ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb26 මාර්තු 12-13 පි.
  • අප්‍රියෙල් 20-26

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 20-26
  • 2026 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2026 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb26 මාර්තු 12-13 පි.

අප්‍රියෙල් 20-26

යෙසායා 54–55

ගීතිකාව 86 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. යෙහෝවාගෙන් ඉගෙනගන්න ඔයා කීයක් ගෙවන්න කැමතිද?

(විනා. 10යි)

යෙහෝවා ඔහුගේ දරුවන්ට උගන්නනවා කියලා පොරොන්දු වෙනවා (යෙසා 54:13; w09 9/15 21 3¶)

කාලය වැය කරලා ඔහු උගන්නන සත්‍යය මිල දීලා ගන්න (යෙසා 55:1, 2; w18.11 4-5 6-7¶)

ඔහු උගන්නන සත්‍යයට ඇහුම්කන් දෙන්න වෙහෙසක් දරන්න. ඒකෙන් ජීවිතේ ආරක්ෂා වෙනවා (යෙසා 55:3; be 14 2-4¶)

සහෝදරයෙක් රැස්වීමකදී අදහසක් දෙන්න එයාගේ අත උස්සගෙන ඉන්නවා.

මේ ගැන හිතන්න. ‘පෞද්ගලික අධ්‍යයන පුරුදු මට තව දියුණු කරගන්න පුළුවන් කොහොමද?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • යෙසා 54:17—මේ පදයේ මුල් කොටසෙන් අපිට මතක් කරලා දෙන වැදගත් කරුණු තුන මොනවාද? (w19.01 6 14-15¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) යෙසා 54:1-10 (th 11 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 2යි) ගෙයින් ගෙට. ‘ආදරෙන් උදව් කරමු’ සඟරාවේ 1වෙනි උපග්‍රන්ථයේ තියෙන සත්‍ය ඉගැන්වීමක් ගැන කතා කරන්න. (lmd 1 පාඩමේ 4 කරුණ)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 2යි) පොදු සේවය. ‘ආදරෙන් උදව් කරමු’ සඟරාවේ 1වෙනි උපග්‍රන්ථයේ තියෙන සත්‍ය ඉගැන්වීමක් ගැන කතා කරන්න. (lmd 2 පාඩමේ 3 කරුණ)

6. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 2යි) පොදු සේවය. කතා කරන කෙනාට කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (lmd 9 පාඩමේ 3 කරුණ)

7. දේශනය

(විනා. 5යි) be 28 3¶–31 2¶—තේමාව: අධ්‍යයනය කළ යුතු ආකාරය. (th 14 පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 97

8. බාධා ජය ගන්න

(විනා. 15යි) සාකච්ඡාවක්.

අම්මා කෙනෙක් උදේ පාන්දර නැඟිටලා බයිබලේ කියවනවා. එයාගේ දුව තාම නිදි.

අත්හරින්නේ නැතුව පෞද්ගලික අධ්‍යයනය කරන එක ලේසි දෙයක් නෙවෙයි. හැමදාම බයිබලේ කියවන්න, නිතිපතා පෞද්ගලික අධ්‍යයනය කරන්න අමාරු කෙනෙක්ට ඔයා උදව් කරන්න හදනවා කියලා හිතන්න. ඒක කරන්න එයාට තියෙන බාධා ගැන එයා ඔයාට කියනවා. පහළ තියෙන ඒ එක් එක් බාධාව ජය ගන්න උදව් වෙන යෝජනාවක්, බයිබල් ප්‍රතිපත්තියක් නැත්නම් අපේ වීඩියෝ එකක්, ලිපියක් ලියන්න.

  • “මට හරියට කියවන්න බෑ”

  • “අධ්‍යයනය කරන්න මං ආස නෑ”

  • “කොහෙන් පටන්ගන්නද, හැමදාම කොච්චරක් කියවන්නද කියලා මට හිතාගන්න බෑ”

  • “හැම සතියකම මං මොනවාද අධ්‍යයනය කරන්නේ? ගොඩක් දේවල් තියෙනවානේ”

  • “මේ වැඩ කන්දරාවත් එක්ක අධ්‍යයනය කරන්න කොහෙන්ද වෙලාව?”

  • “එක දේකට අවධානය දෙන්න මට අමාරුයි. මේ කියවන දේ මේ මතක නෑ”

‘හොඳ පෞද්ගලික අධ්‍යයනයකට’ වීඩියෝ එක පෙන්නන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • පෞද්ගලික අධ්‍යයනය තව රසවත් කරගන්න මොන දේවල් කරලා බලන්නද ඔයා කැමති?

9. සභා බයිබල් පාඩම

(විනා. 30යි) lfb 78-79 පාඩම්

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 70 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න