර්යයන් 16ක් කළා.b එලියා කළාට වඩා එය දෙගුණයකින් වැඩියි. යෙහෝවා දෙවිට අසාමාන්‍ය බලයක් තියෙනවා කියලා ඔහු ලැබූ අද්දැකීම්වලින්ම දැනගෙන හිටියා. අපි මේ ලිපියේ මුල් ඡේදවල සාකච්ඡා කළේ එලිෂා දෙවෙනි වතාවට ගිනිමය අශ්වයන් සහ අශ්ව රථ සම්බන්ධව දැක්ක දර්ශනයයි.

යෙහෝවා දෙවි මත රඳා සිටියා

සිරියානු හමුදාව දකිද්දී එලිෂාට භයක් දැනුණේ නැත්තේ ඔහුට යෙහෝවා දෙවි කෙරෙහි නොසැලෙන විශ්වාසයක් තිබුණු නිසයි. අපිටත් ඒ වගේ විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ නිසා අපි දෙවිගේ බලයේ උපකාරය ඉල්ලා යාච්ඤා කරමු. එතකොට අපිට විශ්වාසය විතරක් නෙවෙයි අනිකුත් ගුණාංගත් වර්ධනය කරගන්න පුළුවන්.—ලූක් 11:13; ගලා. 5:22, 23.

යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති කරගන්නත් දෙවිගේ දූතයන්ගේ ආරක්ෂාව ලැබෙන බව තේරුම්ගන්නත් දොතාන්වලදී සිදු වූ සිද්ධියත් එලිෂාට උදව් වුණා. නගරයත් නගරය වට කරගෙන සිටි හමුදාව වටේටත් දේවදූත හමුදාවක් යෙදෙව්වේ යෙහෝවා දෙවි බව එලිෂා තේරුම්ගත්තා. සිරියානු සොල්දාදුවන්ගේ ඇස් අන්ධ කර එලිෂාව සහ ඔහුගේ සේවකයාව දෙවි ආශ්චර්යවත් ලෙස බේරාගත්තා. (2 රාජා. 6:17-23) අනික් සිද්ධීන්වලදී වගේම මේ සිද්ධියේදීත් එලිෂා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබුවා.

එලිෂා මෙන් අපිත් යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබමු. (හිතෝ. 3:5, 6) අපි එහෙම කළොත් ‘දෙවි අපට කරුණාව පෙන්වා ආශීර්වාද කරනවා.’ (ගීතා. 67:1) ගිනිමය අශ්වයන් සහ අශ්ව රථ අප වටා නැතත් දෙවිගේ ආරක්ෂාව අපිට තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී ඇති වන ‘මහත් පීඩාවේදී’ යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව කණ්ඩායමක් විදිහට ආරක්ෂා කරනවා. (මතෙ. 24:21; එළි. 7:9, 14) එතෙක් ‘අපට රැකවරණය ලබා දෙන්නේ දෙවිය’ කියන කාරණය අපි හොඳින් මතක තබාගනිමු.—ගීතා. 62:8.

a ඒ අවස්ථාවේදී එලියාව ස්වර්ගයට ගත්තා කියලා සමහරු හිතනවා. ඒ ගැන තොරතුරු දැනගන්න 1997 සැප්තැම්බර් 15 මුරටැඹ කලාපයේ 15වෙනි පිටුව බලන්න.

b වර්ෂ 2005 අගොස්තු 1 මුරටැඹ කලාපයේ 10වෙනි පිටුව බලන්න.

නීතිමය ජයග්‍රහණ

  • 243 — ලොව පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පක්ෂව ලැබුණු මහ අධිකරණ තීන්දු

  • ප්‍රංශය: ඇමරිකානු ඩොලර් මිලියන 8.2 නැවත ගෙවයි

    වසර 15ක් පුරා තිබුණු නීතිමය අරගලයකට පස්සේ 2012 දෙසැම්බර් 11වෙනිදා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ප්‍රංශ රජය ගෙවූ මුදල

  • ග්‍රීසිය: රාජ්‍ය මන්ත්‍රණ සභාව

    ප්‍රසිද්ධ ක්‍රිස්තියානි ආගමක් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ඔවුන්ගේම නමස්කාර මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමට රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් 2012 නොවැම්බර් 2වෙනිදා අයිතිය දුන්නා

  • 20 — වර්ෂ 2000 අප්‍රියෙල් සිට මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයෙන් සාක්ෂිකරුවන්ට පක්ෂව ලැබුණු තීන්දු

  • දකුණු කොරියාව: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව දුන් තීන්දුව

    සාක්ෂිකරුවන් 388දෙනෙක් හමුදාවට බැඳීම ප්‍රතික්ෂේප කළේ ඔවුන්ගේ ආගමික විශ්වාසයන් නිසයි. ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය කළ නිසා ඔවුන්ට වන්දියක් ගෙවන ලෙස 2012 ඔක්තෝබර් 25වෙනිදා දකුණු කොරියානු රජයට නියෝගයක් ලැබුණා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න