19 පාඩම
ක්ෂේත්‍ර සේවය දියුණු කිරීම සඳහා පාසල උපයෝගි කිරීම
1. අපේ ශිෂ්‍ය කථා සූදානම් කරන විට අප මනසේ තබා ගත යුත්තේ පාසලේ කුමන අරමුණ ද?
1 ක්ෂේත්‍ර සේවයේ දී වඩා කාර්ය සාධක වීමට අපට උපකාර කිරීම දිව්‍යාණ්ඩු සේවා පාසලේ ප්‍රධාන අරමුණුවලින් එකකි. ඔබේ පැවරුම් සූදානම් කරද්දී මෙය සිහියේ තබා ගන්න. දැනුම සඳහා ම දැනුම ලබා ගැනීමට පමණක් නොව, ක්ෂේත්‍ර සේවයේ ද, දේශනා සහ ඉගැන්වීම් කාර්ය සඳහා එම දැනුම උපයෝගි කරන ආකාරය ගැන ද උනන්දු වන්න.
2. සාක්ෂියක් දීම සඳහා ශිෂ්‍ය කථා පුහුණු වීම කළ හැක්කේ කෙසේ ද?
2 සමහරු, මිතුරන්, නෑදෑයන්, පාසල් ගුරුවරුන්, නොඇදහිලිකාර පවුල් සාමාජිකයන් සහ ඇහුම් කන් දීමට සූදානම් වෙනත් අය ඉදිරියේ ද තම පැවරුම් සඳහා පුහුණු වෙමින් ඒවා ඍජු ලෙස භාවිතා කරති. මෙසේ කිරීමෙන් කරුණු කිහිපයක් ඉටු වේ. තමාගේ කථාවට අන් අය දක්වන ප්‍රතිචාරය බලා අවශ්‍ය වෙනස්කම් කරමින් ශිෂ්‍යයාට තම කථාව දියුණු කළ හැක. ඇරත් වටිනා තොරතුරු ඉදිරිපත් කරන බව දකින අනෙක් පුද්ගලයාගේ උනන්දුව ප්‍රබෝධ කිරීමට මෙයට හැකියාවක් ඇත. සේවා පාසලට සහභාගි වීම පිණිස ඔහුට ඇරයුම් කිරීමට මෙය මඟක් ද විය හැක. බොහෝ පුද්ගලයන් ව රාජ්‍යය ශාලාවට හඳුන්වා දී ඇත්තේ මේ ක්‍රමයට ය. ජපානයේ එක්තරා සාක්ෂිකාරියක් පල්ලියේ සාමාජිකාවක් ව විශේෂයෙන් ම හමුවීමට ගොස් ඇය ඉදිරියේ තමාට පැවරී තිබූ සේවා පාසල් කථාව පුහුණු වූවා ය. “ ‘මහා බබිලෝනියෙන්’ නික්මයාමට දෙවියන් වහන්සේගේ සෙනඟ උපදෙස් ලබති” යන්න ඇයගේ තේමාව විය. ඒ ගැන උනන්දුව දැක් වූ එම කාන්තාව බයිබල් පාඩමකට එකඟ වූවා ය.
3. පාසලේ දී අප අසන දේ ක්ෂේත්‍ර සේවයේ දී යොදා ගැනීමට අප ව ප්‍රබෝධවත් කරන්නේ කුමක් ද?
3 ක්ෂේත්‍ර සේවය සම්බන්ධයෙන් කල්පනා කරන්න. අගනා තොරතුරු සම්භාරයක් ගැන දිව්‍යාණ්ඩු සේවා පාසලේ දී ඔබට අසන්නට ලැබේ, මෙයින් විශාල කොටසක් කෙළින් ම ක්ෂේත්‍ර සේවයේ දී උපයෝගි කළ හැක. බයිබලය විශ්වාස කිරීමට හේතු, මූල ධර්මය ගැන ප්‍රශ්නවලට පිළිතුරු, බයිබල් අනාවැකි සම්පූර්ණ වීම, සුවිශේෂ බයිබල් පද පැහැදිලි කිරීම සහ බයිබල් ප්‍රතිපත්ති දෛනික ජීවිතයට යොදා ගන්නා ආකාරය යනාදි කරුණු ගැන අපි එම වැඩසටහනෙන් සාකච්ඡා කරමු. මෙම තොරතුරු ක්ෂේත්‍ර සේවයේ දී උපයෝගි කිරීම සඳහා අවස්ථාව සාදා ගැනීමට වෑයම් කරන්න. යමෙක් ඒ ගැන ඔබෙන් ප්‍රශ්න කරන තුරු බලා සිටීමට අවශ්‍ය නැත. එය සුදුසු නම් ඔබ ම එම විෂය ඉදිරිපත් කරන්න. මෙය ඔබේ ම මනසට එම තොරතුරු කාවද්දන අතර, ක්ෂේත්‍ර සේවයේ දී එය ඔබ ව බහුශ්‍රැතයෙක් කරයි.
4. බයිබලය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් පාසල අපට උපකාරවත් විය හැක්කේ කෙසේ ද?
4 කෙළින් ම බයිබලය පාවිච්චි කිරීම අපේ සේවයේ කැපී පෙනෙන ලක්ෂණයකි. එහෙත් ඉක්මනින් සුදුසු ශුද්ධ ලියවිලි පද හරවා ගැනීම අපේ සමහර ප්‍රචාරකයන්ට ගැටලුවක් වී ඇත. ඔබටත් එසේ ම ද? එසේ නම්, ස්ථිර ප්‍රගතියක් ලබා ගැනීමට ඔබට උපකාර කිරීමට පාසලට හැක. කෙසේ ද? පාසලේ සෑම කථිකයෙක් සමඟ ම ඔබත් ඔබේ බයිබලය හරවන්න. කථිකයා ශුද්ධ ලියවිලි පදයක් කියවන විට, ඔබත් ඔබේ බයිබලය එයට හරවා ගන්න. ඔබ නැවත නැවත පද හරවා බලන විට, ඒවා ගැන ඔබ හොඳින් දැනගන්නට යන අතර, ඒවා පහසුවෙන් සොයා ගැනීමට ද ඔබට හැකි වනු ඇත. අවශ්‍ය වී ඇත්තේ පුහුණුවයි. ක්ෂේත්‍ර සේවයේ දී පමණක් නොව, සති පතා පාසලට සහභාගි වන විට දී ද ඔබට එම පුහුණුව ලබා ගත හැක. කථිකයන් විසින් කරන ලද අධ්‍යයනයෙන් ඔබට ද ප්‍රයෝජනය ලබා ගත හැක. තමන්ට පැවරී ඇති මාතෘකාවලට කෙළින් ම අදාළ පද ඔවුහු තෝරා ගනිති. ඔබ කථිකයන්ට ඇහුම් කන් දෙන විට, ඔබේ ම සේවයේ ඔබට භාවිතා කිරීමට අවශ්‍ය යයි ඔබ විශ්වාස කරන පදවල අදාළ කොටස් යටින් ඉරි නොගසන්නේ මන්ද? එමෙන් ම එම පද සහ අදාළ මාතෘකාව ඔබේ බයිබලයේ කවරයෙහි ඇතුළු පැත්තේ සටහන් කර ගැනීමට ඔබට අවශ්‍ය විය හැක. මේ අන්දමට පාසලේ දී ඔබ ඉගෙන ගන්නා දෙය ක්ෂේත්‍ර සේවයේ දී උපයෝගි කර ගැනීමට ඔබට පහසු වනු ඇත.
5, 6. අපේ කථාවලට තාත්වික පසුබිම් භාවිතා කිරීම, අපට උපකාරවත් වන්නේ කෙසේ ද?
5 ඔබේ කථා සූදානම් කරන විට, සුපරීක්ෂාකාරී ලෙස, පසුබිම් තෝරා ගැනීම ද ක්ෂේත්‍ර සේවය සඳහා පාසලෙන් ප්‍රයෝජන ලැබීමට ඔබට උපකාර වනු ඇත. හැකි නම් ක්ෂේත්‍ර සේවයේ දී මුහුණ දීමට සිදුවන සැබෑ තත්ත්වයන් පසුබිම් කර ගන්න. සමහර අවස්ථාවල දී ඔබේ කථාව ගෙයින්-ගෙට කරන දේශනාවක් හෝ අනියම් සාක්ෂියක් විය හැක. වෙනත් අවස්ථාවල දී එය නැවත හමුවීමේ සාකච්ඡාවක් වැනි ප්‍රායෝගික එකක් විය හැක. එසේත් නැත්නම්, නිවාස බයිබල් පාඩමක දී මතු විය හැකි කරුණක් වටා ඔබේ සාකච්ඡාව ගොඩ නැංවිය හැක. තත්ත්වය යථාර්ථවාදී කර ගැනීමට නිතර ම ප්රයත්න දරන්න. සමහර අවස්ථාවල දී ඔබ කියන දේ නිවැසියා විසින් ප්‍රතික්ෂේප කිරීමට සැලසුම් කිරීමෙන් තාත්විකභාවය දියුණු කිරීමට ඔබට හැකි වනු ඇත. ඉන් පසු එම තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේ දැයි ඔබට පෙන්වා දිය හැක. ක්ෂේත්‍ර සේවා තත්ත්වයන්ට ගැළපෙන කථා නිතර ම ක්ෂණික සාර්ථකත්වයට මඟ පෑදීමට අවශ්‍ය නැත; එවන් විටක දී උනන්දුව හීනකමට මුහුණ දෙන්නේ කෙසේ දැයි පෙන්වා දීම වටිනා දෙයකි.
6 ඔබට පැවරෙන්නේ නිවැසියෙකුගේ කොටස වුවත්, එය ක්ෂේත්‍ර සේවයේ දී ප්‍රයෝජනය වන ආකාරයට යොදා ගත හැක. නිවැසියන් සිතන ආකාරය වටහා ගැනීමට මෙම අවස්ථාව උපයෝගි කර ගන්න. එමෙන් ම ඔවුහු විරෝධය පාන්නේ කුමක් නිසා දැයි වටහා ගැනීමට වෑයම් කරන්න. එවැනි නිවැසියෙක් හැටියට ඔබේ යථාර්ථවාදී රඟපෑම් සහ එම තත්ත්වයට කථිකයා මුහුණ දෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් සේවයේ කාර්ය සාධක වීමට ඔබ ව පුහුණු කරයි.
7. අඛණ්ඩ ප්‍රගතියක් ලබා ගැනීම සඳහා සෑම සතියක් තුළ ම අපේ සේවයේ දියුණු වීමට අපට වෑයම් කළ හැක්කේ කුමන කරුණක් ගැන ද?
7 දිව්‍යාණ්ඩු සේවා පාසලේ ගුරු පොතෙන් කථාවක් දෙනු ලබන විට, ගෙයින් ගෙට සේවයේ දී හෝ වෙනත් තැනක දී ඔබේ ම මෙහෙය දියුණු කර ගැනීමට එම උපදෙස් යොදා ගන්නේ කෙසේ දැයි විග්රහ කර බලන්න. එය එම සතියේ ඔබේ සේවය සඳහා දියුණු කිරීමට තිබෙන ප්‍රධාන කරුණ කර නොගන්නේ මන්ද? නිදසුනක් හැටියට, එම කථාව සඳහා තේමාවක් අවශ්‍ය වූ විට, ක්ෂේත්‍ර සේවයේ දී ඔබේ දේශනාවට තේමාවක් ඇද්දැයි ඔබෙන් ම අසා ගන්න. ඔබ ගෙවැසියන්ට කථා කළායින් පසු එය ඔවුන්ගේ මනසේ පැලපදියම් වන තරමට ම ඔබ එය කැපී පෙනෙන්ට සලස්වන්නෙහි ද? එසේ නොවන්නේ නම් සතිය තුළ එසේ කිරීමට පුහුණු වන්න. එමෙන් ම ශුද්ධ ලියවිලි පද කියවීම සහ ඒවායේ අදාළත්වය පෙන්වා දීම ගැන තොරතුරු ද ඔබට අසන්නට ලැබෙනවා ඇත. ඔබ මෙම කථාවට සවන් දෙන අතර, ඔබ ම ශුද්ධ ලියවිලි භාවිතා කරන ආකාරය ගැන විග්රහ කර බලන්න. ඔබ ඒවා නිවැසියාට පැහැදිලි නොකොට ඔහුට එය කියවීමෙන් පමණක් නතර කරන්නෙහි ද? තේමාවට ඔබ තෝරා ගත් පද සම්බන්ධ කරන්නේ කෙසේ ද? නිවැසියාට ඒවායේ අදාළත්වය පෙන්වා දෙන්නේ කෙසේ ද? එවැනි විග්‍රහයක් ශුද්ධ ලියවිලි පද කියවීම සහ ඒවා යොදා ගන්නා ආකාරය දියුණු කර ගැනීමට ඔබට උපකාර වනු ඇත. කථාව උපහැරණ ගැන ද? උපහැරණ භාවිතය සම්බන්ධයෙන් ඔබට දියුණු විය හැක්කේ කෙසේ ද? එසේත් නැත්නම් කථාව නිවාස බයිබල් පාඩමක දී උගන්වන ආකාරය විය හැක. නිවාස බයිබල් පාඩම්වල දී එම කරුණු යොදා ගන්නේ කෙසේදැයි සෝදිසි කිරීම සඳහා ඔබේ ම ඉගැන්වීම් ක්‍රම පරීක්ෂා කර බලන්න. එම සතිය තුළ ම එසේ කරන්න. මේ අන්දමට ඔබේ ක්ෂේත්‍ර සේවය දියුණු කිරීමට දිව්‍යාණ්ඩු සේවා පාසලෙන් ඔබ ඉගෙන ගන්නා වූ දෙය ඔබ භාවිතා කරනු ඇත.
8. ක්ෂේත්‍ර සේවයෙහි යෙදෙන විට අප අපට ම අවවාද දිය හැක්කේ කෙසේද?
8 ඔබේ ම ඉදිරිපත් කිරීම විග්රහ කර බලන්න. පාසලේ දී දෙනු ලබන උපදෙස් ඔබට ඇසෙන අතර එහි ප්‍රයෝජන ඔබට නිති පතා නිරීක්ෂණය කළ හැකි ය. ක්ෂේත්‍ර සේවයේ දී නිවෙස්වලට යන විට පාසල් අවේක්ෂක ඔබ සමඟ නොසිටියත් ඔබ ඔබට ම අවවාද දීම පුරුද්දක් කර නොගන්නේ මන්ද? ඔබ නිවැසියෙකුට කථා කොට ඊළඟ නිවසට ඇවිද ගෙන යන විට, ඔබෙන් ම විමසන්න: වඩා කාර්ය සාධක වීමට මට කළ හැකි ව තිබුණේ කුමක් ද? දැන් මා කළ යුතු දෙය දන්නා බැවින්, එම ගෙදරට නැවත යන්නට හැකි නම් මා හට වෙනත් ආකාරයකින් කළ හැක්කේ කුමක් ද? එවැනි විග්‍රහයක් ඔබට එදින ම උපකාරයක් විය හැක. මක්නිසා ද, වෙනත් නිවසක ඊට සමාන තත්ත්වයන්ට මුහුණ දීමට ඔබට සිදු විය හැක. ගෙයින්-ගෙට යන විට ඔබේ ඉදිරිපත් කිරීම විග්රහ කිරීම ඔබ පුරුද්දක් කර ගන්නෙහි නම්, දියුණුව ස්ථිර වනු ඇත. එමෙන් ම ඔබ වෙනත් ප්‍රචාරකයෙක් සමඟ වැඩ කරන විට ඔහුගෙන් ද ඔබට යෝජනා ලබා ගත හැක.
9, 10. අප ඉගෙන ගන්නා දේ ක්ෂේත්‍ර සේවයට යොදා ගැනීම සඳහා නිවසේ දී පෙර පුහුණු වීම් පැවැත්වීමේ දී අපට කුමක් කළ හැකි ද?
9 ඔබේ ඉදිරිපත් කිරීම්වල කාර්ය සාධකත්වය දියුණු කිරීමට අගනා ක්‍රමයක් නම්, අන් අය සමඟ පුහුණු වී ඉන් පසු සාමුහික ව එය විග්රහ කර බැලීමයි. ඔබේ පවුලේ සාමාජිකයන් සමඟ හෝ සභාවේ වෙනත් අය සමඟ හෝ ඔබට එය කළ හැක. නිවැසියන් වශයෙන් ක්‍රියා කරමින් පොදු විරෝධතා මතු කරන ලෙස ඔවුනට කියන්න. එවැනි විරෝධතා මතු කළ විට ඔබ ඒවාට පිළිතුරු දෙන ආකාරය දන්නේ නම් එසේ කරන්න. ඔබ එසේ නොදන්නේ නම්, ඔබේ කථාව නවතා එතැන සිටින අයගෙන් යෝජනා ලබා ගන්න. ඉන් පසු නැවත කථාව කරන්න, මේ වතාවේ දී ඉදිරිපත් කරන ලද අදහස් ප්‍රයෝජනයට ගන්න. ඔබේ කථාව අවසානයේ දී කළ දේ පිළිබඳ කාර්ය සාධක භාවය ගැන සාමුහික ව විග්රහ කරන්න. නිවසේ දී පවත්වනු ලබන එවැනි පුහුණුවීම් පංති ඔබේ ඉදිරිපත් කිරීම දියුණු කිරීමට උපකාර විය හැක, ඇරත් ඔබ ක්ෂේත්රයට යන්නට කලින් ඔබේ වැරදි නිවැරදි කර ගැනීමට එය හොඳ අවස්ථාවකි. පාසලේ දී ඉගෙන ගත් ප්‍රතිපත්ති ක්ෂේත්‍ර සේවයට යොදා ගැනීමට මෙවැනි පුහුණු වීම් ඔබට උපකාර විය හැක. පරිණත පුද්ගලයෝ වනාහි “යහපත සහ අයහපත විමසා බලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්‍රියන් ඇති” අය යයි ප්‍රේරිත පාවුල් පැවසූ බව මතක තබා ගන්න. (හෙබ්‍රෙ. 5:14) අපේ අවබෝධ ශක්තීන් දියුණු කළ හැකි එක් ක්‍රමයක් නම් පෙර පුහුණු වීම් පැවැත්වීමේ දී ඒවා භාවිතා කිරීමෙන් ය.
10 දිව්‍යාණ්ඩු සේවා පාසල වනාහි අපේ පුහුණුව සඳහා යෙහෝවඃ වහන්සේගෙන් අප ලද ත්‍යාගශීලී දීමනාවලින් එකකි. අප එහි පාඩම් ඉගෙන ඒවා ක්‍රියාවට නගන විට දිවැස්වරයා සමඟ මෙසේ කියන්නට හැකි වනු ඇත: “විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] උගතුන්ගේ දිව මට දී තිබේ. ගෝලයන් මෙන් ඇසීමට උන්වහන්සේ උදයක් පාසා පුබුදුවනසේක.”—යෙසා. 50:4.