“දෙවිගේ වචනය උගන්වන්නෝ” දිස්ත්‍රික් සමුළුව
1 සෑම වසරකම පවත්වනු ලබන දිස්ත්‍රික් සමුළු මගින් සෙසු ඇදහිලිවන්තයන් සමඟ එක්ව යෙහෝවා සපයන උපදෙස්වලට සාවධානව සවන් දීමට අපට ප්‍රස්තාවක් ලැබෙනවා. වසර 2001දී පවත්වනු ලබන දින තුනකින් යුත් “දෙවිගේ වචනය උගන්වන්නෝ” නමැති දිස්ත්‍රික් සමුළුව අගෝස්තු 3-5 දක්වා දිනවල ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙම සමුළුවම අගෝස්තු 17-19 දක්වා දිනවල යාපනයේදී පැවැත්වීමට නියමිතයි. සිකුරාදා සහ සෙනසුරාදා දිනවල වැඩසටහන පෙ.ව. 9.30ට ආරම්භ වී ප.ව. 5.00ට අවසන් වෙයි. ඉරිදා වැඩසටහන ආරම්භ වන්නේ පෙ.ව. 9.30ටයි. අවසන් වන්නේ ප.ව. 4.00ටයි. ඔබ මෙම සමුළුවට යන්න මහත් ආශාවෙන් බලා සිටින බව අපි දනිමු. එනිසා ඔබට උපකාරවත් විය හැකි මතු දැක්වෙන මඟ පෙන්වීම් ඔබට සපයන්න කැමතියි.
2 නවාතැන් සොයාගන්න නොහැකි අයට නවාතැනක් සොයා දීම සඳහා කාමර අංශය වෙහෙස වී කටයුතු කරනවා. නවාතැන් අයදුම් කරන අයගේ විස්තර ඇතුළත් පෝරමය කාමර අංශයට ඉදිරිපත් කරන්න කලින් සභා සේවා කමිටුව සෑම අයදුම්කරුවෙකුගේම සුදුසුකම් සලකා බැලිය යුතුයි. යම් ප්‍රශ්න තිබුණොත් කාමර අංශයට සභා ලේකම්ව ඇමතීම සඳහා ඔහුගේ දුරකථන අංකය පෝරමයේ සඳහන් කළ යුතුයි. අනුමත කළ පෝරම, සියලුම වැඩිමහල් මණ්ඩල වෙත එවන ලද සමුළුවේ ලිපිනයට තැපැල් කළ යුතුයි.
3 විශේෂ අවශ්‍යතා: සමුළුවට පැමිණීම සඳහා වයසක අයට හා ශාරීරිකව දුර්වල අයට හෝ අවශ්‍යතාව තිබෙන වෙනත් අයට උපකාරය අවශ්‍ය විය හැකියි. විශේෂ අවශ්‍යතාවක් තිබෙන අයට ප්‍රේමනීය ලෙස උපකාර කිරීම සඳහා ඔවුන්ගේ තත්වය ගැන හොඳින් දන්න ඥාතීන්ට, වැඩිමහල්ලන්ට හා සභාවේ වෙනත් අයට හැකියි අවශ්‍ය කටයුතු පිළියෙළ කිරීමට. අවශ්‍යතාව තිබෙන අයට උපකාර කිරීම සම්බන්ධයෙන් පවුලේ අයගේ හා සභාවේ අයගේ වගකීම සමුළු සංවිධායකයන්ට නොපැවරිය යුතුයි.—1 තිමෝ. 5:4.
4 ඔබ දිස්ත්‍රික් සමුළුවට යන දවස ළං වෙමින් තිබෙන නිසා දවස් තුනේම සෑම සැසිවාරයකටම සවන් දී වැඩසටහනින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා උපකාර ඉල්ලා යෙහෝවාට යාච්ඤා කරන්න. අන්තිම මොහොතේදී නිවාඩු ඉල්ලුවොත්, එය ලැබෙයි කියා සිතන්න අමාරුයි. මේ වසරේ පවත්වනු ලබන “දෙවිගේ වචනය උගන්වන්නෝ” නමැති දිස්ත්‍රික් සමුළුව විශ්වාසවන්ත නුවණැති දාසයා පිළියෙළ කර තිබෙන්නේ අපට ආත්මික උපදෙස් ලබා දීමට හා අපේ ඇදහිල්ල ශක්තිමත් කිරීම සඳහායි. එනිසා, ‘සභාවලදී යෙහෝවාට ප්‍රශංසා කරව්’ කියා ගීතිකාකරු දුන් උපදේශය පිළිපදිමින් සමුළුවට යන්න දැන්ම සැලසුම් කරමු.—ගීතා. 68:26.