ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp19 අංක 3 3 පි.
  • තිත්ත ඇත්තක් වන මරණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තිත්ත ඇත්තක් වන මරණය
  • 2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • හැමෝටම හොඳට හිතන්න පොලඹවන DVD එකක්
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • සාක්ෂියක් දෙන වීඩියෝ පට සතු බලය
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • “මෙහෙම උගන්වනවට අපි හරි ආසයි”
    2016 පිබිදෙව්!
  • බයිබල් පාඩම් පටන්ගන්න උදව් වෙන වීඩියෝ එකක්
    2014 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp19 අංක 3 3 පි.
ළමා කාලයේදී, තරුණ කාලයේ ගීතයක් ගායනා කරමින් ඉද්දී, මල් කලඹක් අතේ ඇතුව ඉද්දී, විවාහ දිනයේදී, සැමියා සහ පුතා එක්ක ඉද්දී, මහලු කාලයේ සැමියා එක්ක ඉද්දී, ගීතයක් ගායනා කරමින් ඉද්දී, තනිව ඉද්දී කාන්තාවකගේ ගත්ත පින්තූර

තිත්ත ඇත්තක් වන මරණය

ප්‍රසිද්ධ ගායිකාවක් ගැන චිත්‍රපටියක් ඔයා බලනවා කියලා හිතන්න. මුලින්ම පෙන්වන්නේ එයා ළමා කාලේ ඉඳන් ගායන හැකියාව දියුණු කරගන්න මහන්සි වුණු විදිහ ගැන. ඊටපස්සේ එයා විවිධ රටවලට ගිහින් සංගීත ප්‍රසංගවල ගායනා කරලා ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් වෙන විදිහ පෙන්වනවා. ඊළඟට පෙන්වන්නේ එයාගේ මහලු කාලය ගැන. අන්තිමේදී එයා මැරිලා යනවා.

ඒක ඇත්ත කතාවක්. ඒ කෙනා විද්‍යාඥයෙක්, ක්‍රීඩකයෙක් නැත්නම් සංගීත ශිල්පියෙක් වුණා කියලා හිතන්න. ඒත් වයසට ගිහින් මැරෙන එක වළක්වගන්න එයාට බැහැ. ජීවත් වෙලා ඉද්දී හුඟක් හොඳ දේවල් කරපු ඒ කෙනාට නොමැරී ඉන්න පුළුවන් වුණා නම් තවත් කොච්චර දේවල් කරන්න පුළුවන් වෙයිද!

ඒ ගැන හිතද්දී අපිට ලොකු දුකක් දැනෙනවා. ඒත් අන්තිමේදී අපි හැමෝටම වෙන්නේ ඒ දේ තමයි. (දේශනාකාරයා 9:5) වයසට ගිහින් මැරෙන එක වළක්වගන්න කොච්චර උත්සාහ කළත් ඒක කරගන්න අපිට බැහැ. හදිසි අනතුරක් නිසා හරි බරපතළ අසනීපයක් නිසා හරි අපි හිටිහැටියෙම මැරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසයි බයිබලයේ කියන්නේ අපේ ජීවිතේ හරියට “ටික වේලාවකට පෙනී, ඉන්පසු නොපෙනී යන මීදුමක් හා සමානය” කියලා.—යාකොබ් 4:14.

සමහරු හිතනවා ජීවත් වෙන එකේ කිසිම තේරුමක් නැහැ කියලා. එයාලා කියන්නේ “අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු” කියලයි. (1 කොරින්ති 15:32) මොකද එයාලා දන්නවා ඕනම වෙලාවක කෙනෙක් මැරෙන්න පුළුවන් කියලා. අනික අනාගතය ගැන එයාලට බලාපොරොත්තුවකුත් නැහැ. වේදනාකාරී අද්දැකීමකට මුහුණ දෙන්න වෙද්දී මිනිසුන් හැමෝම වගේ කල්පනා කරනවා ‘අපි ඉපදෙන්නේ මැරෙන්නද’ කියලා. ඒකට උත්තරය දැනගන්න පුළුවන් කොහොමද?

හුඟක් අය හිතනවා විද්‍යාවෙන් උත්තරය දැනගන්න පුළුවන් කියලා. මොකද විද්‍යාවෙත් වෛද්‍ය විද්‍යාවෙත් දියුණුව නිසා මිනිසුන්ගේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. සමහර විද්‍යාඥයන් ආයු කාලය තවත් වැඩි කරගන්න පර්යේෂණ කරනවා. එයාලා සාර්ථක වුණත් නැතත් අපි වයසට ගිහින් මැරෙන්නේ ඇයි, මරණය කියන සතුරාව පරද්දන්න පුළුවන්ද කියන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න එයාලට බැහැ. ඒ ප්‍රශ්නවලට උත්තර ඊළඟ ලිපිවලින් බලමු. අපි ඉපදෙන්නේ මැරෙන්නද කියන ප්‍රශ්නෙට උත්තරේ දැනගන්නත් ඒ තොරතුරු උදව් වෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න