ක්ෂේත්‍ර සේවයේදී එකිනෙකාව දිරිමත් කරමු
1 ‘නිසි කලට කියන වචනවලින්’ ලැබෙන දිරිගැන්වීම් අපි සෑම කෙනෙක්ම අගය කරන බව නිසැකයි. (හිතෝ. 25:11) සෙසු සහෝදර සහෝදරියන්ව දිරිගන්වන ආකාරයෙන් කතාබහ කිරීමට කදිම ප්‍රස්තාවක් ක්ෂේත්‍ර සේවයේ හවුල් වන විට අපිට උදා වෙනවා. අපිට මෙය කළ හැක්කේ කෙසේද?
2 දිරිගන්වනසුලු කතාබහ: ක්ෂේත්‍ර සේවයේ හවුල් වන අතරතුරේදී දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වය තවත් ශක්තිමත් කරන දේවල් ගැන කතාබහ කිරීමෙන් මහත් දිරිගැන්වීමක් ලබන්න පුළුවන්. (ගීතා. 37:30) එමෙන්ම ගෙවැසියෙකුට සාක්ෂි දරන ආකාරය ගැන හෝ සේවයේදී අප ලැබූ ප්‍රීතිමත් අද්දැකීමක් ගැන අපට කතා කළ හැකියි. (ක්‍රියා 15:3) බයිබලය හෝ අලුත් සඟරා කියවීමෙන් එසේත් නැත්නම් රැස්වීමකදී හෝ ප්‍රසිද්ධ කතාවකින් අසන්න ලැබුණු සිත්ගන්නාසුලු කරුණක් ගැන අපිට කතාබහ කළ හැකියි.
3 ගෙවැසියෙක් විරුද්ධත්වය පළ කළ අවස්ථාවකදී අපිට ඊට සාර්ථකව මුහුණ දීමට නොහැකි වුණොත් ඒ ගැන දුකක් දැනෙන්න පුළුවන්. ඉදිරියේදී එවැනි අවස්ථාවකට මුහුණ දෙන්න සිදු වුණොත් ක්‍රියා කළ හැකි ආකාරය ගැන අප සමඟ සේවයේ හවුල් වන තැනැත්තා සමඟ කතා කිරීමට විනාඩි කිහිපයක් ගත කිරීම හොඳ දෙයක්. මෙය එම නිවසින් පිට වූ පසුව කළ හැකියි. ඒ සඳහා බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නමැති පොත් පිංචයේ ඇති අදහස් සලකා බලන්න පුළුවන්. අපි සමඟ සේවය හවුල් වන තැනැත්තා ගෙවැසියෙකුට සාක්ෂි දැරූ ආකාරය අගය කළ හැකි නම් එසේ කිරීමෙන් ඔහු බොහෝ සේ දිරිගැන්වෙයි.
4 මුල් පියවර ගන්න: ළඟකදී ඔබ සමඟ සේවයේ හවුල් වුණේ නැති අය ඔබේ පොත් පාඩම් කණ්ඩායමේ සිටිනවාද? ඔබ සමඟ සේවයේ යෑමට එවැනි අයට ආරාධනා කිරීමෙන් “අන්‍යෝන්‍ය දිරිගැන්වීමක්” ලබන්න පුළුවන්. (රෝම 1:12) උදෑසනින්ම හෝ සැන්දෑවේ තමන් සමඟ සේවයේ හවුල් වීමට ප්‍රචාරකයන් එනවා නම් ස්ථාවර හා උපකාරික පුරෝගාමීන් එය හුඟක් අගය කරාවි. ක්ෂේත්‍ර සේවයේ එතරම් වෙලාවක් ගත කළ නොහැකි, අසනීපවලින් පෙළෙන ප්‍රචාරකයන් සභාවේ සිටිනවාද? එවැනි කෙනෙක් සමඟ බයිබල් පාඩමකට යෑමට කටයුතු පිළියෙල කිරීමෙන් ඔබට මෙන්ම ඔහුටද ප්‍රයෝජන ලැබිය හැකියි.—හිතෝ. 27:17.
5 සුළු කාරණාවලදී පවා අගය කිරීමෙන් එකිනෙකාට දිරිගැන්වීමක් සැපයිය හැකියි. අපේ ආශාව ‘දිගටම එකිනෙකාව ගොඩනැංවීම’ නිසා ක්ෂේත්‍ර සේවයේ හවුල් වන විට එය අපි මතක තබාගනිමු.—1 තෙස. 5:11.