ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w21 පෙබරවාරි 14-19 පි.
  • සභාවේ මූලිකත්වය ගැන ඇති කරලා තියෙන සැලැස්ම තේරුම්ගමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සභාවේ මූලිකත්වය ගැන ඇති කරලා තියෙන සැලැස්ම තේරුම්ගමු
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සහෝදරියන්ට සලකන්න ඕනෙ කොහොමද?
  • හැම සහෝදරියක්ම හැම සහෝදරයෙකුගේම මූලිකත්වයට යටත්ද?
  • පවුලේ මූලිකයන්ට සහ වැඩිමහල්ලන්ට තියෙන අධිකාරිය
  • සභාවේ හිස වන යේසුස්ට යටත් වෙන්න
  • “සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස්”
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සභාවේ ඉන්න ඔයාගේ සහෝදරියන්ට හයියක් වෙන්න
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔයා කාන්තාවන්ට සලකන්නේ යෙහෝවා සලකන විදිහටමද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w21 පෙබරවාරි 14-19 පි.

පාඩම් ලිපිය 7

සභාවේ මූලිකත්වය ගැන ඇති කරලා තියෙන සැලැස්ම තේරුම්ගමු

‘සභාව නමැති ශරීරයේ ගැලවුම්කාරයා සහ හිස ක්‍රිස්තුස්.’—එෆී. 5:23.

ගීතිකාව 137 ගුණ යහපත් සහෝදරියන්

මේ ලිපියෙන්a

1. යෙහෝවා දෙවියන්ගේ සෙනඟ අතරේ තියෙන එකමුතුකමට එක හේතුවක් මොකක්ද?

යෙහෝවා දෙවියන්ගේ පවුලට එකතු වෙන්න ලැබුණු එක අපිට ලොකු සතුටක්. මේ පවුලේ මෙච්චර ලොකු එකමුතුකමක් තියෙන්නේ කොහොමද? ඒකට එක හේතුවක් තමයි යෙහෝවා දෙවියන් ඇති කරලා තියෙන මූලිකත්වය ගැන සැලැස්මට අපි ගරු කරන එක. අපි ඒ සැලැස්ම තවත් හොඳින් තේරුම්ගද්දී අපි අතරේ තියෙන එකමුතුකම තවත් වැඩි කරගන්න පුළුවන් වෙනවා.

2. අපි මේ ලිපියෙන් බලන්න යන්නේ මොනවා ගැනද?

2 යෙහෝවා දෙවියන් ඇති කරලා තියෙන මූලිකත්වය ගැන සැලැස්ම සභාවට අදාළ වෙන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු. ඒක තේරුම්ගන්න මේ ප්‍රශ්නවලට උත්තර බලන එක අපිට උදව් වෙයි. සහෝදරියන්ට සභාවේ තියෙන්නේ මොන වගේ වැඩ කොටසක්ද? හැම සහෝදරියක්ම හැම සහෝදරයෙකුගේම මූලිකත්වයට යටත්ද? පවුලේ මූලිකයන්ටයි වැඩිමහල්ලන්ටයි තියෙන්නේ එක වගේ අධිකාරියක්ද?

සහෝදරියන්ට සලකන්න ඕනෙ කොහොමද?

3. සහෝදරියන් ගැන අපිට තියෙන අගය වැඩි කරගන්න පුළුවන් කොහොමද?

3 තමන්ගේ පවුලේ අයව බලාගන්න, සේවේ හවුල් වෙන්න, සභාවේ අයට උදව් කරන්න අපේ සහෝදරියන් වෙහෙස නොබලා කරන හැම දෙයක්ම අපි ගොඩක් අගය කරනවා. යෙහෝවා දෙවියන් සහ යේසුස් එයාලා ගැන හිතන විදිහ අපි තේරුම්ගද්දී එයාලා ගැන අපේ හිතේ තියෙන අගය තවත් වැඩි කරගන්න අපිට පුළුවන් වෙනවා. ඒ වගේම පාවුල් ස්ත්‍රීන්ට සලකපු විදිහෙනුත් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

4. යෙහෝවා දෙවියන්ට පුරුෂයන්ව වගේම ස්ත්‍රීන්වත් ගොඩක් වටිනවා කියලා බයිබලෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

4 යෙහෝවා දෙවියන්ට පුරුෂයන්ව වගේම ස්ත්‍රීන්වත් ගොඩක් වටිනවා කියලා බයිබලේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා. උදාහරණෙකට මුල් සියවසේදී විවිධ භාෂා කතා කරන එක වගේ ආශ්චර්යයන් කරන්න යෙහෝවා දෙවියන් පුරුෂයන්ට වගේම ස්ත්‍රීන්ටත් බලය දුන්නා. (ක්‍රියා 2:1-4, 15-18) ඒ වගේම යේසුස් එක්ක රජකම් කරන්න දෙවියන් ස්ත්‍රීන්වත් තෝරගෙන තියෙනවා. (ගලා. 3:26-29) පාරාදීස පොළොවේ හැමදාටම ජීවත් වෙන්න ස්ත්‍රීන්ටත් අවස්ථාව ලැබෙනවා. (එළි. 7:9, 10, 13-15) ඒ විතරක් නෙවෙයි දේශනා කිරීමේ සහ මිනිසුන්ට ඉගැන්වීමේ පැවරුම පුරුෂයන්ට වගේම ස්ත්‍රීන්ටත් ලැබිලා තියෙනවා. (මතෙ. 28:19, 20) උදාහරණෙකට ප්‍රිසිලා කියන සහෝදරිය එයාගේ සැමියා වුණු අකිලා එක්ක එකතු වෙලා දැනඋගත් කෙනෙක් වුණු අපොලොස්ට ශුද්ධ ලියවිල්ලේ තිබුණු දේවල් වඩාත් හොඳින් තේරුම්ගන්න උදව් කළා.—ක්‍රියා 18:24-26.

5. යේසුස් ස්ත්‍රීන්ට ගරු කළා කියලා ලූක් 10:38, 39 සහ 42 පැහැදිලි වෙන්නේ කොහොමද?

5 යේසුස් ස්ත්‍රීන්ට ගරු කළා. ඔහු වැඩ කළේ පරිසිවරුන්ට වඩා හාත්පසින්ම වෙනස් විදිහට. පරිසිවරු ස්ත්‍රීන්ව සැලකුවේ පහත් අය විදිහට. එයාලා ස්ත්‍රීන්ට ශුද්ධ ලියවිල්ලේ දේවල් උගන්වනවා තියා ප්‍රසිද්ධියේ එයාලත් එක්ක කතා කළේවත් නැහැ. ඊට වෙනස්ව යේසුස් ශුද්ධ ලියවිල්ලේ තිබුණු වැදගත් කාරණා ගැන පුරුෂයන් එක්ක වගේම ස්ත්‍රීන් එක්කත් කතා කළා.b (ලූක් 10:38, 39, 42 කියවන්න.) දේශනා සේවේ තමන් එක්ක හවුල් වෙන්නත් ඔහු ස්ත්‍රීන්ට ඉඩ දුන්නා. (ලූක් 8:1-3) ඒ වගේම යේසුස් නැවත නැඟිට්ටා කියන පණිවිඩය නියෝජිතයන්ට දැනුම් දීමේ වටිනා අවස්ථාව ඔහු දුන්නෙත් ස්ත්‍රීන් කීපදෙනෙක්ට.—යොහ. 20:16-18.

6. පාවුල් ස්ත්‍රීන්ට ගරු කළා කියලා කියන්න පුළුවන් ඇයි?

6 පාවුල් කටයුතු කරපු විදිහෙන් පැහැදිලිව පෙනුණා එයා ස්ත්‍රීන්ට ගෞරවයෙන් සැලකුවා කියලා. උදාහරණෙකට එයා තිමෝතිට කිව්වා, ‘වැඩිහිටි ස්ත්‍රීන්ව මව්වරු විදිහටත් තරුණියන්ව සහෝදරියන් විදිහටත් සලකන්න’ කියලා. (1 තිමෝ. 5:1, 2) තිමෝතිට අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න පාවුල් ගොඩක් උදව් කළත් තිමෝතිට පුංචි කාලේ ඉඳලම “ශුද්ධ ලියවිල්ලේ” දේවල් කියලා දීපු එයාගේ අම්මාවයි, ආච්චිවයි පාවුල් ගොඩක් අගේ කළා. (2 තිමෝ. 1:5; 3:14, 15) පාවුල් රෝමවරුන්ට ලියපු ලියුමේ සමහර සහෝදරියන්ව එයාලගේ නම්වලින්ම හැඳින්නුවා. ඒ විතරක් නෙවෙයි එයාලා වෙහෙස නොබලා කරපු සේවය පාවුල් හදවතින්ම අගේ කළා.—රෝම 16:1-4, 6, 12; ෆිලි. 4:3.

7. අපි දැන් බලන්න යන්නේ මොනවා ගැනද?

7 සහෝදරියන්ව පහත් කරලා සලකන්න බයිබලේ කිසිම පදනමක් නැහැ කියලා අපි කලින් ඡේදවලින් බැලුවා. සභාවේ අයට උදව් කරන අපේ ආදරණීය සහෝදරියන්ව අපිට ගොඩක් වටිනවා. සභාවේ එක්සත්කම රැකගන්න උදව් කරන සහෝදරියන්ව වැඩිමහල්ලන් ගොඩක් අගේ කරනවා. අපි දැන් මේ වැදගත් ප්‍රශ්න දෙකට උත්තර බලමු. සමහර අවස්ථාවලදී සහෝදරියන් හිස වසාගන්න ඕනෙ කියලා යෙහෝවා දෙවියන් කියන්නේ ඇයි? වැඩිමහල්ලන් සහ සහායක සේවකයන් විදිහට පත් කරන්නේ සහෝදරයන්ව විතරක් නිසා ඒකෙන් අදහස් වෙනවාද සහෝදරියන් හැමෝම හැම සහෝදරයෙකුගේම මූලිකත්වයට යටත් වෙන්න ඕනෙ කියලා?

හැම සහෝදරියක්ම හැම සහෝදරයෙකුගේම මූලිකත්වයට යටත්ද?

යෙහෝවා දෙවියන්ගේ තේජස යටතේ ඉන්න යේසුස් ස්වර්ගයේ සිංහාසනයක ඉඳන් ඉන්නවා. නමස්කාර මධ්‍යස්ථානයක පවත්වන රැස්වීමක්, පවුලේ නමස්කාරය කරන පවුලක් සහ පෞද්ගලික අධ්‍යයනය කරන සහෝදරියක් පහත පින්තූරවලින් පෙන්නලා තියෙනවා. ඒ පින්තූරවල අදහස් 8 සහ 11-14 ඡේදවල විස්තර කරලා තියෙනවා.

8. එෆීස 5:23 අනුව හැම සහෝදරියක්ම හැම සහෝදරයෙකුගේම මූලිකත්වයට යටත්ද? පැහැදිලි කරන්න.

8 හැම සහෝදරියක්ම හැම සහෝදරයෙකුගේම මූලිකත්වයට යටත්ද? නැහැ. සභාවේ හිස විදිහට කටයුතු කරන්නේ ක්‍රිස්තුස්. (එෆීස 5:23 කියවන්න.) පවුලේදී බිරිඳ සැමියාගේ මූලිකත්වයට යටත් වෙන්න ඕනේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ බව්තීස්ම වුණු පුතාගේ මූලිකත්වයටත් අම්මා යටත් වෙන්න ඕනෙ කියලා. (එෆී. 6:1, 2) ඒ වගේම වැඩිමහල්ලන්ටත් සභාවේ සහෝදර සහෝදරියන් ගැන තියෙන්නේ සීමිත අධිකාරියක් විතරයි. (1 තෙස. 5:12; හෙබ්‍රෙ. 13:17) දෙමව්පියන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙන තනිකඩ සහෝදරියක් ගැන කියන්න පුළුවන් මොකක්ද? එයා දිගටම දෙමව්පියන්ට ගරු කරනවා. හැබැයි එයා තවදුරටත් ජීවත් වෙන්නේ තාත්තාගේ මුලිකත්වය යටතේ නෙවෙයි. එයා දිගටම වැඩිමහල්ලන්ටත් ගරු කරනවා. හැබැයි පෞද්ගලික කාරණාවලදී එයා වැඩිමහල්ලන්ගේ මූලිකත්වයට යටත් වෙන්නේ නැහැ. මොකද එයාගේ හිස වෙන්නේ යේසුස්.

පෞද්ගලික අධ්‍යයනය කරන සහෝදරියක්.

දෙමව්පියන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙන තනිකඩ අය ඉන්නේ යේසුස්ගේ මූලිකත්වය යටතේ (8 ඡේදය බලන්න)

9. සමහර අවස්ථාවලදී සහෝදරියක් හිස වසාගන්න ඕනෙ ඇයි?

9 සභාවේ ඉගැන්වීමේ කටයුතු ඇතුළුව නමස්කාර කටයුතුවල පෙරමුණ අරන් වැඩ කරන වගකීම දෙවියන් දීලා තියෙන්නේ පුරුෂයන්ට. (1 තිමෝ. 2:12) දෙවියන් ඒ සැලැස්ම ඇති කරලා තියෙන්නේ ඔහුගේ පවුලේ හැම දෙයක්ම පිළිවෙලකට වෙනවා දකින්න ඔහු කැමති නිසයි. ඒ නිසා සාමාන්‍යයෙන් සහෝදරයෙක් කරන පැවරුමක් සහෝදරියකට කරන්න වුණොත් එයා අනිවාර්යයෙන්ම හිස වසාගන්න ඕනෙ කියලා යෙහෝවා දෙවියන් කියලා තියෙනවා.c (1 කොරි. 11:4-7) දෙවියන් එහෙම කියලා තියෙන්නේ ඔහු සහෝදරියන්ව පහත් කරලා සලකන නිසා නෙවෙයි. ඒ වෙනුවට මූලිකත්වය සම්බන්ධයෙන් ඔහු ඇති කරලා තියෙන සැලැස්මට ගරු කරනවා කියලා පෙන්නන්න සහෝදරියන්ට අවස්ථාව දෙන්නයි. ඒ දේ මතක තියාගෙන අපි දැන් බලමු පවුලේ මූලිකයන්ටයි වැඩිමහල්ලන්ටයි තියෙන්නේ මොන වගේ අධිකාරියක්ද කියලා.

සහෝදරියක් හිස වසාගන්න ඕනෙ මොන අවස්ථාවලදීද?

සහෝදරියක් සේවය සඳහා රැස්වීමක් පවත්වනවා. ඉඳගෙන ඉන්න සහෝදරිය හිස වසාගෙනයි ඉන්නේ.

සහෝදරියක් හිස වසාගන්න ඕනෙද, නැද්ද කියලා තීරණය කරද්දී මේ ප්‍රශ්න ගැන හිතලා බලන්න ඕනේ:

  1. 1. මං බයිබලෙන් උගන්වන්නේ එහෙම නැත්නම් ශබ්ද නඟා යාච්ඤා කරන්නේ බව්තීස්ම වුණු සහෝදරයෙක් ඉන්න තැනකද?—1 කොරි. 11:4, 5.

  2. 2. බව්තීස්ම වුණු සහෝදරයෙක් ළඟ හිටියේ නැතත් මං කරන්නේ බව්තීස්ම වුණු සහෝදරයෙක් කරන්න ඕනෙ පැවරුමක්ද?—1 තිමෝ. 2:11, 12; හෙබ්‍රෙ. 13:17.

  3. 3. මං බයිබල් පාඩමක් කරන්නේ එහෙමත් නැත්නම් ශබ්ද නඟා යාච්ඤා කරන්නේ මගේ සැමියා ඉන්න තැනකද?—1 කොරි. 11:3.

ඒ ප්‍රශ්නවලින් එකකට හරි උත්තරය “ඔව්” නම් ඔයා අනිවාර්යයෙන්ම හිස වසාගන්න ඕනේ.e

පවුලේ මූලිකයන්ට සහ වැඩිමහල්ලන්ට තියෙන අධිකාරිය

10. වැඩිමහල්ලෙක් සභාවේ අයට නීති දාන්න පෙලඹෙන්න පුළුවන් ඇයි?

10 වැඩිමහල්ලන් ක්‍රිස්තුස්ටත් තමන්ට භාර දීලා තියෙන ‘බැටළුවන්ටත්’ ගොඩක් ආදරෙයි. (යොහ. 21:15-17) ඒ නිසා සභාවේ අය හරියට තමන්ගේ දරුවන් වගේ කියලා වැඩිමහල්ලෙක්ට හිතෙන්න පුළුවන්. පවුලේ අයව ආරක්ෂා කරගන්න නීති දාන්න තාත්තාට අයිතිය තියෙනවා වගේ සභාවේ අයව ආරක්ෂා කරගන්න නීති දාන්න තමන්ටත් අයිතිය තියෙනවා කියලා වැඩිමහල්ලෙක්ට හිතෙන්න පුළුවන්. අනිත් අතට තමන්ගේ පෞද්ගලික කාරණා සම්බන්ධයෙනුත් වැඩිමහල්ලන් තීරණ ගන්නවාට කැමති අය සභාවේ ඉන්න පුළුවන්. හැබැයි වැඩිමහල්ලෙක්ටයි පවුලේ මූලිකයෙක්ටයි තියෙන්නේ එක වගේම අධිකාරියක්ද?

වැඩිමහල්ලෙක් සභාවක දේශනයක් දෙනවා.

සභාවේ අයට යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වගන්න වැඩිමහල්ලන් උදව් කරනවා. ඒ වගේම එයාලගේ ආදරේ දැනෙන්න සලස්වනවා. සභාව පවිත්‍රව තියාගන්න වගකීම යෙහෝවා දෙවියන් දීලා තියෙන්නේ වැඩිමහල්ලන්ට (11 සහ 12 ඡේද බලන්න)

11. වැඩිමහල්ලෙක්ට තියෙන අධිකාරියයි පවුලේ මූලිකයෙක්ට තියෙන අධිකාරියයි සමාන වෙන්නේ මොන පැතිවලින්ද?

11 වැඩිමහල්ලෙක්ගේ අධිකාරියයි පවුලේ මූලිකයෙක්ගේ අධිකාරියයි අතරේ යම් සමානකම් තියෙනවා කියලා පාවුල් කියපු දෙයින් පැහැදිලි වෙනවා. (1 තිමෝ. 3:4, 5) උදාහරණෙකට පවුලේ හැමෝම පවුලේ මූලිකයාට කීකරු වෙන්න ඕනේ. (කොලො. 3:20) සභාවේ ඉන්න හැමෝමත් වැඩිමහල්ලන්ගෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න ඕනේ. තමන් යටතේ ඉන්න අයට දිගටම දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වගන්න උදව් කරන වගකීම පවුලේ මූලිකයන්ට වගේම වැඩිමහල්ලන්ටත් තියෙනවා. එයාලා තමන් යටතේ ඉන්න අයට ආදරය දැනෙන්න සලස්වන එකත් හරිම වැදගත්. තමන් යටතේ ඉන්න කෙනෙක් මොකක් හරි ප්‍රශ්නෙකට මුහුණ දෙනවා කියලා දැනෙද්දී පවුලේ මූලිකයන් සහ වැඩිමහල්ලන් ඉක්මනින්ම එයාට උදව් කරනවා. (යාකො. 2:15-17) පවුලේ මූලිකයන් සහ වැඩිමහල්ලන් තමන් යටතේ ඉන්න අයට යෙහෝවා දෙවියන්ගේ ප්‍රතිපත්තිවලට කීකරු වෙන්න උදව් කරයි කියලත් එයාලා තමන්ගේ වගකීම් ඉටු කරද්දී “ලියවිලිවල සඳහන් වී ඇති දේ ඉක්මවා” නොයයි කියලත් යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා.—1 කොරි. 4:6.

සහෝදරයෙක් පවුලේ නමස්කාරය කරනව.

පවුල වෙනුවෙන් තීරණ ගන්න යෙහෝවා දෙවියන් අධිකාරිය දීලා තියෙන්නේ පවුලේ මූලිකයන්ට. හැබැයි ආදරණීය සැමියෙක් කොයි වෙලෙත් පවුලට අදාළ තීරණයක් ගන්න කලින් ඒ ගැන බිරිඳ එක්ක කතා කරනවා (13 ඡේදය බලන්න)

12-13. රෝම 7:2 අනුව පවුලේ මූලිකයෙක්ගෙයි වැඩිමහල්ලෙක්ගෙයි අධිකාරිය අතරේ තියෙන වෙනස්කම් මොනවාද?

12 පවුලේ මූලිකයෙක්ගෙයි වැඩිමහල්ලෙක්ගෙයි අධිකාරිය අතරේ පැහැදිලි වෙනස්කම් කීපයක් තියෙනවා. උදාහරණෙකට සභාවේ විනිශ්චමය කාරණා හසුරුවන්න, පසුතැවිලි වෙන්නේ නැතුව දිගින් දිගටම බරපතළ වැරදි කරන අයව සභාවෙන් ඉවත් කරන්න වගකීම ලැබිලා තියෙන්නේ වැඩිමහල්ලන්ට විතරයි.—1 කොරි. 5:11-13.

13 අනිත් අතට පවුලට අදාළ නීති දාන වගකීම ලැබිලා තියෙන්නේ පවුලේ මූලිකයාට විතරයි. (රෝම 7:2 කියවන්න.) උදාහරණෙකට පවුලේ දරුවන් ගෙදරට එන්න ඕනෙ වෙලාව ගැන නීතියක් දාන්නත් දරුවන් ඒ නීතියට අකීකරු වෙද්දී එයාලව හික්මවන්නත් පවුලේ මූලිකයාට අයිතිය තියෙනවා. (එෆී. 6:1) හැබැයි පවුලේ මූලිකයා විදිහට තමන්ගේ වගකීම ආදරෙන් ඉටු කරන සැමියෙක් කොයි වෙලෙත් පවුලට අදාළ නීති දාන්න කලින් ඒ ගැන එයාගේ බිරිඳත් එක්ක කතා කරනවා. මොකද ඒ දෙන්නාම උත්සාහ කරන්නේ “එක් කෙනෙක්” විදිහට වැඩ කරන්න.d—මතෙ. 19:6.

සභාවේ හිස වන යේසුස්ට යටත් වෙන්න

යෙහෝවා දෙවියන්ගේ තේජස යටතේ ඉන්න යේසුස් ස්වර්ගයේ සිංහාසනයක ඉඳන් ඉන්නවා.

යෙහෝවා දෙවියන්ගේ මූලිකත්වය යටතේ ඉන්න යේසුස් සභාවට මඟ පෙන්වීම් දෙනවා (14 ඡේදය බලන්න)

14. (අ) යෙහෝවා දෙවියන් සභාවේ හිස විදිහට පත් කරලා තියෙන්නේ සුදුසුම කෙනාවයි කියලා මාක් 10:45 පැහැදිලි වෙන්නේ කොහොමද? (ආ) පාලක මණ්ඩලයට තියෙන්නේ මොන වගේ වැඩ කොටසක්ද? (“පාලක මණ්ඩලයේ වැඩ කොටස” කියන කොටුව බලන්න.)

14 සභාවේ එක් එක් කෙනා ඇතුළු දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න කැමති හැමෝවම යෙහෝවා දෙවියන් මිල දී ගත්තේ යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන්. (මාක් 10:45 කියවන්න; ක්‍රියා 20:28; 1 කොරි. 15:21, 22) එහෙනම් සභාවේ හිස විදිහට පත් කරන්න යේසුස්ට වඩා සුදුසු කෙනෙක් ඉන්නවා කියලා හිතන්න පුළුවන්ද? අපි එක් එක් කෙනා පෞද්ගලිකව, පවුලක් විදිහට සහ සභාවක් විදිහට දේවල් කරන්න ඕනෙ කොහොමද කියලා නීති දාන්නත් අපි ඒ නීතිවලට කීකරු වෙනවාද කියලා හොයලා බලන්නත් සභාවේ හිස හැටියට යේසුස්ට සම්පූර්ණ අයිතිය තියෙනවා. (ගලා. 6:2) හැබැයි යේසුස් කරන්නේ අපි වෙනුවෙන් නීති දාන එක විතරක් නෙවෙයි. ඔහු අපි එක් එක් කෙනා ගැන සැලකිලිමත් වෙනවා. මොකද ඔහු අපි හැමෝටම ගොඩක් ආදරෙයි.—එෆී. 5:29.

පාලක මණ්ඩලයේ වැඩ කොටස

පාලක මණ්ඩලයේ සහෝදරයන් රැස්වීමක් පවත්වනවා.

පාලක මණ්ඩලයේ සහෝදරයන් අපේ විශ්වාසයට බලපෑම් කරන පාලකයන් නෙවෙයි. (2 කොරි. 1:24) සභාවේ හිස ක්‍රිස්තුස් කියලත් අනිත් “සියලුදෙනාම සහෝදරයෝ” කියලා යේසුස් කියපු දේත් එයාලා නිහතමානීව පිළිගන්නවා. (මතෙ. 23:8) ඒත් එක්කම සහෝදර සහෝදරියන්ව ආදරෙන් රැකබලා ගන්න එයාලට දීලා තියෙන පැවරුම එයාලා පුළුවන් උපරිමයෙන් කරන්න උත්සාහ කරනවා. යේසුස්ගේ අධිකාරිය යටතේ ඉන්න පාලක මණ්ඩලයේ සහෝදරයන් ලොව පුරා ඉන්න යෙහෝවා දෙවියන්ගේ සෙනඟට ඕන කරන මඟ පෙන්වීම් ලබා දෙනවා. එයාලා තමයි ශාඛා කමිටුවල සාමාජිකයන්ව සහ චාරිකා සේවකයන්ව පත් කරන්නේ. (එෆී. 4:7-13) චාරිකා සේවකයන් සභාවල වැඩිමහල්ලන්ව පත් කරනවා. (ක්‍රියා 14:23; තීත. 1:5) සහෝදර සහෝදරියන්ට දිගටම දෙවියන්ට ළං වෙලා ඉන්න ඕන කරන පෝෂණය ලබා දෙන්න තමන්ට ලැබිලා තියෙන වගකීම පාලක මණ්ඩලයේ සහෝදරයන් සලකන්නේ බැරෑරුම් වගකීමක් විදිහටයි. පාලක මණ්ඩලයේ සහෝදරයන් ඒ දේ කරන්නේ ලියුම්, ලිඛිතව ලබා දෙන මඟ පෙන්වීම්, ප්‍රකාශන, JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන්, විවිධ පාසැල්, රැස්වීම් සහ සමුළු මාර්ගයෙන්. (ක්‍රියා 15:22-35) ස්වාභාවික විපතක් නිසා හරි වෙනත් දුෂ්කර තත්වයක් නිසා හරි සහෝදර සහෝදරියන් පීඩා විඳිද්දී පාලක මණ්ඩලයේ සහෝදරයන් ආදරෙන් පෙලඹිලා එයාලට ඕන කරන උදව් ලබා දෙන්න ඉක්මනින්ම පියවර ගන්නවා.f

15-16. සහෝදරී මාලී සහ සහෝදර බෙන්ජමින් කියපු දේවලින් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

15 සභාවේ අයව රැකබලා ගන්න පත් කරලා තියෙන සහෝදරයන්ට කීකරු වෙන එකෙන් සහෝදරියන් පෙන්නන්නේ එයාලා ක්‍රිස්තුස්ගේ අධිකාරියට යටත් වෙනවා කියලයි. ඇමරිකාවේ ජීවත් වෙන සහෝදරි මාලී මෙහෙම කියනවා. “බිරිඳක් විදිහටත් සභාවේ සහෝදරියක් විදිහටත් මට පැවරිලා තියෙන වැඩ කොටස මට ගොඩක් වටිනවා. මට දැනෙනවා මගේ මහත්තයාගෙයි වැඩිමහල්ලන්ගෙයි මූලිකත්වයට යටත් වෙන්න මගේ පැත්තෙන් ලොකු වෑයමක් දරන්න ඕනෙ කියලා. හැබැයි එයාලා මට ගෞරවයෙන් සලකනවා. මං කරන දේවල් ගොඩක් අගේ කරනවා. දිගටම එයාලගේ මූලිකත්වයට යටත් වෙන්න ඒක මට උදව් වෙනවා.”

16 මූලිකත්වය ගැන දෙවියන් ඇති කරලා තියෙන සැලැස්ම හොඳින් තේරුම්ගන්න සහෝදරයන්, සහෝදරියන්ට ගෞරවයෙන් සලකනවා. එංගලන්තයේ ජීවත් වෙන සහෝදර බෙන්ජමින් කියන දේ බලන්න. “සහෝදරියන් රැස්වීම්වලදී දෙන අදහස්වලිනුත් එයාලා දක්ෂ විදිහට දේශනා කරන විදිහෙනුත් බයිබල් පාඩම් පවත්වන විදිහෙනුත් මං ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. එයාලා කරන සේවය ඇත්තටම වටිනවා.”

17. මූලිකත්වය සම්බන්ධයෙන් ඇති කරලා තියෙන සැලැස්මට අපි කීකරු වෙන්න ඕනෙ ඇයි?

17 පුරුෂයන්, ස්ත්‍රීන්, පවුලේ මූලිකයන්, වැඩිමහල්ලන් හැමෝම මූලිකත්වය සම්බන්ධයෙන් ඇති කරලා තියෙන සැලැස්මට කීකරු වෙද්දී සභාවේ හැමෝටම එකමුතුව, සතුටින් ඉන්න පුළුවන් වෙනවා. ඒ හැම දේටම වඩා වටින්නේ ඒකෙන් අපේ ආදරණීය පියාණන් වන යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් වෙන එකයි.—ගීතා. 150:6.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • අපේ සහෝදරියන්ට අපි සලකන්න ඕනෙ කොහොමද?

  • හැම සහෝදරියක්ම හැම සහෝදරයෙකුගේම මූලිකත්වයට යටත් වෙන්න ඕනෙද? පැහැදිලි කරන්න.

  • පවුලේ මූලිකයන්ගේ අධිකාරියයි වැඩිමහල්ලන්ගේ අධිකාරියයි අතරේ තියෙන වෙනස්කම් මොනවාද?

ගීතිකාව 123 දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු

a සහෝදරියන්ට සභාවේ තියෙන්නේ මොන වගේ වැඩ කොටසක්ද? හැම සහෝදරියක්ම හැම සහෝදරයෙකුගේම මූලිකත්වයට යටත්ද? පවුලේ මූලිකයන්ටයි වැඩිමහල්ලන්ටයි තියෙන්නේ එක වගේ අධිකාරියක්ද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

b 2020 සැප්තැම්බර් ‘මුරටැඹ’ සඟරාවේ පළ වුණු “සභාවේ ඉන්න ඔයාගේ සහෝදරියන්ට හයියක් වෙන්න” කියන ලිපියේ 6වෙනි ඡේදය බලන්න.

c “සහෝදරියක් හිස වසාගන්න ඕනෙ මොන අවස්ථාවලදීද?” කියන කොටුව බලන්න.

d පවුලක් විදිහට යන්න ඕනෙ මොන සභාවටද කියන තීරණය ගන්න ඕනෙ කවුද කියලා තේරුම්ගන්න 2020 අගෝස්තු ‘මුරටැඹ’ සඟරාවේ පළ වුණු “සභාවේ හැම කෙනෙක්වම වටින අය විදිහට සලකන්න” කියන ලිපියේ 17-19 ඡේද බලන්න.

e වැඩි විස්තර දැනගන්න “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න” කියන පොතේ 239-242 දක්වා පිටු බලන්න.

f පාලක මණ්ඩලයේ සහෝදරයන් කරන වැඩ කොටස ගැන තවත් තොරතුරු දැනගන්න 2013 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ 20-25 පිටු බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න