ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp17 අංක 5 4-5 පි.
  • දේවදූතයන් කියන්නේ මොන වගේ අයද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දේවදූතයන් කියන්නේ මොන වගේ අයද?
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • දේවදූතයන් කියන්නේ කාටද?
    බයිබලයෙන් උත්තර
  • “මහජන සේවය සඳහා වූ” දේවදූතයන්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවදූතයෝ සහ අපි
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවදූතයන්
    2017 පිබිදෙව්!
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp17 අංක 5 4-5 පි.
අග්‍රදේවදූතයා සහ දසදහස් වර දසදහසක් දේවදූතයන්

මුල් පිටුවෙන් | දේවදූතයන් ඇත්තටම ඉන්නවාද?

දේවදූතයන් කියන්නේ මොන වගේ අයද?

දේවදූතයන් කියන්නේ කාටද, එයාලගේ ආරම්භය මොකක්ද, එයාලා කරන්නේ මොනවාද කියලා දැනගන්න ඔයා කැමතිද? දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලියවුණු බයිබලයෙන් විතරයි ඒ ප්‍රශ්නවලට නිවැරදිම උත්තර හොයාගන්න පුළුවන්. (2 තිමෝති 3:16) දේවදූතයන් ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

  • දෙවියන්ව අපිට පේන්නේ නැහැ වගේ දේවදූතයන්වත් අපිට පේන්නේ නැහැ. මොකද එයාලට තියෙන්නේ අපිට වගේ “ඇට මස් නහරවලින් යුත් ශරීරයක්” නෙවෙයි. දෙවිට විශ්වාසවන්ත දේවදූතයන් ඉන්නේ ස්වර්ගයේ දෙවියන් ඉදිරියෙයි.—ලූක් 24:39; මතෙව් 18:10; යොහන් 4:24.

  • අතීතයේදී පොළොවට ඇවිත් යම් පැවරුම් කරන්න දෙවියන් සමහර දේවදූතයන්ට භාර දීලා තිබුණා. ඒ වෙලාවට එයාලා පොළොවට ඇවිත් තියෙන්නේ මිනිස් ස්වරූපයෙන්. පැවරුම කළාට පස්සේ ආයෙත් ස්වර්ගයට ගිහින් තියෙන්නේ දේවදූතයන් විදිහට.—විනිශ්චයකරුවෝ 6:11-23; 13:15-20.

  • දේවදූතයන් පොළොවට ආපු අවස්ථා ගැන සඳහන් කරද්දී වගේම එයාලා ගැන කතා කරන වෙන අවස්ථාවලදීත් බයිබලයේ එයාලව හඳුන්වලා තියෙන්නේ පිරිමින් විදිහට. ඒත් දේවදූතයන් අතර ගැහැනු, පිරිමි කියලා කොටස් දෙකක් නැහැ. එයාලා විවාහ වෙන්නේවත් වර්ගයාව බෝ කරන්නේවත් නැහැ. දේවදූතයන් කියන්නේ මුලින්ම පොළොවේ මිනිසුන් විදිහට ඉපදුණ අය නෙවෙයි. ඒ වෙනුවට යෙහෝවා දෙවියන් එයාලව නිර්මාණය කළා. ඒ නිසයි බයිබලයේ එයාලව “සැබෑ දෙවිගේ පුත්‍රයෝ” විදිහට හඳුන්වන්නේ.—යෝබ් 1:6; ගීතාවලිය 148:2, 5.

  • දේවදූතයන්ටත් භාෂාවක් තියෙනවා කියලා බයිබලයේ සඳහන් දේවලින් පැහැදිලියි. මිනිසුන්ට යම් දේවල් දැනුම් දෙන්න දෙවියන් දේවදූතයන්ව පාවිච්චි කරලා තියෙනවා. හැබැයි දේවදූතයන්ට නමස්කාර කරන්නවත් යාච්ඤා කරන්නවත් දෙවියන් අපිට අවසර දීලා නැහැ.—1 කොරින්ති 13:1; එළිදරව් 22:8, 9.

  • දසදහස් වර දසදහසක් දේවදූතයන් ඉන්නවා කියලා බයිබලයේ කියනවා. ඒකෙන් අදහස් කරන්නේ දේවදූතයන් බිලියන ගාණක් ඉන්නවා කියන එකයි.—දානියෙල් 7:10; එළිදරව් 5:11.

  • දේවදූතයන් මිනිසුන්ට වඩා හුඟක් ‘බලසම්පන්නයි.’ ඒ වගේම හුඟක් බුද්ධිමත්. මිනිසුන්ට හිතාගන්න බැරි තරම් වේගයකින් එක තැනක ඉඳන් තව තැනකට යන්න එයාලට පුළුවන්.—ගීතාවලිය 103:20; දානියෙල් 9:20-23.

  • දේවදූතයන් කොච්චර බලවත්, බුද්ධිමත් අය වුණත් එයාලටත් සීමාවන් තියෙනවා. එයාලා නොදන්න දේවලුත් තියෙනවා.—මතෙව් 24:36; 1 පේතෘස් 1:12.

  • දේවදූතයන්ව නිර්මාණය කරලා තියෙන්නේ එයාලටම කියලා පෞද්ගලිකත්වයක්, දෙවියන්ගේ ගතිලක්ෂණ වගේම තීරණ ගන්න නිදහස ඇතුවයි. ඒ නිසා මිනිසුන්ට වගේම එයාලටත් පුළුවන් හරි දේ කරනවාද, වැරදි දේ කරනවාද කියලා තීරණය කරන්න. හැබැයි දේවදූතයන්ගෙන් යම් පිරිසක් දෙවියන්ට විරුද්ධව වැඩ කරන්න තීරණය කරලා තියෙන එක නම් හරිම කණගාටුදායකයි.—යූද් 6.

දේවදූතයන් ඉටු කරන කාර්යයන්

අග්‍රදේවදූතයා වන මිකායෙල්ට තමයි දේවදූතයන් අතරින් වැඩිම බලයකුත් උසස්ම අධිකාරියකුත් තියෙන්නේ. මිකායෙල් කියන්නේ යේසුස් ක්‍රිස්තුස්ව හඳුන්වන තවත් නමක් කියලා බයිබලේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා.—1 තෙසලෝනික 4:16; යූද් 9.

සෙරාෆ්වරුන්ට වරප්‍රසාද අතිනුත් ගෞරවය අතිනුත් ඉතාම උසස් තත්වයක් හිමි වෙනවා. එයාලා සේවය කරන්නේ යෙහෝවා දෙවියන්ගේ සිංහාසනය අවටයි.—යෙසායා 6:1-3.

කෙරුබ්වරුන් යෙහෝවා දෙවියන්ගේ ළඟින් ඉඳන් ඔහු පවරන විශේෂ වගකීම් ඉටු කරන නිසා ඒ අයටත් උසස් තත්වයක් හිමි වෙනවා.—උත්පත්ති 3:24; එසකියෙල් 9:3; 11:22.

පණිවිඩකරුවන් වන අනිත් දේවදූතයන් යෙහෝවා දෙවියන්ගේ නියෝජිතයන් විදිහට සේවය කරමින් ඔහුගේ කැමැත්ත ඉටු කරනවා.a—හෙබ්‍රෙව් 1:7, 14.

a දේවදූතයන් ගැන තවත් විස්තර දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 10වෙනි පරිච්ඡේදයත් උපග්‍රන්ථයේ ‘මිකායෙල් යනු කවුද?’ කියන කොටසත් බලන්න. www.pr418.com/si වෙබ් අඩවියෙත් තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න