වර්ෂ 2008 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුව
1. (අ) පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට දුන් උපදේශය මේ කාලයේදී විශේ-ෂයෙන් අදාළ වන්නේ ඇයි? (හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.) (ආ) අපිට ඉදිරියේදී උදා වන ප්‍රස්තාව කුමක්ද?
1 ඒ දවස ළං වන බව පෙනෙද්දී “වැඩි වැඩියෙන්” ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වන්න කියාත් එකිනෙකාව දිරිගන්වන්න කියාත් පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ගෙන් ඕනෑකමින් ඉල්ලා සිටියා. (හෙබ්‍රෙ. 10:24, 25) “ඒ දවස” ඉතා ආසන්න බවට සාක්ෂි දවසින් දවස වැඩි වෙනවා. වඩ වඩා දරුණු අතට හැරෙන “මේ අන්තිම දවස්වලදී” සෙසු සහෝදර සහෝදරියන් සමඟ එකට එක්රැස් වී දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමට උදා වන ප්‍රස්තා දෙස අපි ආශාවෙන් බලා සිටිනවා. (2 තිමෝ. 3:1) එවැනි කදිම ප්‍රස්තාවක් ඉදිරියේදී පවත්වනු ලබන දිස්ත්‍රික් සමුළුවලදී අපිට උදා වෙනවා.
2. (අ) සමුළුවේ දවස් තුනටම සහභාගි වීම වැදගත් වන්නේ ඇයි? (ආ) දැන් තියාම සුදානම් විය හැක්කේ කෙසේද?
2 දවස් තුනටම සහභාගි වෙමු: දවස් තුනටම පැමිණෙන්න කියා අපි ඔබව උනන්දු කරන්න කැමතියි. “අත් නෑර” දවස් තුනටම පැමිණීමෙන් සමුළුවේදී උගන්වන සෑම දෙයකින්ම ප්‍රයෝජන ගත හැකියි. (හෙබ්‍රෙ. 10:25) දැන් තියාම සූදානම් වන්න. නිවාඩු ලබාගැනීම සඳහා රැකියා ස්ථානයේ ස්වාමියාට කල් තියාම දන්වන්න. සමුළුව පවත්වන්නේ පාසැල් දවසකදී නම් ඔබේ දරුවන් සමුළුවට සහභාගි වීම ගැන ගුරුවරුන්ට දැනුම් දෙන්න. මේ සමුළුව ඔබේ නමස්කාරයේ කොටසක් බව ඔවුන්ට පවසන්න. දේවරාජ්‍යය හා සම්බන්ධ කටයුතුවලට මුල්තැන දීමට ඔබ ගන්න වෑයම්වලට යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා.—මතෙ. 6:33.
3. එකිනෙකා ගැන සැලකිලිමත් විය හැක්කේ කෙසේද?
3 සහභාගි වීමට අන් අයට උපකාර කරන්න: “එකිනෙකා ගැන සැලකිලිමත්” වන්න කියාද පාවුල් සහෝදරයන්ගෙන් ඉල්ලා සිටියා. (හෙබ්‍රෙ. 10:24) සමුළුවට යෑම සඳහා ඔබේ පොත් පාඩම් කණ්ඩායමේ සිටින අයට උපකාර අවශ්‍යද? ඔබ සමඟ බයිබලය පාඩම් කරන අයට සමුළුවට පැමිණිය හැක්කේ එක දවසක් පමණක් නම් එදිනට පැමිණීම සඳහා උපකාර කරන්න ඔබට හැකිද? සත්යයයේ නැති පවුලේ සාමාජිකයන්වද සමුළුවට ආරාධනා කරන්න. ඔබ දරන වෑයම්වලට බලාපොරොත්තු නොවන ආකාරයේ යහපත් ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්.
4. සමුළුව පවත්වන දවස් හා ස්ථාන ගැන දැනගත හැක්කේ කෙසේද?
4 තොරතුරු ලබාගැනීම: සෑම අවුරුද්දකම බොහෝදෙනෙක් සමුළු පවත්වන දවස් හා ස්ථාන ගැන විමසා ශාඛා කාර්යාලයට දුරකථනයෙන් අමතනවා. මේ හැම දුරකථන ඇමතුමක්ම පාහේ ලැබෙන්නේ සමුළුව පවත්වන දවස් හා ස්ථාන ගැන දැනටමත් තොරතුරු ලැබී තිබෙන සහෝදර සහෝදරියන්ගෙනුයි. එමනිසා ශාඛා කාර්යාලයෙන් විමසන්න කලින් අපගේ රාජ්‍ය සේවාව බලන්න කියා අප ආරාධනා කරනවා.
5. ඔබට නියමිත සමුළුව හැර වෙනත් සමුළුවකට යන්න අවශ්‍ය නම් නවාතැන් පහසුකම් ගැන තොරතුරු දැනගත හැක්කේ කෙසේද?
5 ඔබේ සභාවේ අය සහභාගි වන සමුළුවට හැර වෙනත් සමුළුවකට යන්න ඔබට අවශ්‍ය නම් අදාළ සමුළුවේ කාමර අංශයෙන් අවශ්‍ය තොරතුරු ලබාගන්න පුළුවන්. කාමර ඉල්ලුම් පත් ළඟදීම සභාවලට යවනු ලබනවා. ඔබට නැවත පිළිතුරු එවීම සඳහා ඔබේ ඉල්ලුම් පත සමඟ ලිපිනය සඳහන් කළ මුද්දර සහිත ලියුම් කවරයක්ද යවන්න.
6. කාමර ඉල්ලුම් කිරීමේදී කළ යුත්තේ කුමක්ද?
6 විශේෂ අවශ්‍යතා: ප්‍රචාරකයෙක් නවාතැන් පහසුකම් ඉල්ලා සිටින විට ඔහුට කාමර ඉල්ලුම් පතක් දෙනවාද කියා තීරණය කරන්නේ සභාවේ සේවා කමිටුවයි. එම ඉල්ලුම් පත කාමර අංශයට එවීමට කලින් එහි තිබෙන මඟ පෙන්වීම් හොඳින් කියවන්න.
7. (අ) සමුළුවලදී යෙහෝවා දෙවිව ගෞරවයට පත් කළ හැක්කේ කෙසේද? (ආ) අපේ සහෝදරයන්ගේ යහපත් හැසිරීම ගැන හෝටල් කළමනාකරුවන් පැවසුවේ කුමක්ද?
7 යහපත් ක්‍රියා: නමස්කාරය සඳහා එකට එක්රැස් වන්න කියා යෙහෝවා දෙවි දී තිබෙන ආඥාවට කීකරු වීමෙන් අපිට ‘ප්‍රයෝජන’ ලැබිය හැකියි. (යෙසා. 48:17) සමුළුවලදී අපේ ‘යහපත් ක්‍රියා ප්‍රසිද්ධියේ ප්‍රකාශ වෙනවා.’ (1 තිමෝ. 5:25) මේ ගැන සමහර අය අගය පළ කර තිබෙනවා. අවුරුදු ගණනාවක් පුරා අපේ සමුළු පවත්වා තිබෙන එක් නගරයක පිහිටි හෝටලයක කළමනාකරුවෙක් මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළු ගැනත් ඒවායින් මිනිසුන්ට ඉගෙනගන්න පුළුවන් දේවල් ගැනත් නගරයේ හුඟදෙනෙක් කතාබහ කරනවා. ඔවුන් සමුළුව පවත්වන ස්ථානය ඉතා පිරිසිදුව තබාගන්නවා. ඔබ වගේ සෙනඟක් අපි සමඟ සිටීම ගැන අපි සතුටු වෙනවා. ඊළඟ අවුරුදුවලදීත් ඔබේ සමුළු මේ නගරයේ පවත්වයි කියා අපි සිතනවා.” තම හෝටලයට පැමිණෙන වෙනත් අයට වඩා වෙනස්ව සාක්ෂිකරුවන් දක්වන සහයෝගය හා ඔවුන්ගේ ඉවසිලිවන්තකම ගැන අදහස් පළ කිරීමෙන් පසු එක් හෝටල් කළමනාකරුවෙක් මෙසේ පැවසුවා. “මේ හෝටලයට එන හැම කෙනෙක්ම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වගේ හැසිරෙනවා නම් කොච්චර හොඳද!” අපේ සහෝදර සහෝදරියන්ගේ යහපත් හැසිරීම ගැන එවැනි අදහස් පළ කිරීම ගැන අපේ දෙවි යෙහෝවා මොන තරම් සතුටු වෙනවාද!
8. සෑම කතාවකටම හොඳින් සවන් දීමේ වැදගත්කම මතෙව් 4:4හි සඳහන් වදන්වලින් පෙනී යන්නේ කෙසේද?
8 අපේ ජීවිත රඳා පවතින්නේ ‘යෙහෝවා [දෙවිගේ] මුඛයෙන් නික්මෙන සෑම වචනයකටම’ සවන් දීම මතයි කියා යේසුස් පැවසුවා. (මතෙ. 4:4) දිස්ත්‍රික් සමුළු මාර්ගයෙන් දෙවි “නියම වේලාවට ආහාර” සපයනවා. මේවා පිළියෙල කරන්නේ ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයායි.’ (මතෙ. 24:45) අපේ ඇදහිල්ල ශක්තිමත් කරන මේ පෝෂණ වැඩසටහන පිළියෙල කිරීමට විශාල වෙහෙසක් දරනු ලබනවා. දවස් තුනටම පැමිණීමෙන් හා සෑම කතාවකටම හොඳින් සවන් දීමෙන් දෙවි අප කෙරෙහි දක්වන ප්‍රේමණීය සැලකිල්ල අපි අගය කරන බව පෙන්වමු.
[3වන පිටුවේ කොටුව]
වැඩසටහන පැවැත්වෙන වේලාව:
සිකුරාදා සහ සෙනසුරාදා
පෙ.ව. 9:20 සිට ප.ව 4:55 දක්වා
ඉරිදා
පෙ.ව. 9:20 සිට ප.ව. 4:00 දක්වා
පවත්වන ස්ථාන:
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීම් ශාලාව, ජා-ඇල
ජූලි 25-27
#1 දෙමළ චාරිකා 4A, 4B, 5
අගෝස්තු 1-3
#2 ඉංග්‍රීසි චාරිකාව 2A
අගෝස්තු 8-10
#3 සිංහල චාරිකා 3A සහ 1Aහි අවිස්සාවේල්ල, ගාල්ල, කළුතර, මාතර, මොරටුව, රත්මලාන, රත්නපුර යන සභාවන්.
අගෝස්තු 15-17
#4 සිංහල චාරිකා 3B සහ 2Bහි අනුරාධපුර, ගලගෙදර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාවතගම, තලාව යන සභාවන්.
අගෝස්තු 22-24
#5 සිංහල චාරිකා 1B, සංඥා භාෂාව සහ 1Aහි නැඟෙනහිර කොළඹ, කඩුවෙල, කොහුවල, මහරගම, පිළියන්දල යන සභාවන්.
අගෝස්තු 29-31
#6 සිංහල චාරිකා 3C සහ 2Bහි බදුල්ල, බුත්තල, කුරුණෑගල, නාවලපිටිය, නුවරඑළිය, පොළොන්නරුව, රිකිල්ලගස්කඩ, සිරිපුර යන සභාවන්.
පත්වන ස්ථානය:
වීරසිංහම් ශාලාව, යාපනය
අගෝස්තු 29-31
#7 දෙමළ චාරිකාව 4C