මිෂනාරිවරු ඔවුහු කවරහු විය යුතුද?
“මිෂනාරි” යන වචනයට බලවත් චිත්තවේගයන් ඉපදවිය හැකිය. තෙරේසා මව්තුමිය හෝ නැසීගිය ඇල්බර්ට් ෂ්වයිට්සර් වැනි පුද්ගලයන්ව මනසට නැගෙත්ම සමහරුන් තුළ එය ජනිත කරන්නේ ප්‍රශංසාව මුසු හැඟීම්ය.
ඊට පටහැනිව, වෙනත් අය මිෂනාරිවරුන් යන විෂය සඳහන් වන විට උදාසීනව, බලවත් කලකිරීමකින් හෝ කේන්තියෙන් පවා ප්‍රතික්‍රියා කරති. ඔවුන්ට එම වචනය මානසික ලෙස බලපැවැත්වීම අදහස් කරන අතර, යටත්විජිතවාදය ගැන සිතීමට සලස්වයි.
මිෂනාරිවරුන් සම්බන්ධයෙන් බලන විට, ඔවුහු ආලෝකයේ නියෝජිතයෝ නැතහොත් අන්ධකාරයේ නියෝජිතයෝ වී ඇත්ද යන ප්රශ්නය නැගීම යෝග්‍ය වේ.
මිෂනාරිවරයෙකු යනු?
මිෂනාරිවරයෙකු වනාහි “දූත මෙහෙයක් භාරගන්නා පුද්ගලයෙකු” වේ, වෙනත් අයුරකින් පවසනවා නම් “ආගමික සංවිධානයකින් සිය ඇදහිල්ල ප්‍රසිද්ධියට පත් කිරීමට හෝ මානවහිතවාදී වැඩක් කරගෙන යෑමට පවරන ලද දේව සේවයක්” භාරගැනීම වශයෙන් නිර්වචනය කර තිබේ.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් ක්‍රිස්තියානි මිෂනාරි වැඩය සඳහා පදනම සපයන ලද්දේ උන්වහන්සේ සිය අනුගාමිකයන්ට මෙසේ පැවසූ විටය: “එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා.” මුළු ලොව පුරාම ක්‍රිස්තියානි පණිවුඩය දේශනා කිරීම මින් අවශ්‍ය කෙරේ.—මතෙව් 28:19.
සිය පියාණන් වන යෙහෝවඃවහන්සේ විසින් ස්වර්ගයේ සිට විදේශ පැවරුමක් සඳහා පොළොවට එවන ලද යේසුස්වහන්සේම මිෂනාරිවරයෙක් වූසේක. (පිලිප්පි 2:5-8) ක්‍රිස්තියානි මිෂනාරිවරයෙකු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තැබූ ආදර්ශය කිට්ටුවෙන් අනුගමනය කළ යුතු වීම තර්කානුකූලය. පළමු-ශතවර්ෂයේ එලෙසම කළ මිෂනාරිවරයෙක් වූයේ පාවුල්ය, ඔහු ඉන්පසු පැමිණෙන ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ට අනුකරණය කිරීමට ආදර්ශයක් බවට පත්වූයේය.—1 කොරින්ති 11:1.
මිනිස්වර්ගයා තුළ පැතිර යන සමාජ ගැටලුවලට දයානුකම්පාව දැක්වුවත්, යේසුස්වහන්සේ පොළොවෙහි සිටියදී ඒවා විසඳීමට මුල්තැන නොදුන්සේක. එසේ කරනු ලැබුවා නම් කළ හැකි හොඳම දෙය වන්නේ තාවකාලික සහනයක් ලබා දීම පමණි. (යොහන් 6:26, 27; 12:8) වඩා වැදගත්ව තිබුණේ වෙනත් දෙයකි. “ඒ පිණිස මම ඉපද සිටිමි, මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂිදෙන පිණිස” යයි යේසුස්වහන්සේ පිලාත්ට පැවසූසේක. යේසුස්වහන්සේ ඊට පෙර යාච්ඤාවකදී සඳහන් කර තිබූසේක්ම, එවැනි සත්‍යයක් පිළිබඳව දැනුම බෙහෙවින් අවධාරණය කළ යුත්තකි: “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයය, එනම් එකම සැබෑ දෙවි වන ඔබවහන්සේ ගැනත්, ඔබ විසින් එවන ලද තැනැන්තා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනත් ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3, NW; 18:37.
ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන් යේසුස්වහන්සේ තැබූ ආදර්ශය අනුවම ගොස් තිබේද? උන්වහන්සේ කළ ලෙසම ඔවුන්ද දේව වචනය, එනම් සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුමේ ආලෝකය පිළිබිඹු කරමින් ආලෝකයේ නියෝජිතයන් බවට ඔප්පු වී තිබේද? නැතහොත් ඔවුහු ජනයාව අන්ධකාරයේ තබා තිබෙත්ද? ක්‍රිස්තියානි මිෂනාරිවරුන් යයි කියාගන්නාවූ අය විසින් ශතවර්ෂ ගණනක් පුරා නිපදවා ඇති ඵල මගින් සැබෑ ආගම මෙන්ම බොරු ආගම හඳුනාගැනීමට අපට උපකාර කරන නිසා මෙම ප්‍රශ්නවලට උත්තර අප සියලු දෙනාගේම උනන්දුවට හේතු විය යුතුය. එබැවින් පිබිදෙව්! සඟරාව, එහි ඊළඟ කලාප පහ තුළ මෙම විෂය ගැන ගැඹුරට සාකච්ඡා කරන බව නිවේදනය කිරීමට සතුටු වේ.
මිෂනාරිවරුන් මීට අනුකූල වී ඇත්තේ කෙසේද?
ක්‍රිස්තුස්වහන්සේගේ පණිවුඩය පතළ කිරීමේදී මිෂනාරිවරුන් අනර්ඝ ආකාරයකින් දායක වී ඇත. උදාහරණයක් වශයෙන්, ජනයාට තමන්ගේම භාෂාවලින් කියවීමට හැකි කරවමින් සමහරුන් බයිබලය දේශීය භාෂාවලට පරිවර්තනය කර තිබේ.
කෙසේවුවද, දේශනා කිරීමට හෝ පරිවර්තනය කිරීමට වෑයම් කරනවාට වඩා සමාජ අවශ්‍යතා සපුරාලීම වඩා වැදගත් බව අදදින සමහර මිෂනාරිවරුන්ට හැඟෙන බව පෙනෙන්ට තිබේ. ටයිම් සඟරාවේ “නව මිෂනාරිවරයා” යන මැයෙන් යුත් ලිපියක මෙසේ සඳහන් වේ: “මිෂනාරිවරුන් විසින් එළඹීමට වෑයම් කරන ලද ජනයාගේ මූලික ආර්ථික හා සමාජ ගැටලු සම්බන්ධයෙන් වැඩි හවුල්වීමක් වෙත රෙපරමාදු භක්තිකයන් අතර නැඹුරුවීමක් තිබී ඇත.” කතෝලික භක්තිකයන් සම්බන්ධයෙන් ගත් කල, එක්සත් ජනපදයෙන් එවූ ජේසු නිකායික සභාවල ප්‍රධානියා පැවසුවේ මිනිසුන්ට සේවය කිරීමට මූලික තැන දීමෙන් ක්‍රිස්තියානි විශ්වාසයන් බෙදාගැනීම දෙවන තැන ගෙන තිබෙන බවයි.” තවද කතෝලික සභාවක ලේකම්වරයෙක් මෙසේ වාද කළේය: “ආත්මය ගැළවේය යන චේතනාව අතීතයේදී අපට තිබුණා. . . . දැන්, දෙවියන්වහන්සේට ස්තුතිවන්ත වන්න, සියලු ජනයා හා සියලු ආගම් දැනටමත් දෙවියන්වහන්සේගේ කරුණාව හා ප්‍රේමය තුළ ජීවත්වන බවත් දෙවියන්වහන්සේගේ දයාව මගින් ආරක්ෂා වනු ඇති බවත් අපි විශ්වාස කරමු.”
යේසුස්වහන්සේ කළාක් මෙන් දේව වචනය ඉගැන්වීමට තවදුරටත් අවශ්‍ය නැති බව මින් අදහස් කරයිද?
තවමත් අවශ්‍යතාවක් තිබේද?
ස්වේච්ඡා සේවකයන් සියගණනක් විසින් 1985දී ජර්මනියේ හැම්බර්ග්හි නිවැසියන් 18,000කට පමණ දුරකථනයෙන් අමතනු ලැබීම පුවත්පතක නම් කළේ “දුරකථනයෙන් කළ විශාල මිෂනාරි වැඩක්” වශයෙනි. එමගින් නිසැකවම ඵලදැරුවේ ස්වල්පයකි. ඉකුත් දෙසැම්බර් මාසයේදී දි යෝරපියන් පුවත්පත මෙසේ ලීවේය: “ජර්මනියේ රෙපරමාදු සභාව . . . 1991 සිට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව 5,00,000කට වඩා අඩු වී තිබෙන ආකාරය දැක තිබේ.”
කුඩාවෙමින් පවතින රැළ ජර්මනියේ සභාවලට පමණක් සීමා වූවක් නොවේ. ලොවපුරා මිලියන සංඛ්‍යාත ජනයා ආගමට පිටු පා තිබෙන අතර තවදුරටත් 1990 ගණන්වල යථාර්ථයෙහි ජීවත්වන අයට අදාළ වේ යයි ඔවුහු නොසිතති. එහෙත් අප අදදින ලෝකයේ අන්ධකාරයට සාර්ථකව මුහුණ දීමට හා අනාගතය සඳහා වඩා හොඳ ලෝකයක් ගැන බලාපොරොත්තුව මගින් උසුලනු ලැබීමට නම් ක්‍රිස්තියානි ධර්මය ගැන දැනුමක් තිබීම වැදගත්ය. සියලු ජාතීන්ගේ ජනයා ගෝලයන් කරන්න යයි යේසුස්වහන්සේ දුන් අණ, හදිසි අවශ්‍යතාවක් සපුරාලීමේ වලංගු මාර්ගයකි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අදහස් කළේ ක්‍රිස්තියානි මිෂනාරිවරුන් ආලෝකයේ නියෝජිතයන් වීමට මිස, නමුත් අන්ධකාරයේ නියෝජිතයන් වීමට නොවේය. ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන් ඊට අනුකූල වී තිබෙන්නේ කෙසේද? ඔවුන් අනුගමනය කර තිබෙන්නේ කිනම් ආකෘතියද? g94 10/8
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Culver Pictures