අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය කරන්න ඔබ කැමතිද?
1. අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය කිරීමෙන් පාවුල් ලැබූ සාර්ථක ප්‍රතිඵල මොනවාද?
1 ශුභාරංචිය උද්යෝගයෙන් දේශනා කරමින් සිටි පාවුල් අවශ්‍යතාව වැඩි ප්‍රදේශ ගැන උනන්දු වුණා. එෆීස නගරය ඉන් එකක්. එහි දේශනා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබූ ඔහු සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ ලිව්වා. “සේවය කිරීම සඳහා විශාල ප්‍රස්තාවක් මට එහි විවෘත වී ඇත.” (1 කොරි. 16:9) පාවුල් නොකඩවාම එෆීසයේ සේවය කරමින් දෙවිව විශ්වාස කරන්න බොහෝදෙනෙකුට උපකාර කළා.—ක්‍රියා 19:1-20, 26.
2. අද දිනත් සමහර ප්‍රදේශවල පවතින්නේ කුමන අවශ්‍යතාවක්ද?
2 අද දින සේවය සඳහා අපට විශාල ප්‍රස්තාවක් විවෘත වී තිබෙනවා. අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල තිබෙන සභාවලට වැඩිමහල්ලන්ගේ හා සහයක සේවකයන්ගේ උපකාරය ලබා දෙන්න කියා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. තමන්ට අයත් ප්‍රදේශය සෑම වසරකම සම්පූර්ණයෙන් ආවරණය කිරීමට නොහැකි බොහෝ සභාවලට පුරෝගාමීන් හා ප්‍රචාරකයන් අවශ්‍යයි. අපත් වෑයමක් දරනවා නම් සමහර ප්‍රදේශවල පවතින එම අවශ්‍යතාව සැපිරිය හැකියි.—2 කොරින්ති 8:13-15 බලන්න.
3, 4. යම් සභාවල තිබෙන අවශ්‍යතා මොනවාද? ඒවා සපුරන්න හැක්කේ කෙසේද?
3 අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරන්න ඔබට හැකිද? වෙනත් ප්‍රදේශයක සේවය කළ හැකිද කියා යාච්ඤාපූර්වකව සලකා බලන්න කියා අපි ඔබට ආරාධනා කරනවා. වැඩිමහල්ලන්, සහයක සේවකයන්, පුරෝගාමීන් හා ප්‍රචාරකයන් අත්‍යවශ්‍ය වී ඇති ප්‍රදේශවල ලැයිස්තුවක් ශාඛා කාර්යාලයේ තිබෙනවා. මුලින්ම, එවැනි ප්‍රදේශයන්හි ඇති සභාවල සේවය කිරීමට වැඩිමහල්ලන් හා සහයක සේවකයන් අවශ්‍යයි. එමෙන්ම විශාල ප්‍රදේශයක් තිබෙන සභාවල නිතර සේවය නොකරන පැතිවලට ගොස් සේවය කිරීමට පුරෝගාමීන් හා ප්රචාරකයන්ද අවශ්‍යයි. මෙම අවශ්‍යතාව සැපිරීමට මෙවැනි ප්‍රදේශයක පදිංචියට යන්න ඔබට හැකිද? මෙම සභාවන් “අස්වැන්න නෙළීමට වැඩකරුවන්ව එවන්න කියා අස්වැන්නේ ස්වාමියාට කන්නලව් කරමින් සිටිනවා.” (මතෙ. 9:37, 38) එලෙස සේවය කරන්න ඔබට හැකිද?
4 ඊට පෙර බොහෝ කරුණු සලකා බැලිය යුතුයි. රැකියාවක් සොයාගත හැකිද? දරුවන්ව එහි පාසැලකට දැමිය හැකි වෙයිද? පදිංචි වෙන්න සුදුසු නිවසක් සොයාගත හැකිද? එවැනි අභියෝගයක් භාරගන්න ඔබ කැමතිද? මේ සියල්ල සාර්ථකව කරගන්නේ කොහොමද? මේ ගැන කල්පනා කළ යුත්තේ යාච්ඤාපූර්වකවයි.
5, 6. අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කිරීමට ඔබ කැමති නම් ඔබ කළ යුත්තේ කුමක්ද?
5 මෑත දශකවල ක්‍රිස්තියානි පවුල් දහස් ගණනක් අස්වැන්න නෙළීමේ කාර්යය සඳහා වෙනත් නගරවලට ගොස් පදිංචි වුණා. එක් යුවළක් මෙසේ පැවසුවා. “අපේ උපරිමය දෙන්න පුළුවන් ප්‍රදේශයක යෙහෝවා දෙවිට සේවය කරන්නයි අපිට ඕන වුණේ.” ඔබත් මේ රටේ වෙනත් ප්‍රදේශයක සේවය කරන්න කැමති නම් මුලින්ම ඔබේ සභාවේ වැඩිමහල්ලන් සමඟ ඒ ගැන සාකච්ඡා කරන්න.
6 එවැනි ප්‍රදේශයක් ගැන ශාඛා කාර්යාලයෙන් දැනගන්න ඔබ කැමති නම් ඔබේ ආශාව ගැන සඳහන් ලිපියක් සභා සේවා කමිටුවට භාර දෙන්න. එවිට ඔවුන් තම අදහස් ඇතුළත් ලිපියක් සමඟ එය ශාඛා කාර්යාලයට එවයි. කොහොමවුණත් සේවය කිරීම සඳහා විශාල ප්‍රස්තාවක් විවෘත වී තිබෙන තාක් කල් අපි සියලුදෙනාම යෙහෝවා දෙවිගේ සේවය කඩිසරව කරමු.—1 කොරි. 15:58.
[3-6වන පිටුවේ වගුව]
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ 2009 සේවා වසරේ ලෝක ව්‍යාප්ත වාර්තාව
(See publication)