අපගේ පාඨකයන්ගෙන්
අධික වෙහෙසින් දැවී යෑම “ඔබ අධික වෙහෙස වීමෙන් පීඩා විඳින්නෙහිද?” (1995 ජනවාරි 8, එවේක්!) යන ලිපි මාලාව සඳහා ඔබට ස්තුතියි. මා පුරෝගාමියෙක් ලෙස සේවය කළත්, මාස ගණනකට ශක්තියෙන් දුර්වලව සහ පෙලඹීම හීනවී ඇති බවක් මට හැඟී තිබෙනවා. මා පෞද්ගලිකවම ක්‍රියාවට යෙදවීමට යන කරුණු සමහරක් මෙම ලිපිය මට ඉදිරිපත් කර තිබුණා, විශේෂයෙන්ම අන් අයව විවේචනය කිරීමෙන් වැළැක්වීමට වූ යෝජනාව.
එම්. එස්., ජර්මනිය
මගේ ගැටලු මට අවසාන වශයෙන් වටහාගැනීමට හැකිවූ බැවින්, මේවා මට අතිවිශේෂ ලිපි වුණා. මා බිරිඳක් සහ දරුවන් හතරදෙනෙකුගේ මවක් සහ බිරිඳක් වන අතර, මට කිරීමට බොහෝ දේ තිබෙනවා. කනගාටුවට කාරණය නම්, මට මගේ පවුලේ අයගෙන් ලැබෙන්නේ ඉතාමත් අඩු අගය කිරීමක්. සංවේදී පුද්ගලයන් අතර මෙය පොදු ගැටලුවක් බව දැනගැනීමට ලැබීම මට මහත් සහනයකි. මෙවන් ලිපි පළ කිරීම කිසිදිනක නතර නොකරන්න!
ජේ. එම්., ඉතාලිය
මා විඩාව, උද්‍යෝගයේ ඌනතාව, අසරණ බව, බලාපොරොත්තු රහිතභාවය සහ අසනීප ගතියක් අද්දකිමින් සිටිනවා. මෙම ලිපිය කියවීමෙන් පසුව, මෙවන් හැඟීම්වලට මඟ පාදන සාධක කුමක්ද කියා මට වැටහී තිබෙනවා. තේරුම්ගනු ලබන බව හැඟී යෑම සහ යෙහෝවඃවහන්සේ සහ උන්වහන්සේගේ සංවිධානය මෙවන් දිරිගන්වනසුලු ලිපි ලිවීමට තරම් සැලකිල්ලක් දක්වන බව දැනගැනීම, කෙතරම් හොඳ දෙයක්ද කියා ඔබ දැනගන්නවාට මම කැමතියි.
සෙඩ්. එල්., එක්සත් ජනපදය
මට බෙතෙල් සේවය අත්හැරීමට සහ පසු කාලයේදී පුරෝගාමී සේවය අත්හැරීමට, අධික වෙහෙසින් දැවී යෑම දායක වුණා. වැඩිමහල්ලෙකු ලෙස සේවය කිරීම මා නතර කිරීමට ආසන්න තත්වයක සිටියා! අතීතයේදී මම අදහස් ප්‍රකාශ කිරීමට අසමත් වූ අවස්ථා දැන් මට පෙනෙනවා. මා මෙම ක්ෂේත්‍රයේ දියුණු වී ඇති අතර, මගේ මානසික ආකල්පය දැන් වඩා හොඳයි.
ඊ. ආර්., එක්සත් ජනපදය
වෙනත් ක්‍රිස්තියානි දේවසේවකයන්ද මෙම ගැටලුව විඳදරාගෙන, එය ජයගෙන ඇති බව දැනගැනීම දිරිගන්වනසුලුය.
සී. එල්., ස්විට්සර්ලන්තය
අවිවාහක මව්වරු “යෞවන අය අසති . . . අවිවාහක මව්වරුන්ට ඔවුන්ගේ තත්වයෙන් උපරිමය ලබාගත හැක්කේ කෙසේද?” (1994 ඔක්තෝබර් 8, එවේක්!) යන ලිපිය සඳහා ඔබට ස්තුතියි. ගර්භිණී වීම වැරදි ක්‍රියාවක් හේතුකොටගෙන සිදුවූ බව ඔබ පිළිගෙන තිබෙනවා. එහෙත් මෙය සිහිපත් කර, දැරියව තවත් අපහසුතාවකට පත් කරනවා වෙනුවට, ඔබ ප්‍රායෝගික, උපකාරවත් මඟ පෙන්වීම් ඉදිරිපත් කර තිබුණා.
ජේ. ඩී., එක්සත් ජනපදය
මම අවුරුදු දහයකට පෙර තනි දෙමාපියෙකු වුණා. එහෙත් යෙහෝවඃවහන්සේගේ සහ මගේ ක්‍රිස්තියානි දෙමාපියන්ගේ උපකාරය ඇතුව මා සාර්ථක වී තිබෙනවා. පාසැලෙන් පිටවීමෙන් පසුව මම වසර හයකට පූර්ණ-කාලීන දේවසේවකයෙකු ලෙස සේවය කර, දැන් වැඩිමහල්ලෙකු ලෙස සේවය කරන ක්‍රිස්තියානි පුරුෂයෙකුව විවාහ කරගත්තා. මම යෙහෝවඃවහන්සේගේ දයාවෙන් සහ කරුණාවෙන් මහත් සේ ප්‍රයෝජන ලබා ඇති අතර, මගේ අද්දැකීම අන් අයට උපකාර කිරීමට යොදාගැනීමට හැකිවී තිබෙනවා.
ඒ. එම්., එක්සත් ජනපදය
මෙම ලිපිය කියවද්දී මගේ කඳුළු ගැලීම නවත්වාගන්න බැරිවුණා. ඔබ විස්තර කර ඇති තත්වයම මා අද්දුටුවා. දැන් මා ක්‍රිස්තියානියෙකු වන නිසා, මගේ දියණියව තීක්ෂ්ණ බුද්ධියෙන්, ඇති දැඩි කිරීමට හැකිවීම ගැන මා සතුටු වෙනවා.
සී. ආර්. එස්., බ්‍රසීලය
ගෙරවීම “ඔබ නින්දේදී ගොරවන්නෙහිද?” (1994 දෙසැම්බර් 8) යන ලිපිය තුළ, ගෙරවීමෙන් ඇතිවිය හැකි උවදුරු සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබුණා. එහෙත් ඔබ තදින් ගොරවන්නෙකු නම්, ඔබට නිදා ඇප්නියාව ඇති බව ඔබ අඟවා තිබුණා. අනිවාර්යයෙන්ම එසේ නොවේ. ගෙරවීමට නැඹුරුවාව අප වයසින් මුහුකුරා යෑමත් සමඟම සිදුවෙනවා. එය අසාත්මිකතා සහ පීනසින් පැමිණෙන ගැටලු හේතුවෙන්ද සිදුවීමට හැකියි. එහෙත් තදින් ගෙරවීම සමඟ ටික වේලාවකට හුස්ම නොගැනීමක් සිදුවීම, හුස්මගැනීමේ අපහසුවක් හෝ නහයෙන් ශබ්ද නඟා හුස්මගැනීම, දවල් කාලයේ නිදිමත ගතිය හෝ විඩාව ඇතිවුවහොත්, මෙයට වගකිව හැක්කේ නිදා ඇප්නියාවයි. වඩාත් පොදු ප්‍රතිකාරය ශල්‍යකර්මය නොවේ, නමුත් නිදාගන්නා අතරතුරදී ශ්වසන මාර්ගයට බාධා නොකිරීමට, සංක්ෂිප්ත වාතය යොදාගන්නා උපක්‍රමයි.
සී. එස්., එක්සත් ජනපදය
අපි මෙවන් අදහස් අගය කරන අතර, අපගේ ලිපිය යම්කිසි වැරදි වටහාගැනීමක් ඇති කර තිබුණා නම් කනගාටු වෙමු. කලාතුරකින් සිදුවන ගෙරවීම අසාමාන්‍ය නොවන බව වෛද්‍ය විශේෂඥයෝ එකඟ වෙති. සෑම වෛද්‍ය ගැටලු මෙන්ම, යෝග්‍ය ප්‍රතිකාරය සඳහා වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කිරීම අත්‍යවශ්‍යතාවකි.—සංස්.