සිහි කිරීමට සැමට ආරාධනා කරමු!
1. මාර්තු 17වෙනිදා සිට ආරම්භ වන්නේ කුමක්ද?
1 වාර්ෂිකව පැවැත්වෙන සිහි කිරීම, යේසුස්ගේ ජීවිත පූජාව ගැන දැනගැනීමට ජනයාට ආරාධනා කරන්න කදිම අවස්ථාවක්. (1 කොරි. 11:26) අපේ බලාපොරොත්තුව යෙහෝවා දෙවි මිනිසුන්ට ලබා දුන් අනගි ත්‍යාගය අගය කිරීමට අප හා එක් වෙනවා දැකීමයි. (යොහ. 3:16) ඒ සඳහා ආරාධනා පත් බෙදා දීම ආරම්භ කරන්නේ මාර්තු 17වෙනි සෙනසුරාදා සිටයි. එහි උපරිමයෙන් හවුල් වීමට ඔබත් ආශාවෙන් ඇති.
2. මෙම පත්‍රිකාව ඉදිරිපත් කළ හැක්කේ කෙසේද?
2 ඉදිරිපත් කිරීමට යෝජනාවක්: “අපි ආවේ ලෝකේ පුරාම සෑම අවුරුද්දකම පවත්වන වැදගත් සැමරීමකට ඔයාලගේ පවුලේ අයට ආරාධනා කරන්නයි. ඒ යේසුස්ගේ මරණය සිහි කිරීමයි. ඒක පවත්වන්නේ අප්‍රියෙල් 5වෙනිදායි. යේසුස්ගේ ජීවිත පූජාවෙන් අපට ලැබෙන ප්‍රයෝජන ගැනත් දැන් යේසුස් ස්වර්ගයේ කරමින් ඉන්නේ කුමක්ද යන්න ගැනත් බයිබලය මත පදනම් කතාවක් එදාට ඉදිරිපත් කරනවා. ඉතින් ඒ සැමරීම පවත්වන ස්ථානය හා වෙලාව මේ පත්‍රිකාවේ තියෙනවා.” මේ පත්‍රිකාව බෙදාහරින සති අන්තවලදී හැකි නම් සඟරාද ඉදිරිපත් කරන්න.
3. හැකි තරම් පිරිසකට ආරාධනා කරන්න අපිට පුළුවන් කොහොමද?
3 හැකි තරම් පිරිසකට ඇරයුම් කරමු: අපගේ අරමුණ එයයි. ඒ නිසා අපගේ බයිබල් පාඩම්වලට, නැවත බැලීම්වලට, නෑදෑයන්ට, රැකියා ස්ථානයේ අයට, පාසැලේ ශිෂ්‍යයන්ට, අසල්වැසියන්ට සහ දන්නා හඳුනන සෑම කෙනෙකුටම ආරාධනා කරමු. සභාවට අදාළ ප්‍රදේශයේ පත්‍රිකා බෙදාහරින ආකාරය වැඩිමහල්ලන් දැනුම් දෙයි. එය බෙදා දීම මගින් හොඳ ප්‍රතිඵල ලැබී තිබෙනවා. පසුගිය වසරේ සිහි කිරීමේ අවස්ථාවට එක් කාන්තාවක් පැමිණි අතර ඇයට ආරාධනා කළ ප්රචාරකයාව සොයාගැනීමට උපකාර කරන්න පරිවාරකයෙක් ඉදිරිපත් වුණා. නමුත් තමන් එහි සිටින කිසිවෙකුව හඳුනන්නේ නැති බවත් ආරාධනා පත්‍රිකාව ලැබුණේ එදින උදෑසන සාක්ෂිකරුවන් ගෙයින් ගෙට යමින් සිටි විට බවත් ඇය පැවසුවා.
4. ආරාධනා පත්‍ර බෙදා දීමේ කාර්යයේ උද්යෝගයෙන් හවුල් වීමට තිබෙන හේතු මොනවාද?
4 ඔබ දුන් පත්‍රිකාවක් නිසා කෙනෙක් සිහි කිරීමේ අවස්ථාවට පැමිණෙන්න ඉඩ තිබෙනවා. එසේ නොවුණත් ඔබ උද්යෝගයෙන් කළ සේවයේ ප්‍රතිඵල අනිවාර්යයෙන් තිබෙනවා. යේසුස් දැන් ස්වර්ගයේ රජ බව එම පත්‍රිකාව මගින් ප්‍රබල සාක්ෂියක් ඔබ දී අවසන්. එය බෙදාහැරීමට හවුල් වීමෙන් ඔබ සෙසු ජනයාටත් සහෝදර සහෝදරියන්ටත් විශේෂයෙන්ම යෙහෝවා දෙවිටත් පෙන්වූයේ කුමක්ද? යේසුස්ගේ ජීවිත පූජාව නමැති ත්‍යාගය ඔබ අගය කරන බවයි.—කොලො. 3:15.