ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 සැප්තැම්බර් 8 පි.
  • සේවයේ දක්ෂ වීමට - කැමරා සහ ඉන්ටකොම් හරහා සාක්ෂි දරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවයේ දක්ෂ වීමට - කැමරා සහ ඉන්ටකොම් හරහා සාක්ෂි දරන්න
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සේවයේ දක්ෂ වීමට ඉන්ටකොම්වලින් සාක්ෂි දරන්න
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • ඡායාරූපයේ සුල මුල
    2006 පිබිදෙව්!
  • සේවයට උදව් වෙන හොඳ පුරුදු
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • නිවැසියාව සිතන්න පොලඹවන්න
    2011 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 සැප්තැම්බර් 8 පි.
සහෝදරයෙක් සහ සහෝදරියක් දොරක සවි කරලා තියෙන කැමරාවක් හරහා පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - කැමරා සහ ඉන්ටකොම් හරහා සාක්ෂි දරන්න

ඒක වැදගත් ඇයි? එන්න එන්නම අපරාධ වැඩි වෙන නිසාත් තාක්ෂණයේ දියුණුව නිසාත් අද හුඟදෙනෙක් එයාලගේ ගෙවල්වල කැමරා සහ ඉන්ටකොම් සවි කරලා තියෙනවා. ඒ වගේ ගෙවල්වල ඉන්න අයව අපිට නොපෙනුණත් එයාලට අපිව පේනවා කියලා දන්න නිසා කැමරා සහ ඉන්ටර්කොම් හරහා සාක්ෂි දරන්න අපිට බයක් දැනෙන්න පුළුවන්. ඒත් මේ තොරතුරු මතකේ තියාගන්න එක ඒ බයෙන් ගොඩ එන්න ඔයාට උදව් වෙයි.

ඒක කරන්නේ කොහොමද?

  • මිනිසුන් ඇහුම්කන් දෙන්නේ නැති වෙයි කියලා හිතන්න එපා. කැමරා සහ ඉන්ටකොම් සවි කරලා තියෙන ගෙවල්වල ඉන්න හුඟක් අය අපිත් එක්ක කතා කරන්න කැමතියි

  • බෙල් එක ගහන්න කලින් ඉඳලාම සමහර කැමරාවලින් ඔයාව පටිගත වෙනවා කියලත් ඔයා ඉඩමකට ඇතුල් වුණු වෙලාවේ ඉඳන්ම නිවැසියා ඔයා කියන කරන දේවල් ගැන අවධානයෙන් ඉන්න පුළුවන් කියලත් මතක තියාගන්න

  • කැමරාවකින් නැත්නම් ඉන්ටකොම් එකකින් කෙනෙක් එක්ක කතා කරද්දී එයා ඔයා ඉස්සරහා ඉන්නවා කියලා හිතන්න. සිනාමුසුව සාමාන්‍ය විදිහට කතා කරන්න. නිවැසියාව ඔයාට මුණගැහුණා නම් ඔයා පණිවිඩය කියන්න හිතාගෙන හිටපු විදිහටම ඉන්ටකොම් එකෙනුත් පණිවිඩය කියන්න. එතන කැමරාවක් තියෙනවා නම් ඔයාගේ මූණ ඕනෑවට වඩා ඒකට ළං කරන්න එපා. ඉන්ටකොම් එක හරහා නිවැසියාව සම්බන්ධ කරගන්න බැරි වුණු අවස්ථාවකදී ඒ උපකරණයේ පණිවිඩයක් පටිගත කිරීමේ පහසුකම තිබුණත් එහෙම කරන්න එපා

  • සංවාදය අවසන් වුණාට පස්සෙත් ඔයා සහායකයා එක්ක කියන කරන දේවල් ගැන පරෙස්සම් වෙන්න. මොකද නිවැසියා ඔයාලා ගැන දිගටම අවධානයෙන් ඉන්න ඉඩ තියෙනවා

මෙහෙම කරලා බලන්න

ඒ සහෝදරයා පෙරහුරුවක් විදිහට ෆෝන් එකේ කැමරාවෙන් එයා කතා කරන විදිහ රෙකෝඩ් කරනවා.

පෙරහුරුවක් විදිහට ඔයාගේ ෆෝන් එකේ කැමරාවෙන් ඔයා කතා කරන විදිහ රෙකෝඩ් කරලා නිවැසියෙක්ට ඔයාව පේන්නේ කොහොමද කියලා බලන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න