සේවා රැස්වීම් වැඩසටහන
මාර්තු 10න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 131
විනා. 10: සභා නිවේදන. අටවන පිටුවේ ඇති යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන යෝජනා යොදාගෙන සිහි කිරීමේ ආරාධනා පත්‍රය සමඟ අලුත් සඟරා (මාර්තු 1 මුරටැඹ හා මාර්තු පිබිදෙව්!) ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 20: “වර්ෂ 2008 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුව”a ලේකම් මෙහෙයවයි. සමුළුවට සූදානම් වීමේ කටයුතු හැකි ඉක්මනින් කිරීම ගැන ඔවුන් සියල්ලන්ට ස්තුති කරන්න.
විනා. 15: “අපේ උපරිමයෙන් යෙහෝවා දෙවිට දෙමු”b කාලය අනුව සඳහන් කර තිබෙන බයිබල් පද ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 8
මාර්තු 17න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 144
විනා. 10: සභා නිවේදන. ඊළඟ සතියේ සේවා රැස්වීමට එන විට අප්‍රියෙල් 1 මුරටැඹ සහ අප්‍රියෙල් පිබිදෙව්! සඟරා රැගෙන එන්න කියාත් බලප්‍රදේශයට ගැළපෙන ඉදිරිපත් කිරීම් ගැන සාකච්ඡා කිරීමට සූදානම් වී පැමිණෙන්න කියාත් පවසන්න. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 15: ප්‍රශ්න පෙට්ටිය. වැඩිමහල්ලෙක් මෙහෙයවයි. මුළු ලිපියම කියවා සාකච්ඡා කරන්න.
විනා. 20: “සිහි කිරීමට පැමිණෙන අයට උපකාර කරමු”c පස්වන ඡේදය සලකා බලන විට සිහි කිරීමට පැමිණි අමුත්තෙක් සමඟ පාඩමක් පටන්ගත හැකි ආකාරය කෙටියෙන් නිරූපණය කරන්න.
ගීතිකා අංක 214
මාර්තු 24න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 111
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව කියවා සම්මාදම් දැමීම ගැන ස්තුති කරන්න.
විනා. 15: කෙළින්ම බයිබල් පාඩමක් ඉදිරිපත් කිරීමේ ක්‍රමය ඔබ අත්හදා බලා තිබෙනවාද? වර්ෂ 2002 ජනවාරි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ පළ වූ අතිරේකයේ 6වන පිටුවේ ඇති තොරතුරු මත පදනම් කතාවක් හා සබය සමඟ සාකච්ඡාවක්. එහි තිබෙන යෝජනා ගැනද බයිබලයේ ඉගැන්වීම් පොත යොදාගෙන බයිබල් පාඩමක් පටන්ගැනීම සඳහා එම යෝජනා සකස් කරගත හැකි ආකාරය ගැනද සාකච්ඡා කරන්න. ඉන්පසු නිරූපණ එකක් හෝ දෙකක් ඉදිරිපත් කරන්න. කෙළින්ම බයිබල් පාඩමක් ඉදිරිපත් කිරීමේ ක්‍රමය යොදාගෙන ඊළඟ සතියේදී පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න කියා ප්‍රචාරකයන්ව දිරිමත් කරන්න.
විනා. 20: “මෙතෙක් සිදු කර තිබෙන විශාලතම දේශනා කිරීමේ කාර්යය”d ශුභාරංචිය සැමට පැවසීමට සංවිධානය වී සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ නමැති DVD තැටිය නැරඹූ නෑදෑයන්, හිත මිතුරන්, නැවත බැලීම්වල අය හා බයිබල් පාඩම් කරන අය දැක්වූ ප්‍රතිචාර ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 29
මාර්තු 31න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 37
විනා. 10: සභා නිවේදන. මාර්තු මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තා දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 20: “සත්‍යය ගැන සාක්ෂි දරන සඟරා බෙදාහරින්න”e වර්ෂ 2006 නොවැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ 10වන පිටුවේ තොරතුරු පදනම් කරගෙන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. අප්‍රියෙල් 1 මුරටැඹ හා අප්‍රියෙල් පිබිදෙව්! සඟරා කියවීමට සබය දිරිගන්වන්න. ඊළඟ සේවා රැස්වීමට එන විට එම සඟරා රැගෙන එන්න කියා පවසන්න.
විනා. 15: “ක්ෂේත්‍ර සේවයේදී එකිනෙකාව දිරිමත් කරමු”f
ගීතිකා අංක 122
අප්‍රියෙල් 7න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 186
විනා. 10: සභා නිවේදන.
විනා. 20: බව්තීස්ම වීම කල් දමන්නේ ඇයි? වැඩිමහල්ලෙක් 2006 ජූලි 1 මුරටැඹ සඟරාවේ 29-30 දක්වා පිටුවල ඇති 14-17 ඡේද පදනම් කරගෙන කතාවක් ඉදිරිපත් කරයි. නහඹර වියේදී බව්තීස්ම වූ ප්‍රචාරකයෙකුව හෝ දෙදෙනෙකුව කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ජීවිතයේ අතිවැදගත් මේ පියවර නහඹර වියේදී ගැනීමට පෙලඹුණේ ඇයි? සත්‍යය තුළ ප්‍රගතියක් ලැබීමට බව්තීස්මය ඔවුන්ට උපකාරවත් වී තිබෙන්නේ කෙසේද?
විනා. 15: අලුත් සඟරා ඉදිරිපත් කිරීමට සැදී පැහැදී සිටින්න. අප්‍රියෙල් 1 මුරටැඹ සහ අප්‍රියෙල් පිබිදෙව්! සඟරා පදනම් කරගෙන සබය සමඟ සාකච්ඡාවක්. සෑම කලාපයකම සමස්ත අදහස කෙටියෙන් ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රදේශයේ මිනිසුන්ගේ සිත්ගන්න ලිපි මොනවාද කියාත් එසේ පැවසීමට හේතු ගැනත් සබයෙන් අසන්න. තමන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ලිපිවල විශේෂ කරුණු ගැන සඳහන් කිරීමට ආරාධනා කරන්න. සංවාදයක් ආරම්භ කිරීමට ඇසිය හැකි ප්‍රශ්නයක් සඳහන් කරන්න. කියවිය හැක්කේ ලිපියේ තිබෙන කුමන බයිබල් පදද? ප්‍රදේශයට ගැළපෙන ඉදිරිපත් කිරීම් යොදාගනිමින් අප්‍රියෙල් 1 මුරටැඹ හා අප්‍රියෙල් පිබිදෙව්! සඟරා හඳුන්වා දෙන ආකාරය නිරූපණය කරන්න.
ගීතිකා අංක 225
[පාදසටහන්වල]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
d හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
e හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
f හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.