වීදි සේවයෙන් පල නෙළාගනිමු
1. යේසුස්ව ආදර්ශයට ගත හැකි ක්රමයක් සඳහන් කරන්න.
1 මඟ තොටදී හා ප්රසිද්ධ තැන්වලදී හමු වූ අයට ශුභාරංචිය ප්රකාශ කරන්න යේසුස් පසුබට වුණේ නැහැ. (ලූක් 9:57-61; යොහ. 4:7) ඒ පණිවිඩය එතරම්ම වැදගත් නිසා සැමෝටම එය පැවසීමට ඔහු කැමති වුණා. අද දින යෙහෝවා දෙවි ගැන ජනයාට දැනුම ලබා දීමට ඉතාම හොඳ ක්රමයක් වන්නේ වීදි සේවයයි. (හිතෝ. 1:20) අපේ වීදි සේවයේ සාර්ථකත්වය වැඩි කරගැනීම සඳහා මුලපුරමු. තැනට උචිත නුවණ භාවිත කරමු.
2. වීදි සේවයේ යෙදෙන විට මුලපිරීම වැදගත් වන්නේ ඇයි?
2 මුලපුරන්න: එක තැනක සිටගෙන හෝ වාඩි වී මිනිසුන් තමන් ළඟට එන තුරු බලා සිටිනවා වෙනුවට ඔවුන් වෙතට ගොස් කතා කිරීම වඩාත් සුදුසුයි. සිනහා මුසු මුහුණින් යුතුව පුද්ගලයාගේ මුහුණ දෙස බලා සන්සුන්ව කතා කරන්න. ප්රචාරකයන් කිහිපදෙනෙක් වීදි සේවයේ යෙදෙන විට වඩාත් සුදුසු වන්නේ එක් පුද්ගලයෙක්ව එක් ප්රචාරකයෙක් මුණගැසී කතා කිරීමයි. කෙනෙක් උනන්දුවක් දක්වනවා නම් වෙනත් වේලාවක හමු වී කතා කිරීමට හැකිද කියා අසා, හැකි නම් ඔහුගේ ලිපිනය හෝ දුරකථන අංකය ඉල්ලගන්න. කලින් හමු වූ අයව නැවත හමු වී ඔවුන් තුළ පණිවිඩය කෙරෙහි උනන්දුවක් ඇති කිරීමට සමහර ප්රචාරකයන් නිතරම වීදි සේවයේ යෙදෙන්නේ එකම ස්ථානයෙයි.
3. තැනට උචිත නුවණ භාවිත කළ හැක්කේ කොහොමද?
3 තැනට උචිත නුවණ භාවිත කරන්න: වීදි සේවය කරන්නේ කුමන ස්ථානයේ සිටද, කතා කරන්නේ කාටද කියා තීරණය කිරීමේදී තැනට උචිත නුවණ භාවිත කරන්න. හොඳින් නිරීක්ෂණය කරන්න. තමන්ව පසු කරගෙන යන සැමදෙනාටම සාක්ෂි දැරිය යුතුයි කියා සිතන්න එපා. කෙනෙක් හදිස්සියේ ගමන් කරනවා නම් ඔහුට යන්න හරින්න. කඩසාප්පු ඉදිරිපිට සේවයේ යෙදෙන විට ඒවාට ඇතුල් වන අයට සාක්ෂි දැරුවොත් කඩහිමියන් කලබලයට පත් විය හැකියි. ඒ නිසා ඉන් පිට වී එන අයව හමු වීම වඩාත් හොඳයි. ජනයාව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් ඔවුන් වෙත එළඹෙන්න. සඟරා ඉදිරිපත් කරන විටත් ඥානවන්ත වෙන්න. ඔවුන් එතරම් උනන්දුවක් දක්වන්නේ නැත්නම් පත්රිකාවක් ඉදිරිපත් කළ හැකියි.
4. වීදි සේවය සතුටක් ලැබෙන මෙන්ම පල නෙළාගත හැකි සේවයක් කියා පැවසිය හැක්කේ ඇයි?
4 කෙටි වේලාවක් තුළ ශුභාරංචිය නමැති බීජ බොහොමයක් වැපිරීමට වීදි සේවය උපකාරයක්. (දේශ. 11:6) නිවෙස්වලදී හමු වීමට නොහැකි අයව අපට වීදියේදී හමු වීමට ඉඩ තිබෙනවා. වීදි සේවය විශාල සතුටක් හා බොහෝ පල නෙළාගත හැකි සේවයක් නිසා අපි ඉන් ප්රයෝජන ගනිමු.