දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
මතු දැක්වෙන ප්‍රශ්න 2003 පෙබරවාරි 24වනදා සිට පටන්ගන්නා සතියේදී දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී වාචිකව සලකා බලනු ලැබේ. පාසැල් අවේක්ෂක විසින් 2003 ජනවාරි 6වනදා සිට පෙබරවාරි 24වනදා දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් මෙහෙයවනු ලබයි. [සැලකිල්ලට ගන්න: ප්‍රශ්නයෙන් පසු යොමු සටහනක් දක්වා නැති අවස්ථාවලදී, පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව පර්යේෂණය කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොත 36-7 දක්වා පිටු බලන්න.]
කථික ගුණාංග
1. හරිද වැරදිද: නිවැරදිව කියවීමට රහස වන්නේ කියවනු ලබන දේ ලිඛිතව සඳහන් වී ඇති දේට මදක් වෙනස් වුවද එය නිවැරදිව කියවා ඇති බවට ඇඟවීමක් දෙන ආකාරයකින් කියවීමය. පැහැදිලි කරන්න. [be 83 පි.]
2. හිස්තැන් පුරවන්න: නිවැරදිව කියවීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමට නම් _________________________ , _________________________ , _________________________. ශබ්ද නඟා එසේ කරන්න! [be 85 පි.]
3. පැහැදිලිව කතා කිරීම වැදගත් වන්නේ මන්ද? (1 කොරි. 14:8, 9) [be 86 පි.]
4. කතා කරන දේ අපැහැදිලි වීමට හේතු වන්නේ මොනවාද? වඩාත් පැහැදිලිව කතා කිරීමට අපට කුමක් කළ හැකිද? [be 87-8 පි.]
5. පසුගිය මාස දෙකේදී දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී භාවිත කළ වචන අතුරින් ඔබ උච්චාරණය කරන ආකාරය ගැන සැලකිලිමත් විය යුතුයයි කියා ඔබ සිතන වචන කිහිපයක් සඳහන් කළ හැකිද? [be 92 පි.]
පැවරුම් අංක 1
6. හරිද වැරදිද: අපට සවන් දීමට අපගේ ඇස් අපට උපකාරවත් වේ. පැහැදිලි කරන්න. [be 14 පි.]
7. හිස්තැන් පුරවන්න: කාලය නිවැරදිව දැක්වීම සඳහා දෙවි විසින් _________________________ , _________________________ සහ _________________________ සපයා ඇත. [bsi03 7වන ඡේ.]
8. හිස්තැන් පුරවන්න: බයිබලයෙහි භාවිත කර ඇති පරිදි “දවස” යන වචනයෙන් පැය _________________________ ක්, පැය _________________________ ක්, වසර _________________________ ක් හෝ _________________________ ක් අදහස් විය හැක. අදාළ වන්නේ කවර තේරුමද යන්න තීරණය වන්නේ අවට පාඨ සම්බන්ධයට අනුවය. [bsi03 8වන ඡේ.]
9. හන්නා, මාක් සහ එලියාගේ ආදර්ශයන් අධෛර්යය වීම් සමඟ කටයුතු කිරීමට අපට උපකාරවත් විය හැක්කේ කෙසේද? අන් අයට උපකාර කිරීම සඳහා මෙම ආදර්ශයන් භාවිත කිරීමට අපට හැක්කේ කෙසේද? [w01 2/1 20-3 පි.]
10. ඇතැම් බයිබල් පද වඩාත් පැහැදිලිව තේරුම්ගැනීම සඳහා පුරාණ මලල ක්‍රීඩා තරඟාවලීන් පිළිබඳව අප සතු අවබෝධය අපට උපකාරවත් වන්නේ කෙසේද? මෙම තොරතුරු අපගේ ජීවිතයට බලපෑ යුත්තේ කෙසේද? [w01 1/1 28-31 පි.]
සතිපතා බයිබල් කියවීම
11. හරිද වැරදිද: දේවරාජ්‍යය 1914දී ස්වර්ගයෙහි පිහිටුවනු ලැබූ බැවින් “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියා යාච්ඤා කිරීම තවදුරටත් උචිත නොවේ. (මතෙ. 6:10, NW [මතෙ. 6:9, පැ.අ]) පැහැදිලි කරන්න. [be 279 පි.; w96 6/1 31 පි.]
12. හරිද වැරදිද: යෙහෝවා විසින් ගින්නෙන් විනාශ කරනු ලැබූ සොදොම් සහ ගොමොරාවේ වැසියන් නැවත-නැඟිටුවනු ලබන බව මතෙව් 11:24හි වාර්තා වී ඇති යේසුස්ගේ වදන්වලින් අදහස් කරයි. පැහැදිලි කරන්න.
13. බහුවරණ: මතෙව් 24:45-47හි යේසුස් විසින් සඳහන් කරන ලද විශ්වාසවන්ත නුවණ ඇති දාසයා (අ) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයයි; (ආ) ඕනෑම කාල පරිච්ඡේදයකදී මිහිපිට කණ්ඩායමක් ලෙස සිටින ආලේප ලත් ක්‍රිස්තියානීන් සියලුදෙනායි; (ඇ) යේසුස් ක්රිස්තුස්මය. මෙම දාසයා නියම වේලාවට ආත්මික ආහාර සපයන්නේ ‘ගෙයිවැසියන්ටය.’ මෙම ගෙයිවැසියන්ගෙන් නියෝජනය වන්නේ (අ) තනි තනි පුද්ගලයන් ලෙස ආලේප ලත් සෑම ක්රිස්තියානියෙකුවයි; (ආ) වෙනත් බැටළුවන්වයි; (ඇ) ක්‍රිස්තියානි ප්‍රකාශන කියවන සැමදෙනාවයි. ස්වාමියා මෙම දාසයාව තමා සන්තක සියල්ල කෙරෙහි පත් කළේ (අ) 1914දීය; (ආ) පො.යු. 33දීය; (ඇ) 1919දීය.
14. බහුවරණ: මතෙව් 13:47-50හි ඇති යේසුස්ගේ උපමාවේ සඳහන් දැලට ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ සභාව මෙන්ම (අ) දෙවිගේ මෙසියානු රාජ්‍යය; (ආ) ඔවුන්ගේ සහායයන් වන වෙනත් බැටළුවන්; (ඇ) ක්‍රිස්තියානි ලෝකය ඇතුළත් වේ.
15. මතෙව් 5:24හි වාර්තා වී ඇති යේසුස්ගේ වචනවලට අනුව සෙසු නමස්කාරකයෙකුගේ හිත රිදවා ඇති බව ඔබට හැඟෙනවා නම් ඔබ කළ යුත්තේ කුමක්ද? [gSN96 5/8 26-7 පි.]